බුගාටි සමාගම ලොව වේගවත්ම, මිල අධිකම මෝටර් රථ සැදීමට මෙන්ම මාදිලිවල සීමිත රථ ගණනක් නිපදවීමටද ප්‍රසිද්ධියක්
උසුලයි. වසර 2000න් පසු නිපදවූ බුගාටි මාදිලි සියල්ලක්ම පාහේ සීමිත
මාදිලිවේ. ඒව අතරින් ලොවටම එක් රථයක් ලෙස නිපදවූ
මාදිලි 3ක් පමණක් පිළිබද කරුනු පහත දැක්වේ.
1.ලා වචුවන් නෝඅර්(Bugatti la voiture noire).
2019 වසරේදී ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද මෙම රථය ආරම්භක
අවස්ථාවේදී වැඩිම මිලකට අලෙවිවූ රථය ලෙසද සැලකේ. ඉහත සදහන් ආකාරය ලොවටම එක් රථයක් ලෙස
නිපදවූ මෙම මෝටර් රථය නිපදවීමට හේතුව වන්නේ ලෝක යුධ සමයේදී අතුරුදහන් වූ බුගාටි ටයිප් 57
SC අට්ලාන්ටික්(Bugatti
Type 57 sc atlantic ) රථය වර්ථමානයට ගැලපෙන අයුරින් හදුන්වා දීමට
වේ. la voiture noireහි අර්ථය වන්නේ “කළු කාරය” යන්න වේ.
බුගාටි සමාගම විසින් ටයිප් 57 රථ 4ක් නිපදවූ අතර ඒ අතරින් වඩාත්ම වටිනා රථය
වන්නේ ටයිප් 57 අට්ලාන්ටික් රථය වේ. අද වන විට
මෙම කාරයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන
100 (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 2000) ඉක්මවා ගොස් තිබෙනවා.
Bugatti සමාගම විසින් la
voiture noire රථය නිපදවන අතරතුරදීම පාරිභෝගිකයෙකු පැමින
රථය මිලදී ගැනීමට කැමැත්ත පළකර තිබෙන අතර මෙම රථය සදහා ඇමරිකානු මිලියන 15ත් 19ත් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 300ත් 480ත් අතර මුදලක්) අතර මුදලක් ගෙවූ බව සදහන්
වේ. මෙම රථය ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින මිලදී
ගත් බව සදහන් වන මුත් එය සත්‍ය නොවේ. ඔහු විසින් මිලදී ගෙන තිබෙන්නේ රථ
10 ක්
පමණක් නිපදවූ බුගාටි චෙන්ටෝදියච්චේ(Bugatti centodieci) රථයක් බව සදහන් වේ.
2. බුගාටි විෂන් ග්‍රැන්ට් ටුරිස්මෝ.Bugatti vision grant turismo.
2015 වසරේදී බුගාටි සමාගම විසින් විෂන් ග්‍රැන්ට්
ටුරිස්මෝ රථය ලොවට හදුන්වා දෙන ලදි. මෙම රථය නිපදවීමට එක් හේතුවක් වන්නේ ග්‍රැන්ට්
ටුරිස්මෝ පරිගණක ක්‍රීඩා මාලාව සදහා රථයක් හදුන්වා දීමට වේ.
අනෙක් හේතුවක් ලෙස අනාගත බුගාටි
රථ පිළිබද අදහසක් ලෝකයාට ඉදිරිපත් කිරීම වේ. මෙම රථය ධාවන පථවල ධාවනයට නිපදවන්නක් වන
අතර මෙහි අන්තර ගත කර ඇත්තේ එක් අසුනක් පමණි.
මෙම රථය හෙසී ශේක්ඩ්(Hezy
shaked) නැමති ව්‍යපාරිකයා මිලදී ගෙන තිබෙන අතර මෙම රථයේ මිල සහ විකිනූ ආකාරය
පිළිබද පැහැදිලිව කිව නොහැක. මෙම රථය සදහා රහසිගත වෙන්දේසියක් පැවැත්වූ බව සදහන් වන
නමුත් පැහැදිලි සටහනක් නොමැත.
3. බුගාටි ඇට්ලාන්ටික්
(Bugatti atlantic).
මෙම රථයද 2015 වසරේදී ඉදිරිපත් කිරිමට නිපදවූ නමුත් ලොවට
හදුන්වා දෙනු නොලැබීය. එමෙන්ම මෙම මාදිලියෙන් තවත් රථ ගණනාවක් නිපදවීමටද බුගාටි සමාගම
අපේක්ෂා කල නමුත් පළමු රථය නිපදවූ පසු නිෂ්පාදන කටයුතු නතර කර තිබේ.
මෙම රථය නිපදවීමේදී මෙහි මිල බුගාටි චිරොන් රථයට වඩා අඩුවිය යුතු යැයි
බුගාටි සමාගම විසින් තීරණය කර තිබේ. එමනිසා මෙම රථයේ භාවිතාවන සමහර කොටස් බුගාටි සමාගම
අයත්වන වොක්ස්වැගන් සමූහ ව්‍යාපාරයේ අනෙකුත් සමාගම් වලින ලබා ගෙන ඇත.
ඇට්ලාන්ටික් රථය සදහා දහන එන්ජිමක් හෝ විද්‍යුත් මෝටර අන්තර්ගත කිරීමට බුගාටි සමාගම විසින් සැලසුම් සකස් කර තිබේ. අනාගතයේදී මෙම මාදිලියෙන් තවත් රථ නිපදවනවා දැයි සදහන් නොවන නමුත් බලාපොරොත්තු තැබිය හැක.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment