ෆෙරාරි 488 පීස්ටා රථයේ විස්තරය. (Ferrari 488 pista in sinhala)




488 මාදිලියේ ධාවන පථ මාදිලිය ලෙස 488 පීස්ටා රථය සැලකිය හැක. මෙම රථය 488 රථයට වඩා සැහැල්ලුව , වැඩි අශ්වබල ගණනකින් , වැඩි වේගයක් ලබා ගත හැකිවන ලෙස නිපදවා ඇත. මෙම රථය අශ්වබල 710ක් නිපදවන මැද එන්ජින් ටර්බෝ චාර්ජ් දෙක ක් සහිත V8 එන්ජිමකින් සමන්විත වේ.

 



488 පීස්ටා රථයේ අතුළතද අනෙකුත් බොහොමයක් ෆෙරාරි මාදිලිවලට සමානව නිපදවා ඇත. සුක්කානමේ වම් පසට වන්නට රථය පණ ගැන්වීමේ සහ රථය විසන්ධි කිරීමේ බොත්තම පිහිටා තිබෙන අතර ඊට ඉහළින් සස්පෙන්ෂන්හි ක්‍රියාකාරීත්වයට අදාල බොත්තම පිහිටා තිබේ. සුක්කානමේ දකුණු පසට වන්නට ධාවන ආකාරය ‍තෝරා ගැනීමට කැරකැවිය හැකි ස්විචය අන්තර්ගතවේ. මෙම රථයේද ධාවන ආකාර ලෙස wet, sport ,  race ධාවන ආකාර තුනකින් සමන්විත වේ.

 



මීට අමතරව හැරවුම් ලාම්පු , ප්‍රධාන ලාම්පු වැනි දේවල ක්‍රියාකාරීත්වයට අදාල බොත්තම්ද සුක්කානමට වන්නට පිහිටා තිබේ. සුක්කානමේ ඉහළින්ම 488 රථයේ මෙන්ම ෂිෆ්ට් ලයිට් දැක ගත හැකි වේ. මෙම ෂිෆ්ට් ලයිට් රථයේ වේගය අඩු වැඩි කිරීම් අනුව දැල්වීම සහ නිවීම සිදු වේ. මෙම රථයේද රියදුරු සහ මගී අසුන් දෙක අතර බොත්තම් තුනකින් සමන්විත හැඩලයක් වැන්නක් දක්නට ලැබේ.

 



එහි R ලෙස සදහන් බොත්තමක්ද Auto ලෙස සදහන් බොත්තමක්ද PS ලෙස සදහන් බොත්තමක්ද දක්නට ලැබේ. මෙම PS ලෙස සදහන් බොත්තම පවර් ස්ටාර්ට් බොත්තම ලෙස හැදින්වේ. මෙය බුගාටි රථවල දක්නට ලැබෙන් ලොන්ච් කන්ට්‍රෝල් බොත්තමට සමාන ක්‍රියාකාරීතවයක් සිදු කරනු ලබයි. (නිශ්ච්ලතාවයේ සිට අඩු කාලයකදී වැඩි වේගයක් ලබා ගැනීම සදහා මෙය භාවිත වේ.)  මෙම රථය සැහැල්ලු කිරීම සදහා රථයේ අතුළත බොහොමයක් කොටස්ද කාබන් ෆ්යිබර් වලින් නිපදවා තිබේ.




මෙම රථයේ තදබද වැනි අවස්ථා වලදි ඉන්ධන පිරිමැසීම සදහා ඉබේම එන්ජිමේ ක්‍රියාකාරීතවය නැවැත්විය හැකි සහ පණ ගැන්විය හැකි පද්ධතියක් අන්තර් ගතවන අතර එම පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ බොත්තම රථය තුල ඇති පි‍ටුපස බලන කණ්නාඩිය අසලට වන්නට පිහිටා තිබේ. 488 පීස්ටා මාදිලියද coupe සහ spyder යන ආකාර දෙකෙන්ම හදුන්වා දෙන ලදී.

 


488 පීස්ටා රථය නිරිමාණය කිරීමේදී වායු ගතිකය ගැන වැඩි අවධානයක් යොදමින් නිපදවා ඇත. රථ ඉදිරිපස බොනට්‍ටුවේ විශාල වා සිදුරක් දක්නට ලැබේ. රථයේ ඉදිරිපස බම්පරයෙන් ලබා ගන්නා සුළං එම සිදුර තුළින් ගමන් කර වැඩි බලයක් පොළොව දෙසට ඇති කරනු ලැබේ. එමෙන්ම 488 රථයේ දක්නට ලැබුනු ආකාරයටම දොරවල් දෙකට පි‍ටුපසින්ද වා කවුළු දෙකක් දක්නට ලැබේ.


මෙම රථයේ පි‍ටුපසද බොහොමයක් කොටස් කාබන් ෆයිබර් වලින් නිපදවා තිබේ. කාබන් ෆයිබර් වලින් නිපදවූ පි‍ටුපස ඩි‍ෆියුසරයේ රථයේ දුම් කවුළු දෙක දක්නට ලැබේ. එමෙන්ම ෆොර්මියුලා වන් රථ වල දක්නට ලැබෙන ආකාරයේ Fog light එකක්ද මෙම රථයට ෆෙරාරි සමාගම විසින් අන්තර්ගත කර තිබේ. මෙම රථයේ මිල ඇමරිකානු ඩොලර් 400 000 (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 8කට)කට පමණ ආසන්න යැයි සැලකිය හැක.


මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments