2018දී මැක්ලරන් සමාගම විසින්
සුපර්
කාර් ගණයට අයත් 720S මාදිලිය හදුන්වාදෙන ලදී.
මෙම
රථය අශ්වබල 710ක් නිපදවන ලීටර 4 ටර්බෝ 2කක් සහිත V8
එන්ජිමකින්
සමන්විත වෙයි.
720S රථයේ Comfort , Sport සහ Track ලෙස ධාවන ආකාර 3ක් ඇති අතර මැක්ලරන් රථවල විශේෂත්වයක් ලෙස
Power train සහ Handling සදහා වෙන වෙනම ධාවන ආකාරය තෝරාගත හැකි
වීමයි. මේ සදහා කරකැවි හැකි ස්විච දෙකක් රථයේ ප්‍රධාන තිරයට අසලින් පිහිටා තිබේ.
නමුත් ධාවන ආකාරය තෝරාගැනීමේ ස්විච කැරකූ පමණින්
ධාවන ආකාරය වෙනස් නොවේ. ඒ සදහා අනෙකුත් මැක්ලරන් රථවල මෙනම ප්‍රථමයෙන් Active ලෙස සටහන් බොත්තම එබිය යුතුවේ. මෙය ධාවකයාගේ
අවශ්‍යතාව තහවුරු කරගැනීමක් ලෙස දැක්වේ.
මෙම රථයේ දක්නට ලැබෙන්නේ සමනල ආකාරයේ( Butterfly style ) දොරවල් දෙකක් වේ.මෙම රථයේ වහලයේ රියදුරු සහ මගී අසුනට ඉහලින් වීදුරු දෙකක් සවිකිරීමට මැක්ලරන් සමාගම අවස්ථාව දී ඇති අතර ඒ සදහා රු 494,960 ( $ 2690 )ක් ගෙවීමට සිදුවේ.
මෙම රථයේ Active spoiler ක් ඇති අතර එමගින් රථය් ගමන් කරන වේගය අනුව එය උස්පහත් වී වාතය මගින් රථය
පොලොවට ඇත්කරන තෙරපුම අඩු වැඩිකරගනී. මෙම රථයට මැක්ලරන් සමාගම විසින් සමාන්‍ය
දුම් කවුළු වෙනුවට ආකාරයේ දුම් කවුළු තෝරා ගැනීමට නිකුත් කල අතර ඒ සදහා මැක්ලරන් සමාගම
විසින් රු 1,061,680 ( $5700 )ක මුදලක් අයකරන ලදී.
මැක්ලරන් 720S රථයක ආරම්භක මිල මෙරට බදු රහිතව ආසන්න වශයෙන්
රු 52,440,000 ($ 285 000 )ක් ලෙස සටහන් විය.මෙම රථය පාරිභෝගිකයාගේ
අවශ්‍යතා අනුව සකස් කිරීමට මැක්ලරන් සමාගම් කටයුතු කල අතර එමනිසා ඊට අදාලව රථයේ මිල
වේනස් වේ.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment