ශ්‍රේෂ්ට ධාවකයෙකු වන අයර්ටන් සෙනා සිහිවීමට නිර්මාණය කරන ලද මැක්ලරන් සෙනා රථයේ විස්තරය. (Mclaren Senna in sinhala)


 මැක්ලරන් සමාගම විසින් 2019 වසරේදී හයිපර් කාරයක් ලෙස සෙනා රථය හදුන්වා දෙන ලදී. මෙම මාදිලියේ එන්ජිම ලෙස ලීටර හතරේ ටර්බෝ චාජර් දෙකක් සහිත v8 එන්ජිමක් භාවිත කරන අතර එමගින් 789bhpක බලයක් නිපදවයි. එම නිසා 0 සිට 100kmh දක්වා වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.8ක් සහ රථයේ උපරිම වේගය ලෙස 335kmhක වේගයක්ද සටහන්වේ.




මෙම රථය නිපදවීමේදී වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ධාවන පථවල ධාවනයට වේ. මැක්ලරන් සමාගම විසින් සෙනා රථය සීමිත මාදිලි රථයක් ලෙස හදුන්වා දෙන ලැබූ අතර මෙම මාදිලියෙන් රථ 500ක් පමණක් නිපදවන ලදී. මෙම රථයට සෙනා යන් නාමය යොදා තිබෙන්නේ අතීතයේදී මැක්ලරන් සමාගම වෙනුවෙන් තරග කරනු ලැබූ අයර්ටන්සෙනා හට ගරු කිරීමක් වශයෙනි.

 


සෙනා රථයද පණගැන්වීමට සහ විසන්ධි කිරීමට බොත්තමක් තිබෙන අතර එය රථයේ වහලයේ පි‍ටුපස බලන කණ්නාඩියට ඉහළට වන්නට පිහිටා තිබේ. ඒ අසලටම වන්නට රථය Race ආකාරයට පත් කිරීමට, රථයේ දොරවල් ලොක් කිරීමට සහ රථයේ AC පද්ධතිය පාලනයට අවශ්‍ය බොත්තම්ද පිහිටා තිබේ.

 

 මෙම මාදිලියේද අනෙකුත් මාදිලිවල මෙන් ධාවන ආකාරය හැඩලින් සහ පවර්ට්‍රේන් යන ආකාර දෙකෙන්ම ‍තෝරා ගත හැකි අතර ඒවායේ කම්ෆර්ට්, ස්පෝර්ට් සහ රේස් යන ආකාර තුනකින් සමන්විත වේ.



 

සෙනා රථයේ වේගමාපකයද 720s රථයේ දක්නට ලැබුනු වේගමාපකය වේ. මෙය රථය පණගැන්වීමේදී සිරස්වන රථය විසන්ධි කිරීමේදී හැකිලෙන ආකාරයේ එකක් වේ. රථයේ ධාවන ආකාරය රේස් (වහලයේ පිහිටා ඇති) ආකාරයට පත් කලවිට වේගමාපකය හැකිලී එහි වූ කුඩාතිරයෙන් අවශ්‍යම කරුණු දක්වන අතර රථය සහ පොළොව අතර පරතරයද අඩු කර ගනිනු ලබයි.

 

මෙහි වීදුරු කවුළු බොහොමයක් දැක ගත හැකි වන අතර දොරෙහි ඇති ප්‍රධාන වීදුරුව කොටස් දෙකකින් සමාන වන අතර එහි පහළ කොටස පමණක් විවෘත කල හැකි වේ. එමෙන්ම රථයේ රියදුරු සහ මගී අසුන් වලට ඉහළින්ද වීදුරු කවුළු දෙකක් ඇති අතර අනෙකුත රථවල දක්නට නොලැබෙන ආකාරයට රථයේ දොරවල් වල පහළ කොටසේද වීදුරු කවුළු දක්නට ලැබේ.

 



සෙනා රථයට මැක්ලරන් සමාගම විසින් විශාල Active spoilerයක් අන්තර්ගත කර ඇති අතර එමගින් වැඩි වේගයකින් ගමන් කිරීමේදී පොළොව දෙසට වැඩි බලයක් සහ තිරින්ග යෙදීමේදී එය සිරස්වී අමතරව වේගය අඩු කිරීමටද සහය වේ. එමෙන්ම රථයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට වාකවුළු බොහොමයක් අන්තර්ගත කර ඇති අතර එමනිසා රථයට විශේෂ පෙනුමක්ද හිමිව තිබේ. මෙහි දුම් කවුළු දෙකක් රථයේ පි‍ටුපසින් ඉහළට වන්නට පිහිටා තිබේ.



මෙම මාදිලිය හදුන්වා දුන් අවස්ථාවේදී මිල ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න වූ අතර (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 20ක්) මේ වන විට සමහර රථවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන් දෙකකට ආසන්න වේ.( මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 40ක්) . සෙනා රථයේ සාමාන්‍ය ආකාරයට අමතරව එක්ස්පෙරිමෙන්ටල් ප්‍රොටෝටයිප් ලෙස විශේෂ රථ 3ක් ද මැක්ලරන් සමාගම විසින් හදුන්වා දෙන ලදී. එමෙන්ම සෙනා රථයක බොඩි කිට් එක කාබන් ෆයිබර් වලින් නිමකිරීම සදහා මැක්ලරන් සමාගම විසින් ඇමරිකානු ඩොලර් 500 000ක (මෙරටදී ආසන්න වශයෙන් රු කෝටි 10ක) මුදලක් අයකල බවද වාර්ථා වේ.


මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments