පගානි හුවයිරා මාදිලි. (Pagani huayra models in Sinhala).

                                               


පගානි හුවයිරා කූප්. (Pagani huayra coupe).

                                             


2011 වසරේදී පගානි සමාගම සොන්ඩා මාදිලියට අමතරව හුවයිරා කූප් රථය ඔස්සේ හුවයිරා මාදිලියට අදාළ රථ නිර්මාණය කිරීම ආරම්භ කරන ලදී. මෙම හුවයිරා කූප් මාදිලිය සදහා මර්සිඩීස් බෙන්ස් සමාගමේ AMG මාදිලිය යටතේ නිර්මාණය කරනනු ලැබූ අශ්වබල 730ක් නිපදවන ටර්බෝ චාජර දෙකකින් සමන්විත  V12 එන්ජිමක් භාවිත කිරීමට පගානි සමාගම විසින් කටයුතු කරනු ලැබූ අතර මෙම මාදිලිය ඔස්සේ රථ 100ක් පමණක් නිර්මාණය කිරීමටද පගානි සමාගම විසින් කටයුතු කරන ලදී.

පගානි හුවයිරා කූප් රථයේ සම්පූර්ණ විස්තරය.    මෙතනින් කියවන්න.


පගානි හුවයිරා BC. (Pagani huayra BC).

                                                  


පගානි සමාගම විසින් මෙම හුවයිරා BC මාදිලිය හදුන්වා දෙනු ලැබූවේ සාමාන්‍ය හුවයිරා මාදිලියේ විශේෂ මාදිලියක් ලෙසට මෙන්ම ධාවන පථ සදහා අවධානය (Track forcus)යොමු කරමින් නිර්මාණය කරනු ලැබූ මාදිලියක් ලෙසට වේ. මෙම මාදිලියේ නම අගට BC ලෙසට යෙදී තිබෙන්නේ ඉතාලියේ ව්‍යාපාරිකයෙකු මෙන්ම මෝටර් රථ එකතු කරන්නෙකු වූ බෙනී කයෝලා හට ගරු කිරීම සදහා වේ. මොහු පගානි සමාගමේ නිර්මාතෘ වන හරේශියෝ පගානිගේ හිතවත් මිත්‍රයෙකු වූ අතර පාගානි සමාගමේ පළමු පාරිභෝගිකයා ලෙසටද සැලකේ. මෙම මාදිලිය යටතේ රථ 20ක් පමණක් නිර්මාණය කිරීමට පගානි සමාගම කටයුතු කල අතර සමහර රථ එකිනෙකට වඩාත් වෙනස් අංග වලින්ද සමන්විත වේ.

 

පගානි හුවයිරා රෝඩ්ස්ටර්. (Pagani huayra roadster).

                                               


2017 වසරේදී පගානි සමාගම විසින් මෙම මාදිලිය හදුන්වා දෙනු ලැබූවේ කූප් මාදිලියේ වහළය ඉවත් කල හැකි ආකාරයට අමතරව වඩා වැඩිදියුණු කල මාදිලියක් ලෙසටද වේ. මෙම රථය සදහාද AMG මාදිලිය යටතේ නිපදවන ලැබූ ටර්බෝ චාජර දෙකකින් සමන්විත V12 එන්ජිමක් ම භාවිත කර තිබෙන අතර එය අශ්වබල 753කින් සමන්විත වේ. කූප් මාදිලියේ මෙන්ම මෙම මාදිලිය යටතේද රථ 100ක් නිර්මාණය කිරීමට පගානි සමාගම කටයුතු කල අතර ඒවා අවශ්‍ය පරිදි නිර්මාණය කර ගැනීමේ හැකියාවද පාරිභෝගිකයා හට ලබාදීමට පගානි සමාගම විසින් කටයුතු කරන ලදී.

පගානි හුවයිරා රෝඩ්ස්ටර්  රථයේ සම්පූර්ණ විස්තරය.      මෙතනින් කියවන්න.


පගානි හුවයිරා රෝඩ්ස්ටර් BC. (Pagani huayra roadster BC)

                                                                    


මෙම මාදිලිය හදුන්වා දෙනු ලැබූවේ සාමාන්‍ය හුවයිරා රෝඩ්ස්ටර් මාදිලියේ වඩා වැඩිදියුණු කල හා ධාවනපථ වලට වැඩි අවධාණයක් (Track forcus) යොමු කරමින් නිර්මාණය කරනු ලැබූ සීමිත මාදිලි රථයක් ලෙසට වේ. මෙම රථය සදහා අශ්වබල 802ක් නිපදවන මර්සිඩී බෙන්ස් මාදිලිය යටතේ නිපදවනු ලැබූ ටර්බෝ චාජර 2කින් සමන්විත V12 එන්ජිමක් භාවිත කරනු ලබන අතර මෙම මාදිලිය යටතේ රථ 40ක් පමණක් නිපද්වන බව පගානි සමාගම විසින් සදහන් කරන ලදී.

 

පගානි හුවයිරා R. (Pagani huayra R).

                                                 


පගානි සමාගම විසින් මෙම හුවයිරා R මාදිලිය හදුන්වා දෙනු ලැබූවේ පගානි සොන්ඩා R මාදිලිය මෙන් ධාවනපථ සදහා අවධානය යොමු කරමින් වේ. 2021 වසරේදී ඉදිරිපත් කරනු ලැබූ  මෙම රථය අශ්වබල 850කින් බල ගැන්වෙන V12 එන්ජිමකින් සමන්විත වන අතර මෙම මාදිලිය යටතේ රථ 30 ක් පමණක් නිපදවන බව පගානි සමාගම විසින් සදහන් කරන ලදී.

 

අමතර                                              

මෙහි පගානි ඉමෝලා (Pagani imola)මාදිලිය පිළිබදව සදහන් කර නොතිබෙන්නේ එය හුවයිරා මාදිලියට මදක් පෙනුමින් සමාන වුවත් එය හුවයිරා මාදිලිය යටතේ නිර්මාණය කරනු ලැබූවක් නොව එය වෙනත් විශේෂ මාදිලියක් යටතේ නිර්මාණය කරනු ලැබූවක් යැයි සලකන බැවිනි.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Pinterest   https://www.pinterest.com/supercarwisthare/

 

 

 


Comments