මැක්ලරන් 570S රථයේ විස්තරය. (Mclaren 570s in sinhala).



2016 වසරේදී මැක්ලරන් සමාගම විසින් 570S රථ මාදිලිය හදුන්වාදෙන ලදී. මෙම රථය අශ්වබල 562ක් නිපදවන ලීටර 3.8 ටර්බෝ 2කක් සහිත V8 එන්ජිමකින් සමන්විතවන වේ. රථයේ උපරිම වේගය 200mphට වඩා වැඩිලෙස සටහන් වන අතර 0 සිට 60mphක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 3ක් ලෙස සටහන් වේ. මෙම මාදිලිය මැක්ලරන් සමාගමේ ආරම්භක අවස්ථාවේ , මිල අවම මාදියක් ලෙස හදුන්වා ලදී.

                                                     


මෙම රථයේද දක්නට ලැබෙන්නේ Butterfuly ආකාරයේ දොරවල් වේ. රථය පණගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම රියදුරු සහ මගී අසුන අතර පිහිටි කොටසේ දක්නට ලැබේ.




 මෙම රථයේද අනෙකුත් මැක්ලරන් රථවල මෙන්ම Comfort , Sport , Track ලෙස ධාවන ආකාර 3ක් ඇති අතර එය Power Train සහ Handling ලෙස එය වෙන වෙනම ‍තෝරගත හැකිවේ. මෙම ධාවන ආකාර ‍තෝරා ගැනීමට කරකැවිය හැකි ස්විච දෙකක් රථය පණ ගැන්වීමේ විසන්ධි කිරීමේ බොත්තමට පහළින් පිහිටා තිබේ. නමුත් එම ස්විච කැරකවූ පමණින් ධාවන ආකාරය වෙනස් නොවන අතර ඊට ප්‍රථමව ඊට පහළින් පිහිටි Activate බොත්තම ක්‍රියාත්මක කල යුතු වේ.




මෙහි වේගමාපකය තිර තුනකින් සමන්විත වන අතර ධාවන ආකාරය ‍තෝරා ගැනීමත් සමග වේගමාපකයේ පෙනුම අන්තර්ගත කරුණුද වෙනස් වීම සිදු වේ. මීට අමතරව තවත් පාලක තිරයක් එය පද්ධතිය පාලනය කිරීමට විනෝදාස්වාදය වැනි කරුණු සදහා භාවිතයට ඇත. මෙම රථයේ දෙපසින් වාකවුළු ඇති අතර ඒ සදහා රථයේ ඉදිරිපස රෝදය අසල සිට ඒ සදහා විශේෂ හැඩයකට දොර නිර්මාණය කර ඇත. මෙහි ඉදිරිපස මෙන්ම පි‍ටුපස ලාම්පු මැක්ලරන් සමාගම විසින් තමාගේ ලංඡ්නයේ හැඩයට සමාන හැඩයකින් නිපදවා තිබේ.



මෙම රථයේ ආරම්භක අවස්ථාවේ දී ඇමරිකානු ඩොලර් 200 000ක (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 4කට) පමණ මිලක් නියම විය. නමුත් මැක්ලරන් සමාගමේ මෙවැනි ආකාරයේ බොහෝ රථවල මිල කාලයත් සමග භාවිත කල රථයක් නියම කල මිලට වඩා අඩු මිලකට , සමහර අවස්ථාවලදී නියම මිලෙන් අර්ධයකට සමාන මිලකින්ද මිලදී ගැනීමට හැකිව තිබේ.


මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments