සුපර් කාර් සහ හයිපර් කාර් නිපදවන බොහොමයක් සමාගම් වලට ප්‍රධාන එක් ලාංඡනයක් පැවතියද ලාංඡනය යොදනු ලබන ස්ථානයේ ඉඩ පහසුව සදහා අමතර ලාංඡනද සමාගම් විසින් භාවිත කරනු ලැබේ. මෙහි අන්තර්ගත කර තිබෙන්නේ මේ අවස්ථාව වනවිට භාවිත කරනු ලබන්නන් පමණක්වේ.
1 ලැම්බොගිනි සමාගම
ලැම්බොගිනි සමාගමේ ප්‍රධාන ලාංඡනය වන්නේ වක්‍රාකාර රේඛාවලින් සෑදුනු ත්‍රිකෝණාකාර
හැඩයක ඇති කුළු ගවයෙකු වේ. මෙම ලාංඡනය බොහෝ දක්නට ලැබෙන්නේ ලැම්බොගිනි රථවල ඉදිරිපස
ඇති ලාංඡනය ලෙසට වේ. මෙම ලාංඡනය ලැම්බොගිනි චෙන්ටනාරියෝ රථයේ දොරවල් දෙක අසට වන්නටද
යොදා ගන්නා ලදී.
මීට අමතරව ලැම්බොගිනි සමාගම භාවිත කරන අනෙක් ලාංඡනය වන්නේ ලැම්බොගිනි
යන්න ඇල කර ලියූ අකුරින් දැක්වීමයි. මෙම ලාංඡනය බොහෝ විට රථයේ පිටුපස ලාංඡනය ලෙස දක්වා
තිබේ.
2 ෆෙරාරි සමාගම
ෆෙරාරි සමාගම තමා නිශ්පාදනය කරන රථ සදහා භාවිත කරන ලාංඡන බොහොමයක් දැකගත හැකිවේ. ඔවුන්ගේ ප්‍රධානම
ලාංඡනය ලෙස ලැම්බොගිනි සමාගමේ ලාංඡනයේ හැඩයට සමාන කොටසේ කකුල් දෙකකින් සිටගත් අශ්වයකුගේ
රූපයයි. මෙම ලාංඡනය බොහෝ විට දක්නට ලැබෙන්නේ රථයේ දොරවල් දෙක අසලට වන්නට වේ.
මෙම ලාංඡනය දක්නට ලැබෙන්නේ රථයේ ඉදිරිපස ලංඡනය ලෙසට වේ.මෙහි දක්නට ලැබෙන්නේ
ඉහත ලාංඡනයේ සලකුණම වන අතර බාහිර හැඩය පමණක් වෙනස් වේ.
අශ්වයාගේ සලකුණ පමණක්ද දැක්වෙන ලාංඡනයක් ෆෙරාරි සමාගම විසින් භාවිත කරනු
ලබන අතර එය රථයේ ඉදිරිපස බම්පරයේ සහ රථයේ පිටුපස ලාංඡනය ලෙස භාවිත කරනු ලැබේ.
4 බුගාටි සමාගම
බුගාටි සමාගම ප්‍රධාන ලාංඡනය ලෙස භාවීතා කරනු ලබන්නේ ඉලිප්සාකාර හැඩයක
රතු පැහැති පසුබිමේ සුදුපැහැයේන් බුගාටි ලෙස ලියූ ලාංඡනය වේ.මෙය රථයේ ඉදිරිපස ලාංඡනය
ලෙසට භාවිත කරනු ලැබේ.
රථයේ පිටුපස ලාංඡනය බැලූ බැල්මට අකුරක් B ලෙස පමණක් පෙනුනද එය B අකුරේ සහ අනෙක් පසට හැරවූ E අකුරේ එකතුවකි. මෙය බුගාටි සමාගමේ නිර්මාතෘ එටොරි බුගාටි සිහිවීම සදහා භවිත කරන්නක් ලෙස සැලකිය හැක.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
ඇතුළත් කරනු ලබන නව තොරතුරු
දැනගැනීම සදහා ප්‍රධාන පිටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.
ඒවගේම අපගේ facebook පිටුව සමගද එකතුවන්න අමතකරන්න එපා.
Comments
Post a Comment