බුගාටි චිරොන් මාදිලි.( Bugatti chiron models in sinhala).


1.1.බුගාටි චිරොන් (Bugatti Chiron)






2016 වසරේදී බුගාටි සමාගම විසින් චිරොන් රථය හදුන්වා දුන්වා දෙන ලදී. අශ්වබල 1500ක් ටර්බෝ චාජර 4කින් සමන්විත එන්ජිම , රථ 500ක් පමණක් නිපදවීම , ඇමරිකානු ඩොලර් මිලියන 3ක පමණ මිලක් නියම වීම වැනි කරුණු හේතු කොට මෙම රථය පිළිබද කරුණු ලොව පුරා පැතිරුණි.

 

2 . බුගාටි චිරොන් ස්පොර්ට් (Bugatti Chiron Sport)




සාමාන්‍ය චිරොන් රථයේ වැඩි දියුණු කළ මාදිලියක් ලෙස චිරොන් ස්පෝර්ට් මාදිලිය හදුන්වා දෙන ලදී. මෙහි චිරොන් රථයේ දක්නට නොලැබුනු ආකාරයේ රියදුරු සහ මගී අසුන් වලට ඉහළින් පිහිටි වහළය වීදුරු තහඩු දෙකක් අන්තර්ගත කිරීම , ක්‍රීඩා ආකාරයේ දුම් කවුළු අන්තර්ගත කිරීම දැක්විය හැක.

 

3. බුගාටි චිරොන් පියර් ස්පොර්ට් (Bugatti Chiron Pur Sport)




මෙම මාදිලිය චිරොන් මාදිලිවල හැඩයට වඩා මදක් වෙනස් වන අතර මෙය චිරොන් මාදිලියේ පාලනය වඩා පහසු මාදිලිය(Handling) ලෙස හදුන්වා දෙන ලදී. මෙම රථයට වක්‍රාකාර අන්තර්ගතවන අතර මෙම මාදිලියෙන් රථ 60ක් පමණක් නිපදවන බව සදහන්වේ.

 

4 . බුගාටි චිරොන් සුපර් ස්පොර්ට්  (Bugatti Chiron Super Sport)




බුගාටි සමාගම විසින් මෙම රථයෙන් 304.77mphක වේගයක් ලබා ගෙන වාර්ථාවක් තැබීම සදහා භාවිතා කරන ලද්දේ මෙම මෝටර් රථය වේ. මෙම මාදිලිය වැඩි වායුගතිකයක් ඇති කිරීම සදහා අනෙකුත් චිරොන් මාදිලි වලට වඩා වැඩි දිගකින් නිපදවා ඇති අතර මෙම මාදිලියෙන් රථ 500ක් පමණක් නිපදවන බව සදහන් වේ. මෙම මාදිලිය 2022 වසරේදී වෙළදපලට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද සදහන් වේ.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments