ජපන් ජාතිකයින් සදහා නිපදවූ ලැම්බොගිනි ජපන් සංස්කරණය. (Lamborghini japan edition in sinhala).




ලොව ඕනෑම තැනක ලැම්බොගිනි රථවලට පිළිගැනීමක් දක්නට ලැබේ. ලැම්බොගිනි සමාගම ජපානයේ පිහි‍ටුවා වසර 50ක් පිරීම නිමිත්තෙන් එය සැමරීමට විශේෂ රථ 5ක් හදුන්වා දෙන ලදී.  2017 වසරේදී මෙම රථ හදුන්වා දුන් අතර ඒ සදහා මුල් කර ගෙන තිබුනේ ලැම්බොගිනි ඇවන්ටඩෝ රෝඩ්ස්ටර් රථයයි. 

මෙම රථ නම් කර තිබෙන්නේ ගින්දර පොළොව ජලය සුළග සහ අහස පදනම් කරගෙන වේ. එම රථය වර්ණ ගන්වා තිබෙන්නේද නිරූපණය කරනු ලබන දේ පදනම් කර ගෙන වේ. 

උදාහරණයක් ලෙස ගින්දර නිරූපණය කරන රථය ලා රතු පැහැයේ සිට තද රතු පැහැය දක්වා වර්ණ හුවමාරුවක් වන ලෙස ආකාරයටද පොළොව නිරූපණය කරන රථ ඉහත ආකාරයට කොළ පැහැයෙන්ද යන ආකාරයට වේ. මෙම රථයේ අතුලත සහ පණ ගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම් ආවරණය භාවිතා කර තිබෙන නූල ආදිය ද රථය නිරූපණය කරන දෙයට අනුකූල වීමට නිපදවා තිබේ. මෙම රථයේ වහළය කාබන් ෆයිබර් වලින් නිපදවා තිබේ.






මෙම රථවල නාමය රියදුරු සහ මගී අසුන අතර පි‍ටුපස කොටසේ කාබන් ෆයිබර් වලින් නිපදවූ ෂඩාස්‍රාකාර හැඩති කොටසක කන්ජි අක්ෂර වලින් දක්වා ඇත. (කන්ජි යනු ජපානයේ මුලින්ම භාවිතා කරනු ලැබූ චීන රූපාක්ෂර අක්ෂරවේ. මේ වන විටද කන්ජි අක්ෂර භාවිතයට ගන්නා අතර හිරගනා හා කතකනා අක්ෂරද හදුන්වා දෙන ලදි. ) එම රූපාක්ෂර වල අර්ථයන් ඉහත දැක්වේ. 

එමෙන්ම මෙම රථ මිලදී ගැනීමේ හැකියාව ලැබුනේ ජපන් ජාතිකයන් හට පමණි. ඇවෙන්ටඩෝ මාදිලිය ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී ඔබට ඉදිරිපත් කිරීමට බලපොරොත්තු වේ.

(ඊයේ දින ( 2021.07.07 ) ලැම්බොගිනි සමාගම විසින් ඇවන්ටඩෝ කාණ්ඩයේ  නවතම මාදිලිය වන ලැම්බොගිනි ඇවන්ටඩෝ 780-4 උල්ටිමේ (Lamborghini Aventador LP 780-4 Ultimae) රථය ලොවට හදුන්වා දීම ඔබ නැරඹුවාද?)




මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments