සුපර් කාර් සහ හයිපර් කාර් එකිනෙකට වෙනස් වන හේතු බොහොමයක් ඇත. ඒවායින් කිහිපයක් පහත දැක්වෙන ආකාරයට වර්ග කරමු.
1. රථයේ මිල ගණන්.
සුපර් කාර් වර්ගයට අයත් මොටර් රථයක $ 80 000(ආසන්න වශයෙන් මෙරට බදු රහිතව රු16 000 000) පමණ මිලදී ගත හැකි වේ. නමුත් හයිපර් කාර්
රථයක ආරම්භක මිල බොහෝවිට $ 1000 000කට (ආසන්න වශයෙන් මෙරට බදු රහිතව රු 200 000 000) ආසන්න වේ. එමෙන්ම කාලයත් සමග හයිපර් කාර් ගණයට අයත් රථවල මිල
බොහෝ විට ඉහළ යයි.
2.සීමිත රථ ප්‍රමාණයක් නිපදවීම.
සුපර් කාර් පාරිභෝගික ඉල්ලුමට අනුව රථ නිපදවීමට මෝටර් රථ සමාගම් කටයුතු
කරනු ලැබේ. උදාහරණයක් ලෙස ලැම්බොගිනි සමාගම විසින් උරස් (Urus)
මාදිලිය
2018 වසරේ සිට රථ 10 000ක් පමණ නිපදවා ඇත.
නමුත් හයිපර් කාර් රථ නිපදවන්නේ ඉතා සීමිත ගණනක් පමණි. උදාහරණ ලෙස බුගාටි චිරොන්(Bugatti
chiron) රථ 500ක් පමණක් නිපදවා ඇත. මැක්ලරන් P1 (Mclaren P1) රථ 375ක් එමෙන්ම මුළු ලොවටම එකම රථයක්
ලෙස නිපදවා ඇති බුගාටි ව්ෂන් GT (Bugatti vision grant turismo) රථ දැක් විය හැක.
3.සමාගම් වල සැමරුම් සහ විශේෂ අවස්ථා සදහා.
(Ferrari laferrari fxx k)
සමාගම් වල පනස්වන සැමරුම් වැනි විශේෂ අවස්ථා වලදී මෙන්ම සමාගමේ නිර්මාතෘන්ගේ
උපන්දින සැමරීම සදහා මොටර් රථ සමාගම් විසින් නිපදවන රථ බොහෝ විට හයිපර් කාර් ගණයට වැටේ. උදාහරණයක් ලෙස ලැම්බොගිනි සමාගමේ පනස්වන සැමරුම
වෙනුවෙන් ලැම්බොගිනි සමාගම විසින් වෙනීනෝ(Veneno) මාදිලිය හදුන්වාදෙන ලදී.
එමෙන්ම ලැම්බොගිනි සමාගමේ නිර්මාතෘ වන ෆෙරුසියෝ ලැම්බෝගිනි සියවන සැමරුම
වෙනුවෙන් චෙන්ටනාරියො (Centenario) මාදිලිය හදුන්වා දෙන ලදී.
4.රථවල ධාරිතාවයන්.
සුපර් කාර් ගණයට අයත් රථවල අශ්වබල 500ත් 800ත් අතර ගන්නා නමුත් හයිපර් කාර් ගණයට අයත්
රථවලට අශ්වබල 800ත් 1500ත් පමණ අන්තර්ගත එන්ජිමක් දැකගත හැකිවේ.(චෙන්ටනාරියෝ
රථයට අශ්ව බල 759ක් පමණක් තිබුනද එය හයිපර් කාර් ගණයට අයත් රථයකි. මෙවැනි ධාරිතාවය මත
වෙනස් වන රථ කිහිපයක් දැකගත හැකිවේ.)
මැක්ලරන් 570S (Mclaren 570s) රථයේ අශ්වබල 562
ක් අන්තර්ගත
සුපර් කාර් ගණයට අයත් මෝටර් රථයකි. බුගාටි වෙයිරෝන් විටෙස් (Bugatti Veyron vitesse) රථය අශ්වබල 1200කින් සමන්විත හයිපර් කාර් ගණයට අයත් මෝටර්
රථයකි.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment