කොනිග්සෙග් ජෙස්කො.300+mhp ක වේගයක්? (Koenigsegg jesko in sinhala).




කොයිනිග්සෙග් ජෙස්කෝ යනු ස්වීඩන් මෝටර් රථ නිෂ්පාදක කොයිනිග්සෙග් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද සීමිත සංඛ්‍යා රථයකි. 2019 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කල මෙම මෝටර් රථ මාදිලියෙන් රථ 125ක් පමණක් නිර්මාණය කරන බවට අනාවරණය වී ඇත. ජෙස්කෝ යන නම සමාගමේ නිර්මාතෘගේ පියා වන ජෙස්කෝ වොන් කොයිනිග්සෙග්ට උපහාරයක් වශයෙන් යොදා ඇත. මෙම රථය ධාවන පථවල ධාවනය සදහා වැඩි අවධානයක් යොදා නිපදවා ඇත.

 




ජස්කෝ රථයෙහි භාවිතා කරනු ලබන්නේ අශ්වබල 1600ක් නිපදවන ලීටර 5.0 ටර්බෝ චාජර දෙකකින් සමන්විත V8 එන්ජිමක් වේ. උපරිම වේග ආකාරය සහ වැඩි වායු ගතිකයක් ඇති ආකාරය ලෙස වර්ග ජස්කෝ මාදිලිය දෙකකින් නිපදවන බව සදහන් වේ. උපරිම වේග ආකාරය ජස්කෝ ඇබ්සෝල්ට් ලෙස හැදින්වේ. මෙම රථයේ වැඩි වායු ගතිකයක් ඇති ආකාරය මෙන් එකක් දක්නට නොලැබේ. මෙම රථය සැහැල්ලු කිරීම සදහා කාබන් ෆයිබර් භාවිතා කර තිබෙන අතර රථයේ ස්කන්ධය 1420kg ලෙස සදහන් වේ.

 


මෙම රථයේද අනෙකුත් කොනිසෙග් රථවල මෙන්ම දක්නට ලැබෙනුයේ වක්‍රාකාර වින්ඩ්ස්ක්‍රීන් එකක් වන අතර කොනිසෙග් සමාගමටම ආවේණික දොරවල්ද අන්තර්ගත කර තිබේ. මෙම දොරවල් විවෘත කිරීමේදී පදික වේදිකාවල ගැටීමට විසදුමක් ලෙස මෙහි පි‍ටුපස බලන කණ්නාඩිවල පහලින් පාර්කින් සෙන්සර්යක් , කැමරාවක් සහ උෂ්නත්ව සෙන්සරයක්ද සම්බන්ධකර තිබේ.

 



මෙම රථයේ ඉදිරිපස බොනට්ටුව තුළට රථයේ වහළය සම්පූර්ණයෙන්ම අතුළත් කල හැකි අතර ජස්කෝ රථයේ ගමන්මළු සදහා වැඩි ඉඩකඩක් දක්නට නොලැබේ. රථයේ හැරවුම් ලාම්පු , ලිෆ්ටිං පද්ධතිය වැනිදෑ පාලනය කරන බොත්තම් සුක්කානමේ දක්නට ලැබෙන අතර ඒවා ස්පර්ශ සංවේදී ස්විච වේ.


ජස්කෝ රථයේ වේගමාපකය විශේෂ වේ.සෘජුකෝණාස්‍රාකාර ඩිජිටල් තිරයක් වන එය සුක්කානමට සම්බන්ධ කර තිබෙන බැවින් සුක්කානම හරවනු ලබන විට තිරයද ඒ සමග ගමන් කරනු ලැබේ. එමනිසා වේගය දක්වන වෘත්තාකාර මීටරය සෑම විටම සිරස්ව පවතීම සදහා මාලිමාවක ක්‍රියාකාරීත්වයට සමානව චලනය වේ. මෙයට පි‍ටුපස ඩැෂ්බෝඩ් එක මත G-force සෙන්සරයක් අන්තර්ගත වේ. රථය පණගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම ගියරයට පි‍ටුපසින් පිහිටා තිබේ.

 



මෙම රථයට කොනිසෙග් 1 to 1 රථයට සමාන Active spoilerයක් දක්නට ලැබෙන නමුත් එය වක්‍රාකාර හැඩයක් ගනී. මෙමගින් වැඩි වායු ගතිකයක් ලබා දීම සහ තිරිංග යෙදීමේදී අමතර පහසුවක් ලබා දීම සිදු කරයි.




ජස්කෝ රථයේ දක්නට ලැබෙන්නේද රෙගේරා රථයේ දක්නට ලැබුනු ආකාරයේ යතුරක් වේ. මෙම යතුර කොනිසෙග් සමාගමේ ලංඡ්නයේ හැඩයට සමාන වන අතර එහි පි‍ටුපස බොත්තම් 7ක් අන්තර්ගත වේ. ඉන් දෙකක් රියදුරු සහ මගී දොරවල් විවෘත්ත කිරීමට , තවත් දෙකක් ඉදිරිපස සහ පි‍ටුපස ට්‍රන්ක් විවෘත්ත කිරීමට , තවත් බොත්තමක් ගෝස්ට් ආකාරයට (දොරවල් දෙක සහ ට්‍රන්ක් විවෘත්තකර විට ආකාරය ලෙස හැදින්වේ.) පත් කිරීමට , රථය ලොක් අන්ලොක් කිරීමට සහ රථයේ ඉදිරිපස ලාංඡනයට පහළින් ඇති කැමරාව ඉහළට ගැනීම (මෙය රෙගේරා රථයේ දක්නට ලැබූ දෙයක් වේ.) සදහා භාවිතා කරනු ලැබේ. මෙම මෝටර් රථයේ මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක් ලෙස ගණන් බලා ඇත. 


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments