මැක්ලරන් P1. මැක්ලරන් සමාගමේ හයිබ්‍රිඩ් හයිපකාරය. (Mclaren P1 in sinhala)



                           2013 වසරේ දී මැක්ලරන් සමාගම විසින් P1  රථය හදුන්වා දෙන ලදී.  මෙම රථය හයිපර් කාර් ගණයට අයත් හයිබ්‍රිඩ් මොටර් රථයකි. එනම් සාමන්‍ය දහන එන්ජ්මට අමතරව විද්‍යුත් මෝටරයද රථයට අන්තර් ගත වේ. මෙම රථය ටර්බෝ චාජර දෙකක් සහිත V8 එන්ජිමකින් සමන්විත වන අතර එමගින් අශ්වබල 727 නිපදවන ලබයි. රථයේ විද්‍යුත් මෝටරය මගින් අමතර අශ්වබල 176 ද නිපදවන අතර රථයේ මුළු  ප්‍රතිදානය ලෙස අශ්වබල 903 නිපදවනු ලබයි. P1 රථය 0 සිට 60mph දක්වා වේගයක් ලබා ගැනීමට ගත වන කාලය තත්ත්පර 2.ලෙස සටහන් වේ. රථයේ උපරිම වේගය ලෙස 217mph සටහන් වන අතර රථයේ පි‍ටුපස රෝද වලින් පමණක් බලය යොදනු ලැබේ.(  Rear wheel drive .)


මෙම රථයේ දොරවල් සමනලයෙකුගේ ත‍ටුදෙක ( Butter style ) ආකාරයට විවුර්ත වන වේ. මෙම මාදිලියේ රථයෙ වහලයේ වීදුරු කවුළු රියදුරු සහ මගී අසුනට ඉහලින් පිහිටා ඇත.


 



රථයේ රියදුරු සහ මගී අසුන අතර කොටසේ රථයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට ඇති බොත්තම් සහ රථයේ ප්‍රධාන තිරය අන්තර් ගතවන අතරවන අතර ප්‍රධාන තිරයට ඉහලින් රථය පණගැන්වීමට සහ විසන්ධි කිරීමට අවශ්‍යය බොත්තම තිබෙන අතර ඒ අසලම E-mode සහ Charge සටහන් බොත්තම් ද්විත්වයක් දක්නට ලැබේ.       

 



E-mode ලෙස සටහන් බොත්තම මගින් රථයේ දහන එන්ජිමේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතරකර විද්‍යුත් මෝටර් මගින් ජනනය කරනු ලබන විද්යුත් බලයෙන් පමණක් රථය ක්‍රියාත්මක කිරීම සිදු කරයි. මගින් රථය සැතපුම් 5 ත් 10 ත් අතර දුරක් ධාවනය කල හැකි බව සදහන් වේ.

 


Charge යන බොත්තම මගින් රථය දහන එන්ජිම මගින් ක්‍රියත්මක වන විට විද්‍යුත් මෝටර් ක්‍රියත්මක කිරීමට අවශ්‍ය විදුලිය ජනනය කර රථයේ බැටරියේ ගබඩා කිරීම සිදු කරනු ලබයි. එම ආකාරයට අමතරව රථයේ බැටරිය ආරෝපණය කිරීමට නිවසේ ඇති විදුලියටද සම්බන්ධ කල හැක. ඒ සදහා අවශ්‍ය විශේශ චාජරයක්ද රථය මිලදී ගැනීමේදී අයිතිකරුට හිමි වේ. එම චාජරය රථයට සම්බන්ධ කිරීමට ඇති ස්ථනය රථයේ දකුණු පස වහලයේ ඇති අතර රථයට ඉන්ධන යෙදිය යුතු ස්ථානය  ඊට සමාන්තරව රථයේ වම් පස වහලයේ පිහිටා ඇත.




මෙහි තිරිංග ආලෝක බල්බ රථයේ පි‍ටුපස හැඩයට සමානව කුඩා තීරුවක් ලෙස දක් ව ඇත්තේ මැක්ලරෙන් සමාගම ඒ ගැන නොතකා රථයේ හැඩය ගැන පමණක් අවදානය යොමුකරන බව පෙන්වා අවශ්‍යම බැවින් යෙදූ බව දැක්වීමට මෙන්වේ. එන්ජිමේ සිසිලනයට අවශ්‍ය වාතය ලබා ගැනීම සදහා වහලයේ roofscoopයක් ද දැකිය හැක..

 

මෙම රථයේ ධාවන ආකාර තේරීමේදී  Power tarin සහ Handling ලෙස කරකැවිය හැකි ස්විච දෙකක් දැකිය හැකි අතර ඒව සාමාන්‍ය ක්‍රීඩා ධාවන පථ ආකාරය වෙනමම වර්ග කර ඇත. එය ක්‍රියාත්මක කිරීමට පෙර  Active ලෙස නම් කර ඇති බොත්ත්ම එබීම අනිවාර්ය්‍ය වේ. එම ස්විච දෙකට පහලින් Launch , Race , Boost ලෙස නම් කර ඇති තවත් බොත්තම් තුනක් දක්නට ලැබෙන අතර ඒවා අතරින් Race ලෙස නම් කර ඇති බොත්ත්ම විශේශ වේ. රේස් ආකාරය ක්‍රියත්මක කිරීමේ බොත්ත්ම මගින් රථයේ ඇති ක්‍රියාකාරී Spoiler ඉහලට එසවීමට අමතරව රථයේ උස අඩුකර ගැනීම මගින්  රථය සහ පොළාව අතර පරතරය අඩුකර ගනී.




මැක්ලරන් P1 රථයේ සම්පූර්ණ කාබන් ෆයිබර් නිමකල රථ 25 ක් ( රථ 5 ක් ලෙසද සමහර අවස්ථා වලදී සදහන් වේ. ) නිකුත් කිරීමට මැක්ලරන් සමාගම තීරණය කරන ලදී. ඉන් පසු P1 රථ හිමිකරුවන්ගෙන් ඔවුන්ගේ රථ කාබන් ෆ්යිබර් වලින් නිම කිරීමට අවශ්‍ය දැයි අසා රථ 25ක් නිමකරන ලදී.


ඒ සදහා මැක්ලරන් සමාගම අමතර මුදලක් අයකරන ලද අතර එම රථ 25 MSO ( Mclaren Special operation යන නාමය. ) වෙත නැවත ගෙන්වා ගන්නා ලදී. එම රථ නැවත හිමිකරුවන් වෙත යැවීම සදහා මාස ක පමණ කාලයක් ගත වූ බව වාර්තා වේ.

 

එමෙන්ම රථවල හිමිකරුවන් හට තමා මිලදී ගත් රථයේ වර්ණ සාම්පලයක් රථයට සමාන කුඩා ප්‍රමාණයේ ආකෘතියක් P1 රථයේ විස්තර දැක්වෙන පොතක් සහ ලෙදර් ෆයිල් කවරයක් තුල දමන ලද ස්තූති කරන ලද ලියමනක් සමග මිල දී ගත් රථයේ චැසි නම්බරය දැක්වෙන ඇලුමිනියම් කාර්ඩ්පතක් මැක්ලරන් සමාගම විසින් නිකුත් කරන ලදී.

 

මැක්ලරන් සමාගම විසින් සීමිත මාදිලියක් ලෙස නිපදවා ඇති P1 රථ 375 පමණකි නිශ්පදනය කර ඇත. මෙම අවස්ථාව වනවිට මෙම මාදිලියේ රථයක් මිලදී ගැනීම සදහා සදහා මිල ගණන් ලෙස $1 400 000 ත් $ 2 200 000 (මෙරට බදු රහිතව ආසන්න වශයෙන්  රු 257,600,000 ත් රු 404,800,00) අතර අගයක් වේ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව මිල වේරථ සියල්ලම මේවන විට විකිණී අවසන්ව ඇති නමුත් භාවිත කරන ලද රථයක් මිලදී ගැනීමේ හැකියාව තවමත් පවතී.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Pinterest   https://www.pinterest.com/supercarwisthare/

Comments