කොනිග්සෙග් සමාගමේ අතීත මතක සටහන් (1කොටස).(History of koenigsegg automobile in sinhala)(Part 1).

                                                                       


                                                

1994 අගෝස්තු මස 12 වන දින 22 හැවිරිදි ක්‍රිස්ටින් වොන් කොනිග්සෙග් විසින් කොනිග්සෙග් සමාගම පිහි‍ටුවන ලදී. එලෙස ආරම්භ කල සමාගම විසින් දෙවසරක පමණ කාලයක් ගත කොට 1996 වසරේදී තමාගේ පළමු මෝටර් රථ මාදිලිය ලෙසට කොයිනිග්සෙග් CC මාදිලිය හදුන්වාදීම සදහා කටයුතු කරන ලදී.    

                                                        

1998 වසර වන විට කොනිග්සෙග් සමාගම විසින් සිව් වසරක් ලබා ගත් සාර්ථකත්වයත් සමග කොනිග්සෙග් වැඩපළ ස්වීඩනයේ ඔලොෆ්ස්ටෝර්ම් හි සිට මාර්ග්‍රෙටේටොර්ප් වෙත ‍රැගෙන යන ලදි.

 

2000 වසරේ පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී කොනිග්සෙග් සමාගම විසින් තමාගේ පළමු නිෂ්පාදන ආකෘති (production prototype) රථය එළිදක්වන ලදී. ඒ කොනිග්සෙග් CC8S මාදිලිය වන අතර එය අශ්වබල 655කින් බල ගැන්විණි.

                                                             


ආකෘතියට පසුව නිශ්පාදනය කල පළමු CC8S රථයද 2002 වසරේදී නිශ්පාදනය කල අතර එය 2003 වසරේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශණය සදහාද ඉදිරිපත් කරන ලදී. 2002 වසරේදීම කොනිග්සෙග් සමාගම CC8S රථය සදහා ගිනස් ලෝක වාර්තාවක් හිමි කර ගැනීමට සමත් වූ අතර ඒ එවකට පැවති ලොව බල සම්පන්නම මෝටර් රථය (prodiction රථයක්) ලෙසට වේ.

 

2003 වසරේ පෙබරවාරි මස ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සති කිහිපයකට පෙර කොනිග්සෙග් නිශ්පාදනාගාරයේ ගිනි ගැනීමක් හට ගත් අතර මෝටර් රථ සහ අනෙකුත් යන්ත්‍ර බේරා ගැනීමට සමාගම් සේවකයින්ට හැකිවූ නමුත් සමාගමට සමහර වාර්තා කිහිපයක්ම එමගින් අහිමි විය.

                                                             


2004 වසරේදී කොනිග්සෙග් සමාගම විසින් තමාගේ නවතම මාදිලිය ලෙස කොනිග්සෙග් CCR රථය හදුන්වාදීම සදහා කටයුතු කරන ලදී. අශ්වබල 806කින් මෙම මාදිලිය වසර 2004 සිට 2006 අතර කාලවකවානුව තුල නිශ්පාදනය කරනු ලැබූ අතර මෙම මාදිලිය යටතේ නිර්මාණය කරනු ලැබූ වේ රථ 14ක් පමණි. 2004 වසරේදීද එවකට පැවති ලොව බල සම්පන්නම මෝටර් රථය (prodiction රථයක්)  ලෙසට ගිනස් ලෝක වර්තාව හිමිකර ගැනීම සදහා මෙම මාදිලිය සමත් විය.

 

ඊට වසරකට පසු එනම් 2005 වසරේදී එවකට 386.4kmhක වේගයක් ලබා ලොව වේගවත්ම මෝටර් මෝටර් රථය ලෙසට වාර්තාව පිහි‍ටුවා තිබූ මැක්ලරන් F1 රථය අභිබවා 387.86kmh ක වේගයක් ලබා ලොව වේගවත්ම මෝටර් රථය ලෙසට වාර්තාවක් පිහි‍ටුවීමට CCR මාදිලියට හැකියාව ලැබිණි.

                                                                 


2006 වසරේදී කොනිග්සෙග් සමාගම විසින් CCR මාදිලිය වැඩිදියුණු කොට නවතම මාදිලියක් ලෙසට CCX මාදිලිය හදුන්වාදීම සදහා කටයුතු කරන ලදී. කොනිග්සෙග් සමාගම සදහන් කරන පරිදි මෙම මාදිලිය ඇමරිකානු වෙළදපල තුළ අලෙවි වූ පළමු කොනිග්සෙග් මාදිලිය වේ. එම වසරේදීම ප්‍රකට රූපවාහිනී වැඩසටහනක් වන Top Gear වැඩසටහනේදී CCX රථයක් ධාවන පථ පරීක්ෂාවකට භාවිත කරන ලද අතර එහිදී 196mphක වේගයක් ලබා ගැනීමට එම රථය සමත් විය.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

                  

Comments