බුගාටි චිරොන් මෝටර් රථය බුගාටි සමාගම විසින් 2016 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද හයිපර්
කාර් වර්ගයට අයත් මෝටර් රථයකි. මෙම රථය සිලින්ඩර 16 ක් අශ්ව බල 1500 සහ ටර්බෝ චාජර් 4ක් සහිත එන්ජිමකින් සමන්විත වේ.
මෙම රථය 0 සිට 60mph ක වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්පර 2.3 කි.මෙම මෝටර් රථය පැයට කිලෝමීටර 0 සිට
400 දක්වා වේගයක් ලබා නැවත නිශ්චල වීමට තත්පර
42 දී
හැකි අතර ඒ සදහා ගතවන දුර වන්නේ මීටර 3112 නැතිනම් කිලෝමීටර 3.112 පමණ
දුරක් පමණි.
සාමාන්‍ය බුගාටි චිරොන් රථ 500 පමණක් නිපදවා ඇති අතර මෙම රථයේ උපරිම වේගය ලෙස
261mph දක්ව ඇත.
මෙහි ඇති welcome light පිළිගැනීමේ ලාම්පු සිත් ඇදගන්නා ලක්ශණයක් වේ. එනම් මෙම රථයේ යතුර ඔබගේ සාක්කුවේ ඇතිව ඔබ රථය අසලට ගියවිට ඉබේම ප්‍රදාන ලම්පු දැල්වී ඔබව පිලිගැනීමකට බදුන් වේ.
මෙම රථයේ ඉදිරිපස තිරින්ග (brake) අගල් 16.5(419mm)ක විශ්කම්භයක් ඇත. Chiron නාමයේ පළමු අකුර වන C අක්ෂරයේ හැඩය රථයේ ඉදිරිපස සහ පසුපස වෙන් කර දැක්වීමට සහ වාතය මගින් රථයේ එන්ජිමේ උශ්ණත්වය පාලනය කිරීමටරථයේ දෙපසින් යොදා ගෙන ඇත.
බොහෝ බුගාටි රථවලට පමණක් ආවේණික ලක්ශණයක් වන උපරිම
වේග යතුර (Top speed key) මෙම රථයේදී ද දැකිය හැක. මෙම උපරිම වේග යතුර (බුගාටි වෙයිරෝන් රථයේ
දී ද දැකිය හැක.) මගින් ඔබට රථයේ උපරිම හැකියාව
ලබා ගත හැකි වේ. එනම් උපරිම වේගයෙන් ගමන් කිරීමට යනවිට රථය පණගැන්වීමට සාමාන්‍ය යතුර සහ උපරිම වේගය ලබා ගැනීමට උපරිම වේග
යතුරද අවශ්‍ය වේ.
එම යතුර නොමැති විට ලබා ගත හැකි උපරිම වේගය
වන්නේ 236mph පමණි. මෙම විශේෂ යතුර සහ යතුර යොදන ස්ථානය
රියදුරු අසුන අසල දොර පැත්තට වන්නට පිහිටා
ඇත.
මෙම රථයේ සාමාන්‍ය චිරොන් රථයේ දක්නට නොලැබෙන ක්‍රීඩා වර්ගයේ දුම් කවුලු (Sport
Exahust) සහ රථයේ වහලයේ රියදුරු සහ මගී අසුනට ඉහල
කොටස වීදුරු වලින් නිමවා ඇත.
රථයේ ඇතුලත ඉතාමත් සරලව නිර්මානය කිරීමට
බුගාටි සමාගම විසින් කටයුතු කර ඇත. වර්ථමානයේ බොහෝ සාමාන්‍ය මෝටර් රථ වලද ස්පරශ සන්වේදී
තිරයක් හෝ ස්පර්ශ සන්වේදී නොවන තිරයක් රියදුරු සහ මගී අසුන අතර දැකගත හැකි වුවත්
චිරොන් රථයේ එවැන්නක් දක්නට නොලැබේ. මෙයට හේතු ලෙස සරල බව නිසා කාලය සමග රථයේ වටිනාකම
ඉහල යාමට බව සදහන් වේ.
සාමාන්‍ය චිරොන් රථ සහ චිරොන් ස්පෝර්ට්
රථ හිමිකරුවන්ට රථය මිලදී ගැනීමේදී රථයට සමාන කුඩා ප්‍රමාණයේ අනුරුවක් ( මෙම අනුරුව
$15 000ත් $20 000ත් අතර වන බව වාර්තා වේ.) ලෙදර් ෆයිල් කවරයක
සාමාන්‍ය යතුර සහ උපරිම වේග යතුර
(සාමාන්‍ය යතුරු දෙකක් හිමි නමුත් ෆයිල්
කවරය තුල එක් යතුරක් සහ අනෙක් යතුර වෙනම හිමිවේ. ) , ඉදිරිපස නොම්මර තහඩු රදවනය ඇලුමිනියම් පෙට්ටියක්
තුල දමා බුගාටි සමාගම විසින් නිකුත් කරනු ලබයි.
මෙම මෝටර් රථය මිල ඇමරිකානු ඩොලර් මිලියන
2.9 ත් 4 ත් අතර වේ.( මෙරට බදු රහිතව රු 530,700,000 ත් 920,000,000 ත් අතර වේ.)
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7




Comments
Post a Comment