ඉතාලියේ පගානි සමාගම විසින් 2011 වසරේදී හුවයිරා රථය ලොවට හදුන්වා දෙන ලදී. මෙම රථයට
භාවිතා කරනු ලබන්නේ මර්සිඩීස් සමාගම විසින් නිපදවන ලද අශ්වබල 730 ක් නිපදවන
ටර්බෝ
චාජර් දෙකකින් සමන්විත V12
AMG එන්ජිමක් වේ. 0mph
සිට
60mph දක්වා වේගයක් ලබා ගැනීමට මෙම රථයට ගතවන කාලය තත්ත්පර
2.8 ක් වන අතර මෙහි උපරිම වේගය ලෙස සටහන් වන්නේ ආසන්න වශයෙන් 240mph
ක් වේ. එමෙන්ම සීමිත මාදිලියක් ලෙස හදුන්වා දුන් බැවින්
හුවයිරා coupe රථ 100ක් පමණක් නිපදවන ලදී.
මෙම රථයේ ඇතුලත ඉතාමත් අලංකාරව නිර්මාණය කිරීමට පගානි සමාගම විසින් කටයුතු
කර තිබේ . මෙහි වේගමාපකය කොටස් 5කින් සමන්විත වන අතර ඉන් එකක් පමණක් ඩිජිටල් තිරයක් වන අතර ඉතිරි හතර
නිපදවා තිබෙන්නේ දෘඩමය ද්‍රව්‍ය වලින් වේ. එවා නිපදවා තිබෙන්නේ ස්විස්ටර්ලන්තයේ නිපදවන
ඔරලෝසු ආකෘතිවලට සමාන ආකාරයට වේ. මෙම රථයේ වේගමාපකයේ සහ රථය තුල ඇති බල්බ
වල වර්ණය වෙනස් කිරීමටද හැකියාව ඇත.
මෙහි පැරණි ගුවන් යාන්වාල දක්නට ලැබෙන ආකාරයේ ස්විච සහ තවත් ලක්ෂණ පගානි සමාගම විසින් අන්තර්ගත කර තිබේ. මෙහි යතුර වෙනත් රථවල දක්නට නොලැබෙන ආකාරයේ එකක් වේ. එය රථයේ හැඩයට සමාන අලුමිනියම් වලින් නිර්මාණය කරන ලද්දක් වේ. එහි ඉදිරි පස කොටස ඉවත් කල විට රථය පණ ගැන්වීමට අවශ්‍ය යතුර ලැබේ. මෙම රථය පණගැන්වීම සදහා බොත්තමක් නොමැති පැරණි රථවල මෙන් යතුරෙන් පණගැන්විය යුතුවේ.
තමා මිලදී ගත් රථයට නමක් යෙදීමේ අවස්ථාවද
පගානි සමාගම විසින් පාරිභෝගිකයාට ලබා දී ඇති අතර තමා මිලදී ගනු ලැබු වේ කීවෙනි රථයද
යන්න දැක්වෙන්නක් අසුන් දෙක අසල පිටුපසින් සදහන් කර තිබේ. (සමහර අවස්ථා වලදී පාරිභෝගික අවශ්‍යතාවය අනුව මෙය වෙනස් වේ.)
හුවයිරා රථයේද පැඩල් ශිෆ්ට් තිබෙන
නමුත් ඊට අමතරව ගියරයක්ද පගානි සමාගම විසින් අන්තර්ගත කර තිබේ. මෙම රථයේ launch
බොත්තම
රථය තුල ඇති පිටුපස බලන කණ්නාඩියට ඉහල වහලයේ පිහිටා තිබේ.
මෙම රථයට තනි active spoilerයක් නොමැති අතර ඒ වෙනුවට wing 4ක් අන්තර් ගත කර තිබේ. ඉන් දෙකක් ඉදිරි පසින්ද දෙකක් පිටුපසින්ද වන්නට පිහිටා තිබෙන අතර මේවා වෙන වෙනම ක්‍රියාකරනු ලැබේ. ඒවා මගින් රථය වංගුවක් හැරවීමේදී වංගුව හරවන පැත්තට වන්නට ඇති ඉදිරිපස සහ පිටුපස වින්ග් 2ක් ඉහලට ඉස්සීමෙන් රථය මත වාත තෙරපුම වැඩිකර පොළොව දෙසට වැඩි බලයක් යොදනු ලැබේ. මේ නිසා රථයේ ස්ථාවරත්වය වැඩිවේ.
මෙම රථය සමග හුවයිරා නාමය යෙදූ බැග් 4ක්ද හිමිවේ. ඉන් දෙකක් රථයේ අසුන් දෙකට පිටුපසින්ද
ඉතිරි බැග් දෙක රථයේ පිටුපස එන්ජින් ආවරණය ඉවත්කල පසු කාබන් ෆයිබර් පියන් වලින් ආවරණය
කර තිබෙන කොටසේද දක්නට ලැබේ.
හුවයිරා රථයට ටෙම්පැස්ටර් පැක් ලෙස අමතර හැඩලින් ආකාරයක් පගානි සමාගම විසින් නිකුත් කල අතර එහි මිල ඇමරිකානු ඩොලර් 180 000 (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 3.6) ලෙසද සදහන් වේ.
මෙම රථය දුම් කවුළු 4කින් සමන්විතවන අතර ඒවා සමචතුරස්‍රාකාරව රථයේ පිටුපස ඉහළට වන්නට පිහිටා
තිබේ.
මෙම රථයේ ඇති ගෝවින්ග් දොරවල් දෙක, පිටුපස එන්ජින් ආවරණය සහ ඉදිරිපස බොනට්‍ටුව විවෘත
කල විට එය ට්‍රාන්ස්ෆෝමර් ආකාරය ලෙස හැදින්වේ.
හුවයිරා රථය හදුන්වා දුන් කාලවකවානුවේදී
මෙහි මිල ඇමරිකානු ඩොලර් මිලියන දෙකක්ට(මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 40 ) වඩා අඩු වූ නමුත් මේ අවස්ථාව වන විට රථයේ
මිල ඇමරිකානු ඩොලර් මිලියන තුනකට(මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 60) ආසන්නවේ.
තවත් ලක්ෂණ
Comments
Post a Comment