මෝටර් රථ වල වහලය ඉවත් කල හැකි ආකාර. (Roadster modes and spyder modes in sinhala).

 


 

අපට බොහෝ අවස්ථා වලදී දක්නට ලැබෙන්නේ ටෙන්ට් එකකින් නිමකල වහළය හැකිලී ආකාරය පමණක් වන නමුත් රථවල ව්හලය ඉවත් කල හැකි ආකාර ගණනාවක් වේ.

1.



පළමුව පුද්ගලයෙකු විසින් වහළය ඉවත කල හැකි ආකාරයේ රථ පවතී. එනම් මිනිස් ශ්‍රමය භාවිතා වේ. මෙම වහලය සැහැල්ලු වීම සදහා බොහෝ විට කාබන් ෆයිබර් වලින් නිපදවා ඇත. එය ක්ලිප් කිහිපයකින් රථයට සම්බන්ධ කර ඇත. මෙම ක්ලිප් ගණන සහ වහලය ඉවත් කරන ආකාරය මෝටර් රථ සමාගමෙන් සමාගමට සහ රථයේ මාදිලිය අනුව වෙනස් වේ.

බුගාටි ග්‍රැන්ඩ් ස්පොර්ට්, බුගාටි විටෙස්ට්, කොනිග්සෙග් ඇගීරා RS, පගානි හුවයිරා රෝඩ්ස්ටර්, ෆෙරාරි ලාෆෙරාරි අපර්ට වැනි රථවල සම්පූර්ණ වහලය එක් කොටසක් ලෙස ඉවත් කල හැකි වේ.

2.


 

නමුත් ලැම්බොගිනි සමාගමේ ඇවන්ටඩෝ මාදිලියේ රෝඩ්ස්ටර් රථ වන ඇවන්ටඩෝ රෝඩ්ස්ටර්, ඇවන්ටඩෝ S රෝඩ්ස්ටර් , ඇවන්ටඩෝ SV රෝඩ්ස්ටර්, ඇවන්ටඩෝ SVJ රෝඩ්ස්ටර් රථවල වහලය රියදුරුට ඉහලින් ඇති වහලය සහ මගී වහලය වශයෙන් වෙන්වෙන්ව ඉවත් කල හැකි වේ.

හයිපර් කාර් වල බොහෝ විට රෝඩ්ස්ටර් ආකරය භාවිතා වන අතර සමහර අවස්ථා වලදී සුපර් කාර් වලදී ද භාවිතා කරනු ලබයි.

ඉහත සදහන් කල සියළු ආකාර වලදී වහළය ඉවත් කිරීමට මිනිස් ශ්‍රමය භාවිත වූ නමුත් සමහර මාදිලිවල ධාවකයාගේ පහසුව සලකා වහළය හැකිලීම සදහා වෙනම පද්ධතියක් නිපදවා තිබේ.

3.



මෙම ආකාරයේදී වහලය ටෙන්ට් රෙද්දක් වැන්නකින් හෝ රථයේ බාහිර ආවරණය නිපදවා ඇති කොටසින්ම නිපදවීමට මෝටර් රථ සමාගම් කටයුතු කර තිබේ.

 ලැම්බොගිනි සමාගම විසින් නිපදවන ලද ගලාඩෝ ස්පයිඩර් සහ හුඅරකන් මාදිලියේ හුරකන් ස්පයිඩර්, හුරකන් පර්ෆොමාන්ටේ ස්පයිඩර්, හුරකන් ඉවො ස්පයිඩර් රථවල ටෙන්ට් රෙද්දක් භාවිතා කර තිබේ.එමන්ම පැරණි ෆෙරාරි රථ වලද ටෙන්ට් රෙද්දක් භාවිතාකර තිබුනද වර්තමානයේ නිපදවනු ලබන රථ වල වහලය බාහිර ආවරණය නිපදවා ඇති ද්‍රව්‍යයෙන්ම නිපද වීමට ෆෙරාරි සමාගම කටයුතු කර තිබේ. 

4.



ෆෙරාරි F430 ස්පයිඩර් රථයේ දක්නට ලැබෙන්නේ ටෙන්ට් රෙද්දකින් නිමකල වහලයක් වුවද ෆෙරාරි 488 වැනි රථවල වහලය දෘඩමය ද්‍රව්‍ය වලින් නිපදවා ඇත. බොහෝමයක් සුපර් කාර් ගණයට අයත් වන මෝටර් රථවල මෙම ආකාරය දැකිය හැකිවේ.


මෙලෙස වහලය ඉවත් කල හැකි රථ එලෙස කල නොහැකි රථ (Coupe) වලට වඩා මිල අධික වේ. මෙලෙස වහලය ඉවත් කල හැකි මාදිලි රෝඩ්ස්ටර් (Roadster) හෝ ස්පයිඩර් (Spyder)යන නම් වලින් හැදින්වේ. බොහෝ අවස්ථා වලදී රෝඩ්ස්ටර් ලෙස හැදින්වෙන්නේ මිනිසෙකු විසින් වහලය ඉවතකල යුතු ආකාරයේ රථ වන අතර ස්පයිඩර් ලෙස හැදින්වෙන්නේ වෙනම පද්ධතියක් සහිත රථවේ. සමහර රථවලදී මෙම නම් මාරුකරද භාවිතා වේ. උදාහරණයක් ලෙස පොර්ශෙ 918 ස්පයිඩර් රථයට තිබෙන්නේ ඇවන්ටඩෝ රෝඩ්ස්ටර් මාදිලිවල මෙන් කොටස් දෙකකට ඉවත් කලයුතු වහලයක් වේ. BMW i8 රෝඩ්ස්ටර් රථවල භාවිතා වන්නේ ටෙන්ට් රෙද්දකින් නිපදවන ලැබූ වෙනම පද්ධතියක් සහිත වහලයක් වේ.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments