කොනිග්සෙග් රෙගේරා. ලෝක වාර්තාවක් තැබූ කොනිග්සෙග් සමාගමේ හයිබ්‍රිඩ් මෙගා කාරය. (Koenigsegg Regera in sinhala).
2016 වසරේදී කොනිග්සෙග් සමාගම විසින් තමාගේ හයිබ්‍රිඩ් මෙගා කාරය ලෙස මෙම
මාදිලිය හදුන්වා දෙන ලදී. ලීටර 5 ටර්බෝ චාජර දෙකක් සහිත V8 එන්ජිමට අමතරව ඉලෙක්ට්‍රික් මෝටර් 3කින් සමන්විත වේ. මෙම රථය අශ්වබල 1500කින් සමන්විත වන අතර ඉන් 670ක් ම නිපදවනු ලබන්නේ මෙම ඉලෙක්ට්‍රික් මෝටර
මගින් වේ.
කොනිග්සෙග් සමාගම සදහන් කරන පරිදි මෙම රථයට ඇත්තේ ඒක ගියරයක් සහ පිටුපස
ගියරය (7 වන ගියරය සහ Reverse gear) පමණක් වන අතර
මීට
හේතුව වන්නේ කොනිග්සෙග් සමාගම විසින් සාම්ප්‍රදායික ගියර් පෙට්ටිය (Gear
box) ඉවත්
කොට ඒ වෙනුවට කොනිග්සෙග් සමාගම විසින්ම නිර්මාණය කරනු ලැබූ Koenigsegg direct drive (කොනිග්සෙග් සෘජු ධාවනය)
නැමති
පද්ධතියක් සම්බන්ධ කොට තිබේ.
මෙම රථයටද කොනිග්සෙග් සමාගමටම ආවේණික දොරවල් වන ඩයිහීඩ්‍රල් සින්ට්‍රොහීලික්ස්
ඇක්චුවේශන් දොරවල් භාවිත කර තිබෙන අතරැම දොරවල් මෙන්ම ඉදිරිපස සහ පිටුපස ට්‍රන්ක්
ආවරණ හයිඩ්‍රොලික් පද්ධති මගින් සමන්විත වේ. මේ නිසා යතුර භාවිතයෙන් මේවා පාලන කිරීමේ
හැකියාව ධාවකයාට හිමි වේ.
රථයේ යතුර ගැන සැලකූ විට එය කොනිග්සෙග් සමාගමේ ලංඡනයට සමානවන ආකාරයට නිර්මාණය
කර තිබෙන අතර එහි පිටුපස බොත්තම් 7ක් දැකගැනීමේ හැකියාව ඇත. ඒවා මගින් රථය
ලොක්/අන්ලොක් කිරීම , රථයේ ඉදිරිපස ලංඡනයට පහළින් තිබෙන කැමරාව
ඉවතට ගැනීම , වම්පස සහ දකුණු පසදොරවල් මෙන්ම ඉදිරිපස සහ පිටුපස ට්‍රන්ක් ආවරණ විවෘත
කිරීම මෙන්ම රථය Ghost ආකාරයට (මෙහිදී රථයේ සියළුම දොරවල් එකවර විවෘතවීම
සිදු වේ.) පත් කිරීමේ හැකියාව පවතී.
මෙම රථ නිර්මාණය කිරීමේදී සැහැල්ලු බව පිළිබද සලකන
බැවින් බොහොමයක් කොටස් නිර්මාණය කිරීමට කාබන් ෆයිබර් භාවිත කර ඇති අතර අනෙකුත් මෝටර්
රථ බොහොමයක් භාවිත නොකරන පරිදි රථයේ ඇලෝවීල් නිර්මාණය කිරිම සදහාද කාබන් ෆයිබර් භාවිතා
කර තිබේ. මෙම රථයේ ඉදිරිපස සැලකූ විට එහි ඇති කොනිග්සෙග්
ලාංඡනයට පහළින් කැමරාවක් දැකගත හැක (මීට අමතරව රථයේ පැති කණ්නාඩි වල මෙන්ම පිටුපසද
කැමරා අන්තර්ගත වේ.). කොනිසෙග් සාමාගම විසින් මෙම රෙගේරා මාදිලියට ගෝස්ට්
පැකේජය (Ghost package) ලෙස හැදින්වෙන ඇරෝ පැකේජයක් (Aero
package) හදුන්වා දුන් අතර රථය මත වාතෙරපුම වැඩි කිරීම (Downforce) සදහා ඉදිරිපසින් පිටුපසින් සහ පැත්තෙන්
කාබන් ෆයිබර් වින්ග්ලෙට් අන්තර්ගත කර තිබුණි.
රථයේ ඇතුළත සැලකූවිට සරලව සහ සුවපහසුව ගැන අවධානය යොමු කරමින් නිර්මාණය
කර ඇති ති බව පැහැදිලි වේ. මෙහි වේගමාපකය ලෙස ඩිජිටල් තිරයක් භාවිතවන
අතර රථයේ මධ්‍ය පාලක කොටසේ ස්පර්ශ සංවේදී තිරයකක් මෙන්ම ඊට පහළින් කොනිග්සෙග් සමාගමේ
ලාංඡනය හැඩති බොත්තමක් සහ ඒවටා එම තවත් බොත්තම් කිහිපයක්ද දැකගත හැක. එහි මැදට වන්නට
පිහිටා තිබෙන බොත්තම රථය පණ ගැන්වීමට භාවිතා කරන අතර අනෙකුත් බොත්තම් රථයේ දොරවල් පාලනය
කිරීම වැනි කරනු සදහා භාවිත කෙරේ.
මෙම රථයේ තෙත්, සාමාන්‍ය සහ ධාවනපථ ලෙසට ධාවන ආකාර 3ක් දැකගත හැකි අතර එය ස්පර්ශ සංවේදී තිරය
භාවිතයෙන් තෝරා ගැනීමේ හැකියාව පවතී. ඊට අමතරව රථයේ ඇතුළත බල්බවල වර්ණය ,
පැති
කණ්නාඩි වල පිහිටීම , අසුන්වල පිහිටීම වැනි අංග ගණනාවක් පාලනය
කිරීමේ හැකියාව පවතී. මෙම රථයේද වහළය ඉවත් කිරීමේ හැකියාව කොනිග්සෙග්
සමාගම විසින් ලබාදී ඇති අතර එමගින් රථය open top roadster ආකාරයට ධාවනය කිරීමේ හැකියාවද පවතී.
රථයේ පිටුපස සැලකූ විට එහි ක්‍රියාකාරී ස්පොඉලරයක් දැකගත හැකි වන අතර
ගෝස්ට් පැකේජය සහිත රථවල ඊට දෙපසින් කාබන් ෆයිබර් වින්ග්ලට් දෙකක්ද දැකගැනීමේ හැකියාව
පවතී. මෙම රථයේ පිටුපස ඩිෆියුසරය ප්‍රමාණයෙන් විශාලව
නිර්මාණය කිරීමට කොනිග්සෙග් සමාගම විසින් කටයුතු කර තිබෙන අතර එහි පහළින් දුම් කවුළුවක්
ලෙස පිහිටා ඇති කොටස සැබැවින්ම ඒ සදහා නොවේ. කොනිග්සෙග් සමාගම සදහන් කරන පරිදි එය නිර්මාණය
කර තිබෙන්නේ ඉලෙක්ට්‍රික් මෝටර්වල තාපය ඉවත් කිරීම සදහා වන අතර දහන එන්ජිමේ දුම් පිට
කිරීම සදහා ඊට දෙපසින් පිහිටි කවුළු දෙක භාවිතා කෙරේ.
මෙම රථයද හයිබ්‍රිඩ් රථයක් බැවින් දහන එන්ජිම නවතා දමා රථය ඉලෙක්ට්‍රිච්
මෝටර භාවිතයෙන් පමණක් භාවිතයෙන් ධාවන කිරීමේ හැකියාවද පවතී.
රෙගේරා
මාදිලිය යටතේ රථ 80ක් පමණක් නිර්මාණය කිරීමට කොනිග්සෙග් සමාගම
තීරණය කර තිබූ අතර 2018 වන විට රථ 20ක් පමණක් නිර්මාණය කර තිබුණද රථ 80ම පාරිභෝගිකයින් විසින් මිලදීගෙන තිබිණි.
එම රථ පාරිභෝඅගිකයින්ට අවශ්‍ය පරිදි නිර්මාණය කිරීමටද කොනිග්සෙග් සමාගම විසින් කටයුතු
කල අතර සමහර රථ සදහා සැබෑ රත්තරන්ද භාවිත කරන ලදී.
2019 වසරේදී 0-400-0kmh ක වේගයක් තත්ත්පර 31.49කින් ලෝක වාර්ථාව තැබීමටද මෙම රථයට හැකියාව ලැබුණි. මෙම රථය හදුන්වා දෙනු ලැබූ අවස්ථාවේදී රථයක ආසන්න වශයෙන් මිල ඇමරිකානු
ඩොලර් මිලියන 2.2 (මෙරට බදු රහිතව රුපියල් කෝටි 44ක් ) පමණ මිලක් නියම වූ අතර පාරිභෝගික අවශ්‍යතාවය
අනුව එක් එක් රථවල මිල ගණන් එකිනෙකට වෙනස් විය.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment