ලැම්බොගිනි හුරකන් පර්ෆොමාන්ටේ. ALA පදධතියක් සහිත පළමු ලැම්බොගිනි මාදිලිය. (Lamborghini huracan performante in sinhala).




ලැම්බොගිනි හුරකන් පර්ෆොමන්ටේ රථය සුපර් කාර් ගණයට අයත් සාමාන්‍ය හුරකන් රථයේ  වැඩිදියුණු ( performance version ) කල මාදිලිය ලෙස 2018 දී ලැම්බොගිනි සමාගම විසින් හදුන්වා දෙන ලදී. 
ලැම්බොගිනි හුරකන් පර්ෆොමන්ටේ කූප් ( coupe- සාමාන්‍ය ආකාරය ) සහ ලැම්බොගිනි හුරකන් පර්ෆොමන්ටේ ස්පයිඩර් ( Spyder- වහලය හැකිලිය හැකි. ) මාදිලි දිත්වයම ඉදිරිපත් කරන ලදී. 

 

මෙම රථයට ලීටර්  5.2 අශ්ව බල 640 V10 (සිලින්ඩර් 10 ) එන්ජිමක් ඇති අතර සාමාන්‍ය හුරකන් රථයට වඩා රාත්තල් 90 කින් ස්කන්ධය අඩු වේ. මෙලෙස ස්කන්ධය අඩුවීම සදහා මූලික හේතුව වන්නේ කාබන් ෆයිබර් භාවිතා කිරීම ලෙස දැක්විය හැක.



රථයට 0-60 mph වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්ත්පර 2.4ක් ලෙස සටහන් වේ. ශඩාස්‍රාකාර හැඩය මෙම රථයේ බොහෝ ස්ථාන වල දක්නට ලැබීම විශේශ කරුණක් ලෙස දැක්විය හැක. රථයේ පැති කණ්නාඩි ,  A/C කවුලුවල හැඩය, සුක්කනමේ මැද කොටසේ හැඩය සහ තව බොත්තම් ආදී බොහෝ කොටස් වල හැඩය ශඩාස්‍රාකාර වේ.

 


මෙම රථයේද බොහෝ ලැම්බොගිනි රථවල මෙන් රථයේ පණගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම ආවරණයකින් ආවරණය කර ඇත. රථය පි‍ටුපසට ගැනීම සදහා  R අක්ශරය යෙදූ කුඩා ගියරයක් වැනි කොටසක් සහ රථය පාර්කින් ආකරයට යෙදවීම සදහා P අක්ශරය යෙදූ බොත්තමක් සහ රථයේ ගියර් දැමීම ධාවකයාට අවශ්‍ය පරිදි සිදු කිරීමට යෙදූ M ( රථය manual කිරීමට) බොත්තමක්ද ධාවකයා හා මගියා අතර ඇති බොත්තම් සහිත කොටසේ දක්නට ලැබේ.



රථයේ oil පීඩනය , උශ්ණත්වල සහ බැටරිය වැනි කරණා මැද ඇති පාලක කොටසට ඉහල කුඩා තිරයකින් දක්වනු ලබයි. බොහෝ සුපර් කාර් වල කෝප්ප රදවනයක් (Cup holder ) දක්නටනොලැබෙන නමුත් හුරකන් පර්ෆොමාන්ටේ රථයේ මගී අසුන පැත්තේ සැගවී ඇති අතර එම බොත්තම එබී මෙන් කෝප්ප රදවනය පිටතට ගත හැක. 




ලැම්බොගිනි ඇවන්ටඩො මාදිලියේ රථවල ධාවන ආකාර ‍තෝරා ගැනීමේ කොටස රථයේ පාලක පුවරුවේ මැදටවන්නට පිහිටි නමුත් හුරකන් රථයේ මෙන්ම හුරකන් පර්ෆොර්මන්ටේ රථයේද ධාවනය කල හැකි ආකාරය ‍තෝරා ගැනීමට සුක්කානමේ කුඩා ඉහළ පහළ චලනය කල හැකි ස්විචයක් ඇත. මෙම රථයේ ධාවන ආකාර ලෙස Starda , Sport , Corsa දැක්විය හැක. Corsa ආකාරය ධාවන පථ සදහා ධාවනයටද , Sport  ක්‍රීඩා ආකාරයේ ධාවනයටද , Starda සාමාන්‍ය ආකාරයේ ධාවනය ලෙසටද ධාවනය කල හැක.

මෙම රථයේ වේගමාපකය ලෙස ඩිජිටල් තිරයක් ඇත. ධාවකයා රථය ධාවනය කරන ආකාරය අනුව රථයේ ශබ්ධය , පැඩල් ශිෆ්ට් වල සැහැල්ලු බව  සහ වේගමාපකයේ ස්වරූපය ආදී බොහෝ දේ වෙනස් වීම සිදුවේ.

සුපර් කාර් සහ හයිපර් කාර් වල පොළොව සහ රථය අතර පරතර බොහෝ අඩු බැවින් රථයේ උස අඩු වැඩි කිරීමේ පද්ධතියක් ( Lifting system ) සමාගම් විසින් රථයට යොදනු ලබයි . හුරකන් පර්ෆොමාන්ටේ රථයට මෙම පද්ධතිය අන්තර් ගත කිරීම සදහා ඩොලර් 6900 ( ආසන්න වශයෙන් රුපියල් 1,262,700 බදු රහිතව ) අමතරව ගෙවීමට සිදුවේ.




හුරකන් පර්ෆොමාන්ටේ රථයේ කාබන් ෆයිබර් වලින් නිර්මණය කරන ලද Spoiler දක්නට ලැබේ. හුරකන් පර්ෆොමාන්ටේ රථය සාමාන්‍ය හුරකන් රථයෙන් වෙනස් වන ප්‍රධාන හේතුව වන්නේ ලැම්බොගිනි සමාගම විසින් හදුන්වා දුන් ALA පද්ධතිය වේ. මෙහි ALA යනු  Aerodinamica Lamborghini  Attiva යන්නයි. මෙම පද්ධතිය මගින් රථයේ වේගය අනුව රථයේ ඉදිරිපස වත කවුලු මගින් ලබා ගන්නා වාතය සහ පි‍ටුපස ඇති කවුලු මගින් ලබා ගන්නා වාතයේ ගමන් මග පාලනය කරමින් රථයෙන් පහලට අමතර බලයක් ඇතිකර රථයේ ස්ථාවරත්වය වැඩි කර ගැනීමයි. 


 

රථයේ ආරම්භක මිල ඩොලර්  275 000 කි (මෙරටදී බදු රහිතව ආසන්න වශයෙන් රුපියල් 50,325,000 ක් පමණ වේ.)(තමාගේ අවශ්‍යතා අනුව සිදුකරන වෙනස්කම් මත රථයේ මිල වෙනස් වේ. ).  


මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.


Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments