2015 වසරේදී පෝර්ශෙ සමාගම විසින් 918 රථය ලොවට හදුන්වා දෙනල දී. (ඊට පෙර මෙම රථය ආදර්ශයක් ලෙසට හදුන්වා දෙන ලදී.) මැක්ලරන් සමාගම P1 රථයද ෆෙරාරි සමාගම ලාෆෙරාරි රථයද නිපදවූ අතර පෝර්ශෙ සමාගම විසින් තමාගේ හයිබ්‍රිඩ් හයිපර් කාරය ලෙස 918 මාදිලිය හදුන්වා දෙන ලදී.
මෙම රථය දහන එන්ජිමට අමතරව ඉලෙක්ට්‍රික් මෝටර දෙකකින්ද සමන්විත වන අතර ඒ සියල්ලම මගින් අශ්වබල 875ක් නිපදවනු ලැබේ. එමෙන්ම මෙම රථය රෝද සියල්ලටම බලය බෙදා හරිනු ලැබේ(4 Wheel driving). එය එක් උපකාරයක් ලෙස ගෙන 0mph සිට 60mph දක්වා වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්පර 2.2කි. 918 රථයේ උපරිම වේගය ලෙස සටහන් වන්නේ 211mphක් වේ. එමෙන්ම් මෙම 918 මාදිලියේ රථ 918ක් ද නිපදවීමට පෝර්ශෙ සමාගම කටයුතු කරන ලදි.
මෙම රථය ධාවන ආකාර 4කින් සමන්විත වේ. ඒවානම් ඉලෙක්ට්‍රික් ආකාරය, හයිබ්‍රිඩ් ආකාරය, ක්‍රීඩා ආකාරය සහ රේස් ආකාරයයි. ඉලෙක්ට්‍රික් ආකාරයේදී රථයේ දහන එන්ජිම සම්පූර්ණයෙන්ම නවතා විදුලි මෝටර් මගින් ජනණය කරන බලයෙන් පම්ණක් රථය ධාවනය කල හැකිවේ.
ධාවන ආකාරය තෝරාගැනීම සදහා කරකැවිය හැකි රවුම් සිවිචයක් සුක්කානමේ දකුණු පසින් අන්තර්ගත කර තිබේ. එහි මැද රතු පහැති බොත්තමක් අන්තර්ගත වන අතර එමගින් විද්‍යුත් මෝටර් මගින් අමතර තල්ලුවක් ලබාදේ. පෝර්ශෙ 918 රථයේ ප්‍රධාන පාලක පුවරුව ස්පර්ශ සන්වේදී තිරයක් වන අතර එහි මැදට වන්නට වෘතාකාර ස්විච 3ක් දැකගත හැකිවේ.
මෙම රථයද දහන එන්ජිම මගින් සහ තිරින්ග යොදන අවස්ථාවලදී බැටරිය ආරෝපණය කරගැනීමේ හැකියාව ඇති අතර එම අවස්ථාවලදී වේගමාපකයට යටින් කොල පැහැති ආලෝකයක් මගින් ඒබව දක්වනු ලැබේ.
මෙම රථයේ දුම් කවුළු 2ක් අන්තරගත වන අතර ඒවා රියදුරු සහ මගී අසුනට පිටුපසින් පිහිටා තිබේ.
එමෙන්ම මෙම රථයටද active spoilerයක් ඇති අතර එය අවශ්‍ය පරිදි පාලනය කිරීමේ හැකියාවද පවතී. P1 රථයේ spoilerය ඉහළට ඔසවා තැබීම සදහා රථයේ ධාවන ආකාරය Race බවට පත් කලයුතු වුවත් 918 රථයෙහි ඕනෑම ධාවන ආකාරයකදී spoilerය ඉහලට ඔසවා තැබීමේ අවස්ථාව ධාවකයාට ලබදේ.
රථයේ දෙපසම ඉන්ධන ටැන්කි පියන් දෙකක් දැකගත හැකිවේ. මෙහි වම්පස පියන ඉන්ධන සදහාද දකුණුපස පියන බැටරිය ආරෝපණය කිරීමට අවශ්‍ය චාජරය සම්බන්ධ කරන ස්ථනය සදහාද වෙන්කර තිබේ. මෙහි රෝද සියල්ලම රථයට සම්බන්ධ කර තිබෙන්නේ මැදින් පිහිටි තනි නට් එකක් මගින්. පොර්ශෙ සමාගම විසින් ගැනුම්කරුවන් හට රථයේ ස්කන්ධය අඩුකර ගැනීමට(මෙලෙස ස්කන්ධය අඩු කර ගැනීම සදහා සමහර කොටස් වෙනුවට කාබන් ෆයිබර් වලින් නිපදවූ කොටස් භාවිතා කරනු ලැබේ.) පිටුපස ඩිෆියුසරයට වයිසැක් ලෙස අමතර මුදලක් ගෙවා මිලදී ගැනීමට අවස්ථාව උදාකරන ලදී. ඒ සදහා $ 85 000ක (ආසන්න වශයෙන් රු 17,000,000ක) පමණ මුදලක් අයකරන ලදී.
මෙම රථය හදුන්වා දුන් අවස්ථාවේදී රථයේ මිල $ 1 000 000කට(මෙරට බදු රහිතව රු 20 000 000) ආසන්න විය.නමුත් මේ වනවිට රථයේ මිල $ 1 500 000 ත් $ 2 000 000ත්(මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු 30 000 000ත් රු 40 000 000 ත්) අතර වේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment