ෆෙරාරි සමාගමේ හයිබ්‍රිඩ් හයිපර් කාරය ෆෙරාරි වන ලාෆෙරාරි රථයේ විස්තරය. (Ferrari laferrari in sinhala)
ෆෙරාරි සමාගම තමාගේ පස්වන මොඩර්න් මොටර් රථය ලෙස ලාෆෙරාරි රථය හදුන්වා
දෙන ලදී. ලාෆෙරරි රථය හයිපර් කාර් වර්ගයට අයත් හයිබ්‍රිඩ් මෝටර් රථයකි. සාමාන්‍ය V12 දහන එන්ජිමට අමතරව ඇති විද්‍යුත් මෝටරය
මගින් අශ්වබල 950ක් නිපදවනු ලැබේ.
මෙම රථය 0mph සිට 62mph දක්වා වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්ත්පර
2.4 සහ රථයේ උපරිම වේගය ලෙස ආසන්න වශයෙන් 220mph ලෙස සටහන් වේ.
ෆෙරාරි සමාගම විසින් සීමිත මාදිලියක් ලෙස නිර්මණය කරන ලද ලාෆෙරාරි රථ
499ක් පමණක් නිපදවන ලදී. මෙම රථ පළමුවරට වෙළදපොලට නිකුත්කරන ලද අවස්ථවේදී
එම රථ මිලදී ගත හැකි වූයේ ෆෙරාරි සමාගම විසින් තෝරාගන්නා ලද පාරිභෝගිකයන් හට පමණි.
එනම් එම කාලවකවනුවේදී ඔබ රථයේ මිල ගෙවීමට සූදානම් වූවද ෆෙරාරි සමාගම ඔබව තෝරාගෙන නොසිටියේ
නම් ඔබට රථය මිලදී ගත නොහැකි වේ. පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය අනුව තමාගේ නම වුවද රථයේ
සටහන් කිරීමට ෆෙරරි සමාගම විසින් කටයුතු කරන ලදී.
රථය පණගැන්වීමේ සහ විසන්දි කිරීමේ බොත්තම
( Engine start stop button ) රථයේ සුක්කානමේ දක්නට ලැබෙන අතර සාමන්‍යයෙන් රථ
වල නලාව සුක්කනමේ මැද දක්නක ලැබෙනමුත් මෙම රථ සුක්කානමේ සුක්කානම ග්‍රහණය කරන කොටසේ
දක්නට ලැබේ.
එමෙන්ම රථයේ සුක්කානමේ ඉහල LED බල්බ මගින් රථයේ ගියර් මාරු කිරී මේදී එහි
වේගයට අනුරූපව බල්බ දැල්වීම සහ නිවීම සිදුවේ. මෙම රථයේ
Wet sport race ලෙස ධාවන ආකාර 3ක් දක්නට ලැබෙන අතර එය වෙනස් කිරීමට කරකැවිය
හැකි සුවිචයක් රථයේ සුක්කානමේ පිහිටා ඇත. එම සුවිචයේම
CT off සහ ESC off අදාල ස්ථානද අන්තර්ගත වේ.
යිබ්‍රිඩ් තාක්ෂණය මෙම රථයේ අන්තර්ගත බැවින් මෙම රථයද එන්ජිමේ ක්‍රියාකාරීත්වය
අක්‍රීය කරවා විද්‍යුත් මෝටර්ය මගින් පමණක් ද ධාවනය කලහැකි වේ. ඒ සදහා ඇති බොත්තම රථයේ
ඇතුලත ඇති පිටුපස බලන කණ්නාඩියට ඉහලින් පිහිටා ඇත.එම විද්‍යුත් මෝටරය ක්‍රියාත්මක
කිරීමට අවශ්‍ය බැටරිය ආරෝපණය ( Charge ) කිරීමට අදාල ස්ථානය රථයේ දකුණු පස ඉන්ධන කවුළුවක හැඩයකින් ඇති අතර ඒ
සදහා අවශ්‍ය විශේෂ චාජරයක්ද ෆෙරාරි සමාගම විසින් රථවල හිමිකරුවනට ලබාදෙන ලදී.
මෙම රථයේ දුම් කවුළු 4ක් එක් පසක 2ක් බැගින් රථයේ පිටුපස පහළින් දක්නට ලැබේ.
මෙම රථයට Active spoiler ක් ඇති අතර එය රථයේ පිටුපස ඇති ලාංඡනයට
ඉහලින්
ඇති අතර එය ගමන් කරන වේගය අනුව එහි උස වෙනස් කරගනී.
සාමාන්‍ය ලාෆෙරාරි රථයට අමතරව ලාෆෙරාරි ඇපර්ට ලෙස වහලය ඉවත් කල හැකි මාදිලියක්ද
හදුන්වා දෙන ලදී. මෙම මාදිලියේද රථ සීමිත ප්‍රමාණයක් නිපදවා ඇති අතර මුළු ලොවටම රථ
210ක් නිකුත් කිරීමට ෆෙරාරි සමාගම කටයුතු කරන ලදී.
ලාෆෙරාරි රථය පලමුවරට වෙලදපොලට නිකුත් කරන විට රථයේ මිල මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු 257,600,000 ( බදු රහිතව වේ. $ 1 400 000 ) පමණවිය. නමුත් මේ අවස්ථාව වන විටදී බොහෝ රථවල මිල මෙරට බදු රහිතව රු 552,000,000 ( $ 3 000 000 ) ට වඩා ඉහළ අගයක් ගනී.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7Pagani huayra
Comments
Post a Comment