හයිබ්‍රිඩ් තාක්ෂණය භාවිත වන රථ මේවන විට බොහොමයක් ඇති නමුත් සුපර් කාර් හෝ හයිපර් කාර් සදහා හයිබ්‍රිඩ් තාක්ෂණය භාවිතා කල මාදිලි අවම යැයි සැලකිය හැක. මැක්ලරන් සමාගම විසින් නිපදවූ එවැනි මාදිලි 3ක් පිළිබදව පහත කරුණු සදහන් වේ.
1.මැක්ලරන් p1. (Mclaren P1)
P1 මාදිලිය මැක්ලරන් සමාගම
විසින් නිපදවූ විශිෂ්ඨතම රථයක් ලෙස සැලකිය හැක. මෙම රථය පිළිබදව සම්පූර්ණ
විස්තරයක් මීට පෙර සදහන් කර ඇති බැවින් ඒ පිළිබදව වැඩිදුර සදහන් කරනු නොලැබේ. 2013 වසරේ දී මැක්ලරන් සමාගම විසින් P1 රථය හදුන්වා දෙන ලදී. රථය හයිපර් කාර් ගණයට අයත් හයිබ්‍රිඩ් මොටර්
රථයකි. එනම් සාමන්‍ය දහන එන්ජ්මට අමතරව විද්‍යුත් මෝටරයද රථයට අන්තර් ගත වේ. මෙම
රථය ටර්බෝ චාජර දෙකක් සහිත V8 එන්ජිමකින් සමන්විත වන අතර
එමගින් අශ්වබල 727 නිපදවන ලබයි. රථයේ විද්‍යුත්
මෝටරය මගින් අමතර අශ්වබල 176 ද නිපදවන අතර රථයේ මුළු ප්‍රතිදානය ලෙස අශ්වබල 903 නිපදවනු
ලබයි. P1 රථය 0 සිට 60mph දක්වා වේගයක් ලබා ගැනීමට ගත
වන කාලය තත්ත්පර 2.6 ලෙස සටහන් වේ. රථයේ උපරිම
වේගය ලෙස 217mph සටහන් වේ.
2.මැක්ලරන් ස්පීඩ්ටෙයිල් (Mclaren speedtail)
මෙම රථය මැක්ලරන් පමණක් නොව
බොහෝ මෝටර් රථ ආකෘති වෙනස් කල රථයක් ලෙස සැලකිය හැක. මෙම රථය උපරිම වේගය ලබා
ගැනීමට අවදානයක් යොදමින් නිපදවන ලද රථයක් වේ. මෙම අඩි 16 අගල් 10ක දිගකින් යුක්තවේ. එමෙන්ම
මෙම රථයේ ආසන සමන්විත අතර ඒවා නිර්මාණය කර තිබෙන්නේ මැක්ලරන් F1 රථයේ දක්නට ලැබුනු ආකාරයටම වේ. එනම් රියදුරු අසුන රථයේ මැදට වන්නට
පිහිටන අතර ඊට පිටුපසින් දෙපසට වන්නට මගී අසුන් දෙක පිහිටා තිබේ. ලීටර 4 ටර්බෝ චාජර 2ක් , V8 එන්ජිම මගින් හයිබ්‍රිඩ්
තාක්ෂණය සමග අශ්වබල 1036ක් නිපදවනු ලැබේ. එමෙන්ම
ස්පීඩ්ටෙයිල් රථයක් සදහා ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4ක පමණ මිලක් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 80ක මිලක්) නියම වූ බවද සදහන් වේ. එමෙන්ම මෙම මාදිලියෙන් රථ 106 ක් පමණක් නිපදවන බවද සදහන් වේ.
3. මැක්ලරන් ආටුරා (Mclaren artura)
මැක්ලරන් සමාගම විසින් මෙම
රථය 2021 පෙබරවාරි මස හයිබ්‍රිඩ්
තාක්ෂණය සහිත සුපර් කාර් ගණයට අයත් ආර්‍ටුරා මාදිලිය හදුන්වා දෙන ලදී. අනෙකුත්
බොහොමයක් මැක්ලරන් මාදිලි සදහා ටර්බෝ චාජර දෙකක් සහිත V8 එන්ජිමක් භාවිතා කල නමුත් මෙම මාදිලිය සදහා භවිතා කර තිබෙන්නේ V6 එන්ජිමක් වේ. දහන එන්ජිම මගින් සහ හයිබ්‍රිඩ් තාක්ෂණය මගින් අශ්වබල 680ක් නිපදවන බව සදහන් වේ. මෙහි උපරිම වේගය 205mph ලෙස සටහන් වේ. මෙම රථයද P1 රථයේ
මෙන්ම සම්පූර්ණයෙන්ම විද්‍යුත් මෝටර් මගින් (E mod) ධාවනය කල
හැකි අතර එහි දුර පරාසය සැතපුම් 19ක් පමණ වේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment