ෆෙරාරි සමාගම විසින් සුප්‍රසිද්ධ ගායකයෙකු වන ජස්ටින් බීබර් හට මින් ඉදිරියේදී
ෆෙරාරි රථ මිලදී ගැනීමේ හැකියාව අහෝසි කල බව මීට දිනි කිහිපයකට පෙර සිට අන්තර්ජාලයේ
සංසරණය වුණි. මා දනුවත් පරිදි නම් මෙය සැබෑවකි. මේ සටහන ඒ සදහා
මා සිතන ආකාරයට මෙන්ම අන්තර්ජාලයට අනුව හේතුවූ කරනු වේ.
මෙවන් අත්දැකීමට මුහුණදුන් පළමු පුද්ගලයා ජස්ටින් බීබර් නොවේ. මීට ඉහතදී
තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුටම මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට ෆෙරාරි සමාගම
විසින් කටයුතු කල අතර සමහර පුද්ගලයින් හට විරුද්ධව නඩු දැමීමටද ෆෙරාරි සමාගම පසුබට
නොවිණි.
මෙම ගැටලුවට හේතුවනු ලැබූවේ ජස්ටින් සතුව තිබූ ෆෙරාරි 458
italia රථය වේ. ඔහු විසින් මෙම රථය සමාගම විසින් ඉදිරිපත්
කරණු ලැබූ ආකාරයටම මිලට ගෙන පසුව එය satin නිල් (Neon blue) වර්ණ ගන්වා (හෝ මෙය සම්පූර්ණ ස්ටිකයක්
විය හැක. ) එයට custom wheels මෙන්ම liberty walk wide body
kit ක්ද අන්තර්ගත කරන ලදී. ලිබර්ටි වෝක් සමාගම මැන්සොරි සමාගම වැනි
සමාගම් ගණනාවක් මෙලෙස ෆෙරාරි ඇතුලු අනෙකුත් මාදිලි රථවලට මෙලෙස
Custom body kit වඩා ප්‍රසිද්ධත්වයක් නොමැති පුද්ගයින් ඒවා භාවිත කලද ෆෙරාරි සමාගම් විසින්
ඒ පිළිබදව මෙවැනි ක්‍රියාමාර්ග ගනු නොලැබේ.
මා සිතන ආකරයට ෆෙරාරි සමාගම විසින් මෙවැනි දේ සදහා ක්‍රියාමාර්ග ගනු ලබන්නේ
ප්‍රසිද්ධ පුද්ගලයින් සහ ඔවුන් සිදුකරනා දේ පිළිබදව සමාජයේ කතාබහ වන බැවින් මෙන්ම ඔවුන්ගේ
සමාජ මාධ්‍යජාලා වල බොහෝ දෙනා ගැවසෙන බැවින් ෆෙරාරි රථවල අලංකාරය අවතක්සේරූ කිරීමේක්
ලෙස සලකා එය සමාගම් නාමයට කැලළක් වන බව සිතා විය හැක. (නමුත් බොහොමයක් අනෙකුත් මෝටර්
රථ මාදිලි මෙලෙස සිතන්නේ නැත.)
ඊට අමතරව දිනක් සාදයකට සහභාගී වූ බීබර් හට තමාගේ රථය සොයා ගැනීමටද නොහැකිවී
තිබෙන බව සදහන් වේ. එහිදී මොහු ඒ පිළිබදව පැමිණිල්ලක්ද සිදුකර තිබේ. (මෙමගින් මොහු
රථය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන බව දැක්වෙන නමුත් රථය ගැන ඔහුට සැලකිල්ලක් නොමැති
නම් ඒ පිළිබදව පැමිණිල්ලක් සිදු කරාවිද ?) මේ පිළිබදව ඕබගේ අදහස කුමක්ද?
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Pinterest https://www.pinterest.com/supercarwisthare/
Comments
Post a Comment