ලොවට එක් රථයක් ලෙස නිපදවූ ලැම්බොගිනි රථ මාදිලි. (1 of 1 lamborghini modles in sinhala).


මීට ඉහතදී අප බුගාටි සමාගම විසින් ලොවට එක් රථයක් ලෙස නිපදවූ රථ තුනක් පිළිබද කරුණු සදහන් කරන ලදී. අද ලැම්බොගිනි සමාගම විසින් ලොවට එක් රථයක් ලෙස හදුන්වාදුන් රථ 4ක් පිළිබදව කරුණු පහතින් දැක්වේ. (මෙම රථවල ඡායාරූප නොමැති වීම පිළිබද සමාවන්න. Copy right සදහා හේතු වියහැකි බැවින්.)

 

1 ලැම්බොගිනි SC18 ඇල්ස්ටොන් (Lamborghini SC18 Alston)




 මෙම රථය ලැම්බොගිනි සාමාගම විසින් පාරිභෝගිකයෙකු සමග ඔහුගේ අවශ්‍යතාවයට අනුව මෙම රථය නිර්මාණය කර ඇත. මෙම රථය සාමාන්‍ය මාර්ගයේ ධාවනය අනුමත කර ඇති නමුත් මූලික වශයෙන් ධාවන පථයේ භාවිතය සඳහා නිර්මාණය කර ඇත.


මෙම රථයද ලැම්බොගිනි සමාගමේ V12ක් භාවිතකර ඇති රථයක් වන අතර මෙහි වායු ගතිකය වැඩි කිරීම සදහා GT3 EVO භාවිතා කරන ලද ඉදිරිපස බොනට්‍ටුවම භාවිතකරන අතරතුර විශාල කාබන් ෆයිබර් wing එකක්ද අන්තර්ගත කර තිබේ. එහි ක්‍රියාකාරිත්වය ආකාර 3කින් සමන්විත බවද සදහන් වේ.


2. ලැම්බොගිනි SC20 (Lamborghini SC20)


 


 

මෙම රථයද SC18 ඇල්ස්ටොන් රථය මෙන්ම පාරිභෝගිකයාගේ අභිමතයන් සපුරාලීම සඳහා SC20 රථය නිපදවා තිබේ. මෙම රථය අශ්වබල 770ක් නිපදවන V12 එන්ජිමක් වන අතර මෙහි ව්‍යවර්ථය 8500rpm ලෙස සදහන් වේ. මෙම රථය බැලූ බැල්මටම ඇවන්ටඩෝ ජේ රථයේ පෙනුමට සමාන බව හැගෙන අතර රථයේ පි‍ටුපස නිර්මාණය කර ඇත්තේ මදක් ලැම්බොගිනි සියෑන් රථයට සමානව බවද දැකගත හැකිවේ.  

 

3. ලැම්බොගිනි එගොඉස්ටා (Lamborghini egoista)

 

 

ලැම්බොගිනි සමාගමේ 50 වන සංවත්සරය වෙනුවෙන් වෝල්ටර් ඩී සිල්වා විසින් design කරන ලද රථයක් වේ. මෙම රථය ඉදිරියේදී නිර්මාණය වෙළදපොලට නිපදවීමක් පිළිබද කිසිදු අදහසක් නොමැති. බව සදහන් වේ. එම නිසා මෙය ආකෘති රථයක් ලෙසට සැලකිය නොහැකි වේ. සමහර අවස්ථා වලදී මෙම රථය බැට් මෑන්ගේ බැට් මොබිල් එක ලෙසටද සැලකේ. මෙම රථය තනි අසුනේ රථයක් වන අතර ඇතුලත අනාගතයට ගැලපෙන අයුරින් නිර්මාණය කරන ලද රථයක් ලෙසට නිපදවා තිබේ.


4. ලැම්බොගිනි ඇවන්ටඩෝර් J(Lamborghini Aventador J)

 



ලැම්බොගිනි සමාගම විසින් ඇවන්ටඩොර් J මාදිලිය 2012 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට හදුන්වා දෙන ලද්දක් වේ. මෙම රථය නිපදවීමට විශේෂ හේතුවක් දැකගත නොහැකි අතර තමාගේ අනාගත ක්‍රියාකාරකම් පිළිබද උපකල්පනයක් ලබා දිමට නිර්මාණය කර ඇතැයි සැලකිය හැකිවේ. මෙම රථයටද SC20 රථයේ මෙන්ම වින්ඩ්ස්ක්‍රීනයක් හෝ වහළයක් අන්තර්ගත කර නොමැති අතර ඒ සදහා අවශ්‍ය ආම්පන්නද නිපදවා නොමැති බවට සැලකේ .


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7


Comments