බුගාටි සමාගම විසින් වෙයිරෝන් මාදිලිය ආකෘතියක් ලෙස හදුන්වා දුන් කාලයේ සිටම වැඩි කතාබහකට ලක් වූ මාදිලියක් ලෙස සැලකිය හැක. මෙම මාදිලිය ටර්බෝචාජර 4ක් සහිත W 16 එන්ජිමකින් සමන්විත වන අතර එමගින් අශ්වබල 1001ක බලයක් නිපදවනු ලබයි.
සාමාන්‍ය
වෙයිරෝන් මාදිලියට අමතරව බුගාටි වෙයිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට්,
බුගාටි
වෙයිරෝන් විටෙස්ට්, බුගාටි වෙයිරෝන් සුපර් ස්පොර්ට් වැනි මාදිලි
කිහිපයක්ම හදුන්වා දෙන ලදී. වෙයිරෝන් මාදිලියෙන් රථ 450 ක් පමණක් නිපදවන ලදී.
මෙම
රථයට 0kmh සිට 100kmhක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර
2.6 ලෙස
සැලකිය හැකි 407kmh අතර රථයේ උපරිම වේගය ලෙස ලෙසද සදහන් වේ.
මෙම මාදිලියේ ඇතුළත (Interior) පෙනුම සරලව නිර්මාණය කිරීමට බුගාටි සමාගම
විසින් කටයුතු කර තිබේ. රථය පණගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම
රථය
පිටුපසට ගැනීම සදහා ඇති ගියර් ලීවරය රියදුරු සහ මගී අසුන අතරට වන්නට
පාලකයේ
පුවරුවේ පිහිටා තිබෙන ඊට පහළට වන්නට පිහිටා තිබේ.
රථයේ ලොන්ච් කන්ට්‍රෝල් බොත්තම (මෙමගින් නිශ්චලතාවයේ සාමාන්‍ය අවස්ථාවට වඩා අඩු කාලයකින් වැඩි වේගයක් ලබා ගටහ හැකිවේ. ) ගියර් ලීවරයට වම්පසින් පිහිටා ඇති අතර ගියර් ලීවරයට දකුණු පසින් රථය රථය හැඩලින් ආකාරයට පත් කිරීමේ බොත්තම පිහිටා තිබේ.(හැඩලින් ආකාරයේදී රථය සහ පොළොව අතර පරතරය අවමකර රථයේ ස්පොයිලරය ඉහළට පැමිණීම සිදුවේ.)
මැද
පිහිටි පාලක පුවරුවේ ඉහළින්ම ඔරලෝසුවක් දක්නට ලැබේ. ඊට පහළට වන්නට සමාන හැඩයකින් යුත්
පාලක කොටස් දෙකක් දක්නට ලැබෙන අතර ඉහළින් පිහිටි කොටස රේඩියෝවේ ක්‍රියාකාරිත්වයටද පහළින්
පිහිටි කොටස සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සදහාද නිපදවා තිබේ.
මෙහි වේගමාපක පුවරුව මීටර හතරකින් සමන්විතවේ. භාවිතා කරනු ලබන අශ්වබල
සංඛ්‍යාව දැක්වීමට, ගියරය දැක්වීමට , වේගය දැක්වීමට , උෂ්ණතවය දැක්වීමට සහ ඉන්ධන ප්‍රමාණය දැක්වීම
සදහා ඒවා භාවිත කරනු ලැබේ. සමහර වෙයිරෝන් රථවල පැඩල් ශිෆ්ට් දක්නට
නොලැබෙන අතර සමහර රථවලට පමණක් පැඩල් ශිෆ්ට් අන්තර්ගත කර තිබේ. (මෙය රථය නිශ්පාදනය කල
වසර අනුව වෙනස් වන්නක් යැයි සැලකිය හැක.)
මෙම රථයේ උපරිම වේගය ලබාගැනීම සදහාද උපරිම වේග යතුර
(Top speed key) අවශ්‍ය වේ. මෙම යතුර රියදුරු අසුන සහ දොර අතර පිහිටි
යතුරු සිදුරට යෙදූපසු රථයේ උපරිම වේග ධාවන
ආකාරය (Top speed mode) ක්‍රියාත්මකවේ.
රථය හැඩලින් ධාවන ආකාරයට පත් කල විට ස්පොයිලරය සම්පූර්ණයෙන්ම ඉහළට පමිණි නමුත් උපරිම
වේග ආකාරයේදී එය මදක් පමණක් ඉහළට පැමිනේ. මෙමගින් වාතය මගින් ඇති කරන තෙරපුම වැඩි
කර රථයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට පහසු වේ.
(මෙම වීඩියෝ වෙහි දක්වා තිබෙන්නේ බුගාටි වෙයිරෝන් විටෙස්ට් (veyron vitesse) රථයේ top speed ආකාරය වෙන අතර සාමාන්‍ය වෙයිරෝන් රථයේ top speed ආකාරය මෙලෙසම දැකගත හැක.)
වෙයිරෝන් රථ වායු ගතිකය ගැන වඩාත්ව සැලකිළිමත්ව නිපදවා ඇති අතර රථයේ දොරවල්
දෙපසින් මෙන්ම එන්ජිමට ඉහළින්ද වාකවුළු දෙකක් අන්තර් ගත කර තිබේ.මෙම රථයේ පිටුපස වක්‍රාකාර
හැඩයකට නිර්මාණය කර ඇති අතර දුම් කවුළු සමචතුරස්‍ර හැඩයකට නිපදවා තිබේ. වෙයිරෝන් රථයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර්
මිලියනයත් ඩොලර් මිලියන 1.5ක්(මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 20ත් 30ත් ) අතර
විය හැකැයි සැලකිය හැක.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/

Comments
Post a Comment