2nd Gen ෆෝර්ඩ් GT. ෆෝර්ඩ් සමාගම තෝරාගත් පුද්ගලයින් සදහා පමණක් මිලදී ගත හැකි වූ රථය. (2nd Gen Ford GT in sinhala).
ලොව පැරණිතම මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන ඇමරිකාවේ ෆෝර්ඩ් සමාගම
විසින් 2005 වසරේදී 1st gen
ෆෝර්ඩ්
GT
මාදිලියෙන් රථ නිර්මාණය කිරීම ආරම්භ කරන ලදී. එම මාදිලියේම වර්තමානයට ගැළපෙන පරිදි
නව ෆෝර්ඩ් GT මාදිලිය ලෙස 2nd Gen ෆෝර්ඩ් GT මාදිලිය හදුන්වා දෙන ලදී. මෙම රථය සදහා
භාවිත කර තිබෙන්නේ අශ්වබල 647ක් නිපදවන V6
එන්ජිමක්
වේ. මෙම රථයේ උපරිම වේගය ආසන්න වශයෙන් 215mph පමණ වන අතර රථයට 0 සිට 100kmhක වේගයක් ලබා ගැනීම සදහා තත්ත්පර 2.8ක
පමණ කාලයක් ගතවන බවද සදහන් වේ.
මෙම මාදිලිය සදහා භාවිත කර තිබෙන්නේ Butterfly style ආකාරයේ දොරවල් වන අතර රථයේ ඇතුළත
(interior) පිළිබදව සැලකූවිට අනෙකුත් බොහොමයක් රථවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර
ඊට හේතුව වන්නේ රථය නිර්මාණය කිරීමේදී ෆෝර්ඩ් සමාගම විසින් මෙම මාදිලිය නිර්මාණය
කිරීමේදී Aero dynamic පිළිබදව වැඩි අවදානයක් යොමු කර තිබීම වේ. මෙබැවින්
රථයේ වහළයේ සිට පිටුපස ස්පොයිලරය දක්වා කොටස V අක්ෂරයේ හැඩයට නිර්මාණ්ය කර තිබෙන අතර
මෙම නිසා ඊට දෙපසින් පහසුවෙන් සුළං ගමන් කිරීමේ ඉඩ පහසුව සලසා දී තිබේ.
මෙම රථයේ ඇතුළත ප්‍රමාණයෙන් කුඩා බව මෙන්ම අනෙකුත් රථවලට සාපේක්ෂව
සරල බවක්ද මෙම රථයේදී දැක ගත හැකි වේ. රථයේ භාවිතය සදහා අවශ්‍ය බොහොමයක් බොත්තම්
රථයේ සුක්කානමේ අන්තර ගත කිරීමට ෆෝර්ඩ් සමාගම විසින් කටයුතු කර තිබෙන අතර හැරවුම්
ආලෝක (Signal lights) , ප්‍රධාන ලාම්පු ආලෝක(head
light) ,ධාවන ආකර තෝරා ගැනීම (drive mode selecter) වැනිදෑ එහි අන්තරගත කර තිබෙන්නු දක්නට
ලැබේ.
මෙහි wet, sport සහ track ලෙස ධාවන ආකාර තුනක් දැක ගත හැකි වේ. මෙහි
ධාවන ආකරයට රථය පත් කල විට රථයේ ස්පොයිලරය වැඩි වාතෙරපුමක් ඇති කිරීම සදහා ඉහළට
එසවෙන අතරම රථය විසින් පොළොව සහ රථය අතර පරතරය අඩු කර ගැනීමද සිදු වේ. මෙම රථයේ
වේගමාපය ලෙස දක්නට ලැබෙන්න්නේ ඩිජිටල් තිරයක් වන අතර මෙහි පෙන්වනු ලබන තොරතුරු
ධාවන ආකාරය අනුව වෙනස් කර ගැනීමද සිදු කරනු ලැබේ. රියදුරු සහ මගී අසුන් අතරට වන්නට
රථය පණ ගැන්වීමේ විසන්ධි කිරීමේ බොත්තම, රථයේ lifting පද්ධතියේ බොත්තම, සස්පෙන්ශන් වලට අදාළ බොත්තම වැනිදේ
අන්තර්ගත කර තිබේ.
ෆෝර්ඩ් සමාගම විසින් මෙම මාදිලිය සදහා කාබන් ෆයිබර් පැකේජයක් ලෙසට තෝරා
ගැනීමේ අවස්ථාවන පාරිභෝගියයින්ට ලබා දෙන ලදී. මෙහි රථයේ මදින් කාබන් ෆයිබර් තීරුවක්
front and rear diffuser, side panels වැනි අංග කිහිපයක් අන්තර්ගත විය.
මෙම
රථයට ස්පොයිලරයක් අන්තර්ගත වන අතර එය රථයේ වේගය අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට
අමතරව රථයේ ධාවන ආකරය බවට පත් කිරීමේදීද ක්‍රියාත්මක වී පවතී.
මෙම මාදිලියේ රථයක් මිලදී ගැනීම සදහා ප්‍රථමව ෆෝර්ඩ් සමාගමට අයදුම් කලයුතු
වේ. ඉන් පසුව ෆෝර්ඩ් සමාගම විසින් තෝරාගනු ලැබූ පාරිභෝගිකයින් සදහා පමණක් රථයක් මිලදී
ගැනීමේ හැකියාව ලැබිණි. මෙම රථයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර්
මිලියනයකට (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රුපියල් කෝටි 20කට) පමණ ආසන්න වේ.
මෙම
රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment