ෆෙරාරි 488 GTB රථයේ විස්තරය. (Ferrari 488GTB in sinhala).

 


2017 වසරේ දී ෆෙරාරි සමාගම් විසින් සුපර් කාර් ගණයට අයත් 488 මාදිලිය හදුන්වා දෙන ලදී. මෙම රථයද Spyder (වහලය හැකිලිය හැකි) සහ coupe (සාමාන්‍ය) යන ආකාර දෙකෙන්ම නිර්මණය කරන ලදී.

488 රථය අශ්වබල 670ක් නිපදවිය හැකි V8 එන්ජිමකින් සමන්විත වන අතර 0mph සිට 60mph දක්වා වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්ත්පර 3ක් ලෙස සටහන් වේ.

 


රථය පණගැන්වීමේ සහ ක්‍රියාවිරහිත කිරීමේ බොත්තම ( Engine start stop button ) රථයේ සුක්කානමේ දක්නට ලැබෙන අතර සාමන්‍යයෙන් රථ වල නලාව සුක්කනමේ මැද දක්නක ලැබෙනමුත් මෙම රථ සුක්කානමේ සුක්කානම ග්‍රහණය කරන කොටසේ දක්නට ලැබේ.


එමෙන්ම රථයේ සුක්කානමේ ඉහල LED බල්බ මගින් රථයේ ගියර් මාරු කිරීමේදී එහි වේගයට අනුරූපව බල්බ දැල්වීම සහ නිවීම සිදුවේ. මෙම රථයේ Wet , Sport, Race ලෙස ධාවන ආකාර 3ක් දක්නට ලැබෙන අතර එය වෙනස් කිරීමට කරකැවිය හැකි සුවිචයක් රථයේ සුක්කානමේ පිහිටා ඇත. එම සුවිචයේම CT off සහ ESC off යන අවස්ථද අන්තර්ගත වේ.




මෙහි ප්‍රධාන වේගමාපකය සෘජුකෝණාස්‍ර හැඩ දෙකක් සහ වෘත්තාකාර හැඩයක් ලෙස කොටස් තුනකින් සමන්විත වේ. බොහෝ මෝටර් රථවල වේගමාපකය පමණක් රියදුරාට පමණක් දර්ෂනය වීමට ඇති නමුත් මෙම රථයේ මගියාටද රථය ගමන් කරන වේගය, ගියරය, රථය ගමන් ගත් උපරිම වේගය , සාමාන්‍ය වේගය වැනිකරුණු දැන ගැනීම සදහා මගී අසුනට ඉදිරියෙන් කුඩා ප්‍රමාණයේ තිරයක් අන්තර්ගත කර ඇත.


488 රථය මදක් 458 රථයට පෙනුමෙන් සමාන බවක් දක්නට ලැබේ. බොහෝ අවස්ථා වලදී මෙම ලක්ෂනය බොහොමයක් ෆෙරාරි මෝටර් රථවල දක්නට ලැබේ. පෙනුම අතින් 488 රථය 458 රථයෙන් වෙනස්වන අවස්ථාවක් ලෙස ඉදිරිපස ඩි‍ෆියුසරය  දැක්විය හැක. මෙය 458 රථයට වඩා මදක් උසින් වැඩිවේ.



එමෙන්ම 458 රථයේ දක්නට නොලැබුනු එන්ජිම සිසිලනයට නිපදවූ වාකවුළු දෙකක්ද රථයේ දොර අසල දෙපසින් දැකගත හැකි වේ. මෙම රථයේ පි‍ටුපස ඩි‍ෆියුසරය කාබන් ෆයිබර් වලින් නිපදවා ඇත. 458 රථයේ කුඩා දුම් කවුළු 3ක් එකතුවූ තනි දුම් කවුළුවක් දක්නට ලැබුන නමුත්  488 රථයේ වෙන වෙනම දුම් කවුළු දෙකක් දක්නට ලැබේ.



 එමෙන්ම මෙම පි‍ටුපස ඩි‍ෆියුසරයේ දක්නට ලැබෙන තවත් විශේෂ කොටසක් ලෙස කුඩා බල්බ 12කින් සමන්විත සෘජුකෝණාස්‍රාකාර කොටස දැක්විය හැක. මෙය ඩි‍ෆියුසරයේ මැදට වන්නට පිහිටන තිබේ. මෙම කොටස වර්ෂා සහිත අවස්ථාවල ධාවකයින්ට මෝටර් රථ පහසුවෙන් දැකගත හැකිවීම සදහා ෆෝමියුලා මෝටර් රථවල භාවිතා වන නමුත් මේ කොටස ෆෙරාරි 488 රථයේ මෙන්ම ලාෆෙරාරි රථයේද අන්තර්ගත කිරීමට ෆෙරාරි සමාගම් විසින් කටයුතු කර තිබේ. 


Spyder වර්ගයේ රථයක් මෙරට බදු රහිතව රු64,400,000 ($ 350 000) කට ආසන්න අගයක් ගනී. Coupe රථයේ මිල spyder රථයේ මිලට වඩා අඩුවේ.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7


Comments