ලැම්බොගිනි ඇවන්ටඩෝර් SVJ රථයේ විස්තරය.(Lamborghini Avntador in sinhala).




ලැම්බොගිනි සමාගම 2019 දී ඇවෙන්ටඩොර් SVJ රථය හදුන්වා දුන් අතර අශ්ව බල 770 සහිත  V12 එන්ජිමකින් සමන්විත වේ. මෙම රථය 0 mph සිට 60 mph දක්වා යාමට ගත වන කාලය තත්ත්පර 2.7ක් ලෙසට සටහන් වේ. මෙම රථයේ උපරිම වේගය ලෙස 220 mph (350 kmh) සටහන් වන අතර ස්කන්ධය 3800 lb (1720 kg) ලෙස සදහන් වේ.

 



මෙම මාදිලියේ මෝටර් රථ සීමිත ප්‍රමණයක් නිපදවා ඇති. සාමාන්‍ය මාදිලියෙන් (Coupe) රථ 900 වහලය ඉවත් කල හැකි (Roadster) මාදිලියෙන් රථ 800 පමණක් නිපදවා ඇත



ඇවෙන්ටඩොර් මාදිලියෙන් දැනට නිපදවා ඇති සියලු මෝට රථ අතරින් වඩාත්ම බල සම්පන්න මෝටර් රථය වන්නේ ඇවන්ටඩෝර් SVJ රථයයි. රථයේ දුම් කවුලු  2ක් ඇති අතර ඒවා රථයේ පි‍ටුපස ඉහලින් මැදට වන්නට පිහිටා තිබේ. මෙම මාදිලියටද අනෙකුත් ඇවන්ටඩොර් මාදිලිවල මෙන්ම අන්තර්ගත කර තිබෙන්නේ කතුරු දොරවල් ආකාරයේ ( scissor doors.) වේ.


ලැම්බොගිනි සමාගම විසින්ම රථයට  Spoiler  සම්බන්ද කර තිබෙන අතර එය කාබන් ෆයිබර් වලින් නිර්මණය කර ඇති අතර සුවිශේශ අලන්කාර හැඩයකින්ද යුක්ත වන අතර එය මෙම රථයට ස්ථන 3 කින් සම්බන්ධ වේ.



එමෙන්ම ලැම්බොගිනි හුරකන් පර්ෆොමාන්ටේ රථයෙන් හදුන්වා ALA දුන් පද්ධතිය මෙම රථයේ දී ද දැකිය හැක. මෙම තාක්ශණය මගින් රථය උපරිම වේගයෙන් යාමේ දී හා රථය වන්ගු හැරවීමේදී විද්යුතය මගින් චලනය වන කුඩා කවුළු  වාතය ගමන් කරන දිශාව වෙනස්කර උපරිම වේගයක් ලබා ගත හැකි වේ



රථයේ එන්ජින් ආවරණය මදක් ලැම්බොගිනි වෙනිනො (Lamborgini Veneno) රථයට සමානතාවයක් දක්වන අතර එන්ජිම මගින පිටකරනු ලබන උණුසුම් වාතය පිටවීම සදහා කවුලු සාදා ඇත. එන්ජින් ආවරණයේ මැද කොටස වීදුරු මගින් නිර්මණය කර ඇත.  


අනෙකුත් බොහෝ ලැම්බොගිනි රථවල මෙන් රථය පණගැන් වීම සහ ක්‍රියා විරහිත කිරීමට අදාල බොත්තම පියනකින් ආවරණය කර ඇත. ඇවන්ටඩොර් එස්.වී.ජේ. රථයේ ද බොහෝ සුපර් කාර් වල දක්නට ලැබෙන ආකරයටම ගියර් වෙනුවට පැඩල් ශිෆ්ට් දැකිය හැක. මෙම රථයේ Strada , Sport,  Corsa, සහ Ego ලෙස රථය ධාවනය කල හැකි ආකාර 4කින් සමන්විත වේ.  මෙහි ස්ට්‍රාඩා (Strada) යනු සාමන්ය මාර්ගවල ධාවනයටත් ස්පොර්ට් (Sport) ක්‍රිඩා ආකරයේ ධාවනයටත් කෝර්සා (Corsa) ධාවන පථවල ධාවනයටත් යොදා ගත හැක.



SVJ රථයට පෙර පැමිණි ඇවෙන්ටඩොර් රථවල් සහ හුරකන් රථ සහ සමහර විශේශ රථ වල මෙම ආකාරයට ධාවනය වන ආකාරය වෙනස් කරන විට වේගමාපකය වෙනස්වන නමුත්  SVJ රථයේ සෑම විටම දැකිය හැක්කේ ස්ට්‍රාඩා (Strada) ආකරයේදී දැකිය හැකි වේගමාපකයම වේ. ධාවන ආකාරය අනුව රථයේ වේගමපකයේ වර්ණය පමණක් වෙනස් වේ. 


මෙම රථයේ ඉන්ෆොට්‍රිට්මන්ට් පද්ධතිය සදහා ඇති තිරය ස්පර්ශ සන්වේදී (Touch Screen)  තිරයක් නොවේ. එමෙන් ම මෙවැනි වේගවත් රථ ධාවනය කිරීමේ දී වේග සීමාවන් ඉතා ඉක්මනින් පසුවන නිසා අදාල අවස්ථා වලදී ධාවකයා විසින් ඇතුලත් කරන වේග සීමාව පසුකරන විට ඒ බව දන්වන පද්ධතියක් ද රථයේ අන්තර්ගත වේ. මෙම රථයේ සාමාන්ය මිල $520 000 (ආසන්න වශයෙන් රු 93 600 000 බදු රහිතව.) පමණ වේ. (තමාගේ කැමැත්ත අනුව සිදු කරන වෙනස්කම් අනුව මිල වැඩි වේ.)


මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7



Comments