ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් මාදිලිය යටතේ නිර්මාණය කරනු ලැබූ මාදිලි. (Lamborghini Aventador models in sinhala ).

                                                                   


                         

                      ලැම්බොගිනි සමාගම විසින් මර්සිලාගෝ මාදිලිය අවසන් කොට 2011  වසරේදී ඇවෙන්ටඩෝර් මාදිලිය ලොවට හදුන්වා දෙන ලදී. මෙම ඇවෙන්ටඩෝර් මාදිලිය ලැම්බොගිනි සමාගමේ වඩාත් සාර්ථකම ප්‍රධාන මාදිලියක් ලෙසටද හදුන්වාදිය හැකි අතර මීට මාස කිහිපයකට පෙර ලැම්බොගිනි සමාගම විසින් ඇවෙන්ටඩෝර් මාදිලිය යටතේ තමාගේ අවසාන රථය හදුන්වා දීමටද කටයුතු කරන ලදී. එබැවින් පහත දැක්වෙන්නේ ලැම්බොගිනි සමාගම විසින් ඇවෙන්ටඩෝර් මාදිලිය යටතේ නිර්මාණය කරනු ලැබූ රථ පිළිබද කෙටි සටහනක් වේ.

 

ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් LP 700-4 (Lamborghini Aventador LP 700-4)

                                                                   


       

මෙම රථය ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් මාදිලියේ ආරම්භක රථය වේ. 2011 වසරේදී ලැම්බොගිනි සමාගම විසින් මෙම මාදිලිය ලොවට හදුන්වා දෙනු ලැබූ අතර මේ සදහා භාවිත කර තිබෙන්නේ ලීටර 6.5 අශ්වබල 694කින් සමන්විත V12 එන්ජිමකින් වේ. මෙම රථයට 0 සිට 100kmh ක වේගයක් ලබා ගැනීම සදහා තත්ත්පර 2.9ක් ගතවන අතර රථයේ උපරිම වේගය 217mph ක් ලෙසට සදහන් වේ.

 

ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් J (Lamborghini Aventador J).


                                                                      

2012 වසරේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශණයේදී ලැම්බොගිනි සමාගම විසින් මෙම මාදිලිය 1 of 1 රථයක් ලෙසට හදුන්වා දෙන ලදී. අශ්වබල 700ක් නිපදවන V12 එන්ජිමකින් සමන්විත මෙම රථය පාරිභෝගිකයෙකු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2.1ක් ගෙවා මිලදී ගන්න ලදී. ඒ රථය ලොවට හදුන්වා දීමටත් ප්‍රථමව වේ.


ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් 50th සංවත්සර සංස්කරණය. (Lamborghini Aventador LP 770-4 50th anniversary edition).

                                                             


ලැම්බොගිනි සමාගම විසින් 2013 වසරට යෙදී තිබූ තමාගේ 50වන සංවත්සරය වෙනුවෙන් මෙම ඇවෙන්ටඩෝර් මාදිලිය නිර්මාණය කිරීම සදහා කටයුතු කරන ලදී. මෙම රථය සදහා භාවිත කර තිබෙන්නේ අශ්වබල 720ක් පමණ නිපදවන ලීටර 6.5 V12 එන්ජිමක් වන අතර මෙහි කූප් මාදිලියෙන් මෙන්ම රෝඩ්ස්ටර් මාදිලියෙන්ද රථ ලැම්බොගිනි සමාගම විසින් නිර්මාණය කරන ලදී.

 

ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් LP750-4 SV (Lamborghini Aventador LP750-4 SV).

                                                          


මෙම මාදිලිය ලැම්බොගිනි සමාගම විසින් 2015 වසරේදී හදුන්වා දුන් අතර මෙම මාදිලිය 700-4 මාදිලියේ ධාවන පථ සදහා වැඩි අවධානයක් නිර්මාණය කරනු ලැබූ මාදිලියක් ලෙසට සැලකිය හැක. මෙම රථය සාමාන්‍ය LP700-4 රථයකට වඩා 50kgකින් ස්කන්ධය අවම වන අතර බලය අශ්වබල 50කින් වැඩි කිරීමට ලැම්බොගිනි සමාගම කටයුතු කර තිබේ.

ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් LP750-4 SV  රථයේ සම්පූර්ණ විස්තරය කියවන්න.  

ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් LP 740-4 S (Lamborghini Aventador S).

                                                            


මෙම රථය සදහා භාවිතා කර තිබෙන්නේද  ලීටර 6.5 V12 එන්ජිමක්ම වන නමුත් එමගින් අශ්වබල 740 කට ආසන්න බලයක් නිපදවනු ලැබේ. ලැම්බොගිනි සමාගම විසින් මෙම මාදිලිය සමග ස්ට්‍රාඩා, ස්පොර්ට්, කෝර්සා යන ධාවන ආකර 3ට අමතරව ඊගෝ ආකරයද එක් කිරීමට ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කරනු ලැබූ අතර ඇවෙන්ටඩෝර් S මාදිලිය යටතේ කූප් (Coupe) සහ රෝඩ්ස්ටර් (Roadster) යන ආකාර දෙකෙන්ම රථ නිර්මණය කිරීම සදහා ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කරන ලදී.

 

ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් SVJ (Lamborghini Aventador SVJ).

                                                           


ලැම්බොගිනි සමාගම 2019 දී ඇවෙන්ටඩොර් SVJ රථය හදුන්වා දුන් අතර අශ්ව බල 770 සහිත  V12 එන්ජිමකින් සමන්විත වේ. මෙම රථය 0 mph සිට 60 mph දක්වා යාමට ගත වන කාලය තත්ත්පර 2.7ක් ලෙසට සටහන් වේ. මෙම රථයේ උපරිම වේගය ලෙස 220 mph (350 kmh) සටහන් වේ.  මෙම මාදිලියේ මෝටර් රථ සීමිත ප්‍රමණයක් නිපදවා ඇති. සාමාන්‍ය මාදිලියෙන් (coupe) රථ 900 වහලය ඉවත් කල හැකි (Roadster) මාදිලියෙන් රථ 800 පමණක් නිපදවා ඇත. නිපදවීමට කටයුතු සිදු කරන බව ලැම්බොගිනි සමාගම විසින් සදහන් කරන ලදී.

 ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් SVJ රථයේ සම්පූර්ණ විස්තරය කියවන්න.  


ලැම්බොගිනි ඇවෙන්ටඩෝර් LP780-4 උල්ටිමා (Lamborghini Aventador LP780-4 Ultima).

                                                              


මෙම මාදිලිය ලැම්බොගිනි ඇවන්ටඩෝර් මාදිලියේ අවසාන රථය වේ. මෙම රථය අශ්වබල 780 නිපදවන V12 එන්ජිමකින් සමන්විත වන අතර 0 සිට 100kmh ක වේගයක් ලබාගැනීම සදහා තත්ත්පර 2.8ක කාලයක් ගතවන බව සදහන්වේ. මෙම රථයේ උපරිම වේගය 350kmh ක් පමණ වන අතර මෙහි කූප් (Coupe) මාදිලිය යටතේ රථ 350ක් සහ රෝඩ්ස්ටර් (Roadster) මාදිලිය යටතේ රථ 250ක් නිර්මාණය කිරීමට යන බව ලැම්බොගිනි සමාගම විසින් සදහන් කරයි. (මෙය ඉතාලි භාෂාව බැවින් මෙය උච්චාරණය කරණු ලබන්නේ උල්ටිමා ලෙසට වන අතර අල්ටිමා ලෙසට නොවේ.)

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7


Pinterest   https://www.pinterest.com/supercarwisthare/


Comments