2007 වසරේදී කොනිග්සෙග් සමාගම විසින් තමාගේ නව මාදිලිය ලෙසට CCXR රථය හදුන්වා දෙන ලදී. කොනිග්සෙග් සමාගම විසින් මෙම මාදිලිය සදහා ටර්බෝ චාජර් වෙනුවට සුපර් චාජර් භාවිත කිරිමට කටයුතු කල අතර මෙම රථය අශ්වබල 1018 නිපදවන සුපර් චාජර දෙකකින් සමන්විත V8 එන්ජිමකින් සමන්විත වේ.
2007 වසරේදීම කොනිග්සෙග් සමාගම විසින් CCGT මාදිලිය ස්විස්ටර්ලන්තයේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කරන ලදී. කොනිග්සෙග් සමාගම විසින් මෙම මාදිලිය හදුන්වා දෙනු ලැබූවේ ධාවන තරග සදහා භාවිතයට වන අතර මෙය GT1 කාණ්ඩය යටතේ ප්‍රංශයේ ලේ මන්ස් (Le mans) හිදී තරග කිරීමද සිදු කරන ලදී.
2009 වසරේදී CCXR මාදිලියෙහි තවත් විශේෂ මාදිලියක් ලෙසට CCXR trevita මාදිලිය හදුන්වා දීමට කොනිග්සෙග් සමාගම විසින් කටයුතු කරන ලදී. මෙම මාදිලිය යටතේ රථ 3ක් නිපදවන බව කොනිග්සෙග් සමාගම විසින් සදහන් කලමුත් නිපදවන ලද්දේ රථ 2ක් පමණි. ඊට හේතුව වන්නේ මෙම රථ සදහා භාවිත කරන ලද්දේ සුදු (ආලෝකමත්) කාබන් ෆයිබර් බැවින් එය නිර්මාණය කිරීමේ අපහසුතාවය වේ. ස්වීඩන් බසින් වචන දෙකක් ලෙස Tre vita යනු සුදු පැහැ තුනක් (Three white) වේ. ප්‍රසිද්ධ බොක්සින් ක්‍රීඩකයෙකු වන ෆ්ලොයි මෙයිවෙදර් (Floyd mayweather) මින් එක් රථයක් ඇමරිකානු ඩොලර් මිලියන 4.5කට ( 1 $ Rs 300 ලෙස සලකා බදු රහිතව රු කෝටි 135) මිලදී ගන්නා ලදී.
2009 වසරේදීම කොනිග්සෙග් සමාගම විසින් CCXR මාදිලියේ තවත් විශේෂ මාදිලියක් ලෙසට CCXR Special edition රථය හදුනවාදීම සදහා කටයුතු කරන ලදී. මෙම රථයේ Body kit නිර්මාණය කිරීම සදහාද කාබන් ෆයිබර් භාවිත කිරීමට කොනිග්සෙග් සමාගම විසින් කටයුතු කරන ලද අතර ඇගීරා (Agera) මාදිලිය සදහා නිර්මාණය කරනු ලැබූ සමහර අංග මෙම මාදිලිය සදහා අන්තර්ගත කල බවද කොනිග්සෙග් සමාගම විසින් සදහන් කරන ලදී.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Pinterest https://www.pinterest.com/supercarwisthare/
Comments
Post a Comment