මැක්ලරන් 600lt රථය මැක්ලරන් 570S රථයේ ක්‍රීඩා ආකාරයේ රථය ලෙස සැලකිය හැක. මෙම රථයට අන්තර්ගත කර තිබෙන්නේ ලීටර 3.8 ටර්බෝ චාජර දෙකක් සහිත V8 එන්ජිමක් වන අතර එමගින් අශ්වබල 592 නිපදවනු ලබයි. මෙම රථයේදි බලය යෙදෙනු ලබන්නේ පිටුපස රෝද (Rear wheel drive) සදහා පමණක් වේ. මෙම මාදිලියද coupe සහ spider යන ආකාර දෙකෙන්ම හදුන්වා දෙන ලදී.
මෙම මාදිලියටද අන්තර් ගත කර තිබෙන්නේ Butterfly ආකාරයේ දොරවල් වේ. රථය පණ ගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම රියදුරු සහ මගී අසුන අතර කොටසේ ඉහළින්ම පිහිටා තිබෙන අතර ඊට පහළින් ධාවන ආකාරය තෝරා ගත හැකි ස්විච දෙක පිහිටා තිබේ. ඒවා කරකැවිය හැකි ස්විච දෙකක් වන අතර අනෙකුත් මැක්ලරන් මාදිලිවල මෙන් හැඩලින් සහ පවර් ට්‍රෙයින් ලෙස ධාවන ආකාර වෙන වෙනම තෝරා ගත හැකිවේ.
රථයට ධාවන අකාර තුනක් ඇති අතර ඒවා කම්ෆර්ට් , ස්පොර්ට් සහ ට්‍රැක් (Comfart , Sport , Track) ආකාර වේ. නමුත එම ස්විච කරකවූ පමණින් ධාවන ආකාරය වෙනස් නොවන අතර ඊට ප්‍රථමව පහළින් පිහිටි ඇක්ටිවේට් (Active) බොත්තම එබිය යුතුවේ. ඊට අමතරව රියදුරු සහ මගී අසුන අතර කොටසේ රථය ලොන්ච් කිරීමට , එන්ජිම් ස්වයංක්‍රීයව විසන්ධි කිරීමට , රථය පිටුපසට ගැනීම වැනි කරුණු සදහා අවශ්‍ය බොත්තම් අන්තර්ගත කර තිබේ. මෙම රථයේ දක්නට ලැබෙන්නේ ඩිජිටල් තිරයක් සහිත වේගමාපකයක් වන අතර රථයේ ධාවන ආකාරය වෙනස් කිරීමත සමග වේගමාපකයද ඉදිරිපත් කරන දත්ත , ස්වරූපය වෙනස් කරගනු ලබයි.
මෙම රථයේ හැරවුන් ලාම්පු වැනිදෑ අනෙකුත් බොහොමයක් මැක්ලරන් මාදිලිවල මෙන් මැක්ලරන් සමාගමේ ලාංඡනයේ හැඩයට සමානව නිර්මාණය කර තිබේ. මෙම රථයේ දුම් කවුළු දෙකක් දක්නට ලැබෙන අතර ඒවා ස්ථානගත කර තිබෙන්නේ අනෙකුත් රථවල දක්නට නොලැබුනු තැනකට වන්නට වේ. රථයේ පිටුපස එන්ජිම සහ ස්පොයිලරය අතරට වන්නට සිරස්ට ආසන්නව පිහිටා තිබේ. එම පිහිටීම ගැන සමහර අවස්ථාවලදී අප්‍රසාදයක්ද පලවුනේ එය සිරස්ව මදක් එන්ජිමට අසළින් පිහිටා තිබෙන නිසා වර්ෂාව මගින් එන්ජිමට වතුර යෑමට ඉඩකඩ ඇති බැවින් වේ. නමුත් මෙම ආකාරයට දුම් කවුළු ස්ථාන ගත කිරීමෙන් බොහොමයක් වාසිද හදුනාගත හැකි වේ.
මෙම රථයට 570S රථයේ දක්නට නොලැබුනු ස්පොයිලරයක් මැක්ලරන් සමාගම විසින් අන්තර්ගත කර තිබෙන මෙන්ම 570S රථයට වඩා මදක් විශාල කාබන් ෆයිබර් වලින් නිපදවන ලද ඉදිරිපස මෙන්ම පිටුපස ඩිෆියුසරද අන්තර්ගත කර තිබේ. 600lt මාදිලියේද MSO (MSO යනු Mclaren Special operations යන්නේ කෙටි යෙදුමවේ) රථද හදුන්වා දුන් අතර එම රථවල සාමාන්‍ය රථවල දක්නට නොලැබෙන ආකාරයේ වහළයේ පිහිටි වාකවුළුවක් (Roof scoop) , ලූවර්ස් ( louvers ) වැනි වෙනස්කම් ගණනාවක් අන්තර්ගත කර තිබේ.
මෙම මාදිලියේ භාවිතා කරන ලද රථයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 225 000ත් 330 000 (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රුකෝටි 4.5ත් 6.6අතර)අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment