වැඩිම අශ්වබල ගණනක් සහිත මෝටර් රථ මාදිලි.

 පහත සදහන් කර තිබෙන මෝටර් රථවලට අමතරව තවත් රථ පවතින නමුත් ඒළිබද ඉදිරියේදී දක්වනු ලැබේ. එමෙන්ම මෙහි අන්තර්ගත කර තිබෙන්නේ මෝටර් රථ නිශ්පාදන සමාගම් වලින් නිපදවන ලද රථ පිළිබදව පමණක් වන අතර වැඩිදියුණු (Modified) කරනු මෝටර් රථ පිළිබදව නොවේ.


1.කොනිසෙග් ගෙමේරා (Koenigsegg Gemera)

 


මෙම මාදිලිය හයිපර් කාර් ආකෘතිය වෙනස් කල රථයක් ලෙස හැදින්වේ. එයට හේතුව වන්නේ ලොව පළමු වරට ආසන හතරක් සහිත හයිපර් කාරය ලෙස මෙය සලකනු ලැබීමයි.  2020 වසරේදී මෙම රථය ලොවට හදුන්වා දෙන හදුන්වා දෙන ලදී. මෙය අශ්වබල 1700ක් සහිත එන්ජිමකින් සමන්විත වේ. මෙම රථයට ආසන 4කින් සමන්විත නමුත් මෙහි දොරවල් හතරක් දක්නට නොලැබෙන අතර කොනිසෙග් සමාගමටම ආවේණික දොරවල් දෙකකින් සමන්විත වේ. එම නිසා ඒවා ඉතා දිගකින් යුක්ත වේ.

 

2. බුගාටි චෙන්ටෝදියච්චේ (Bugatti Centodiecim)

 



බුගාටි සමාගම 2019 වසරේදී සීමිත මාදිලි හයිපර් කාරයක් ලෙස චෙන්ටෝදියච්චේ රථය හදුන්වා දෙන ලදී. මෙම මාදිලියේ රථ 10ක් පමණක් නිපදවූ අතර එම අවස්ථාව වන විටදීද සියළුම රථ විකිණී තිබුණි. මෙම රථය අශ්වබල 1600ක් නිපදවන W16(සිලින්ඩර 16ක්) සහ ටර්බෝ චාජර 4ක් සහිත එන්ජිමකින් සමන්විත වේ.

 

3. කොනිසෙග් ජෙස්කෝ (Koenigsegg Jesko )

 




2019 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී ජෙස්කෝ මාදිලිය හදුන්වා දෙනු ලබුණි. ධාවන පථ සදහා වැඩි අවදානය යොමු කරමින් සෑදූ මෙම රථය නිපදවීමේ ප්‍රධාන අරමුණ වනුයේ 300mphක වේගයක් වාර්ථා කිරීම වේ. ඒ සදහා කොනිසෙග් සමාගම විසින් අශ්වබල 1600ක් නිපදවන ටර්බෝ චාජර දෙකකින් සමන්විත V8 එන්ජිමක් අන්තර් ගත කර තිබේ.


4. බුගාටි චිරොන් (Bugatti Chiron)

 



 

 බුගාටි චිරොන් රථයට බලය දෙනු ලබන්නේ අශ්වබල 1500ක් නිපදවන ටර්බෝ චාජර හතරකින් සමන්විත W16 එන්ජිමකින් වේ. මෙම සාමාන්‍ය චිරොන් රථයට මෙන්ම චිරොන් ස්පෝර්ට් , 110 වන සැමරුමට නිපදවූ රථවලද භාවිතා කරනු ලබන්නේ ඉහත සදහන් ආකාරයේම එන්ජිමක් වේ.


5.කොනිසෙග් රෙගේරා (Koenigsegg Regera)





රෙගේරා රථය වේගය පිළිබදව මෙන්ම ජස්කෝ රථයට වඩා සුවපහසුව ගැන සලකා නිපදවූ රථයක් ලෙස හැදින්විය හැක. මෙම රථය ටර්බෝ චාජර දෙකක් සහිත V8 එන්ජිමට අමතරව විද්‍යුත් මෝටර 3කින්ද සමන්විත වේ. මේ සියල්ලම එක්ව ගත් කල රෙගේරා රථය අශ්වබල 1500ක් නිපදවන බව සදහන් වේ.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments