2017 වසරේදී ඉතාලියේ පගානි සමාගම විසින් පගනි හුවයිරා රෝඩ්ස්ටර් මාදිලිය හදුන්වා දෙන ලදී. බොහොමයක් මාදිලිවල කූප් සහ රෝඩ්ස්ටර් අතර දක්නට ලැබෙන වෙනස වන්නේ වහළය ඉවත කල හැකි වීම පමණක් වේ. නමුත් හුවයිරා රෝඩ්ටර් සහ කූප් අතර වහළය ඉවත්කල හැකි වීමට අමතරව තවත් වෙනස්කම් කිහිපයක්ම දැකගත හැකිවේ.
මෙම
රථයට භාවිතා කරනු ලබන්නේ ටර්බෝ චාජර දෙකකින් සමන්විත 753bhpක බලයක් නිපදවන මර්සිඩීස් බෙන්ස් සමාගම විසින්
නිශ්පාදනය කරනු ලැබූ
AMG V12 එන්ජිමක් වේ. හුවයිරා කූප් මාදිලියේ මෙන්ම මෙම මාදිලියෙන්ද
රථ 100ක් නිශ්පාදනය කරනු ලබන අතර ඒ සියල්ලම පාරිභෝගිකයන් විසින් මිලදී ගෙන අවසන්
වේ. මෙම රථය 0kmh සිට 100kmh දක්වා වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර
3.1 ක් ලෙස සදහන් වන අතර උපරිම වේගය 370kmh ලෙසද සදහන් වේ.
හුවයිරා කූප් රථයේ මෙන්ම මෙම රථයේ ඇතුළතද
ඉතාමත් අලංකාරව නිර්මණය කිරීමට පගානි සමාගම විසින් කටයුතු කර තිබේ.
මේ සදහාද
උපකාර කරගෙන තිබෙන්නේ පැරණි ගුවන්යාන වල ඇතුළතට සමාන ආකාරයට නිර්මාණය කර තිබේ.
මෙම
මාදිලියේද දක්නට ලැබෙන්නේ කූප් මාදිලියේ දක්නට ලැබුනු හුවයිරා රථයේ හැඩයට සමාන යතුරක්ම
වන අතර යතුර යෙදිය යුතු කවුළුව රියදුරු සහ මගී අසුන අතරට වන්නට පිහිටා තිබෙන අතර රථය
පණගැන්වීමේ බොත්තම පාලක තිරයට පහළින් පිහිටා තිබේ.
මෙම ප්‍රධාන පාලක තිරය මගින් රථයේ ඇතුළත
(වේගමාපක, බොත්තම්) වල වර්ණය වෙනස් කිරීමට, රථයේ පැති කන්නාඩි පාලනය කිරීමේ හැකියාවද
අන්තර්ගත කිරීමට පගානි සමාගම විසින් කටයුතු කර තිබේ. එම පාලක තිරයට පහලින් එක පෙලට
බොත්තම් 8ක් සහ ඊට පහළින් තවත් බොත්හ්ටම් දෙකක් දක්නට ලැබෙන අතර ඒවා සිසිලන් පද්ධතියේ
පාලනයට භාවිතා වේ. ඊට පහළින් ඇති කරකැවිය හැකි ස්විචය මගින් ශබ්දය අඩු වැඩි කිරීමේ
හැකියව අන්තර්ගත කර තිබේ.
පාලක තිරයට ඉහළින් Defroster,
Fog light ,Hazed light, Door lock, Wing ලෙස සටහන් ස්විච 5ක් දක්නට ලැබේ. මෙයින්
wing ලෙස සදහන් ස්විචය මගින් වායුගතිකය පාලනය කිරීමට රථයේ ඉදිරිපස සහ පිටුපස
අන්තර්ගත කර තිබෙන කොටස්වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සිදුවේ.
මෙම
රථයේද ලොන්ච් කන්ට්‍රෝල් බොත්තම රථයේ ඇතුළත ඇති පිටුපස බල කණ්ණාඩි වලට ඉහළින් අන්තර්ගත
කර තිබේ.
මෙහි මාපක හතරක් සහ එක් ඩිජිටල් තිරයකින් සමන්විත වේගමාපක පුවරුවද ඉතාමත්
අලංකාරව නිර්මාණය කර ඇති අතර ඒවා නිශ්පාදනය කිරීමට ඔරලෝසු මුහුණත මූලාශ්‍ර කරගෙන ඇති
බව සැලකිය හැක. මෙම රථයේ වහළය වින්ස්ක්රීනයට ක්ලිප් දෙකකින් සම්බන්ධ වන අතර එය සැහැල්ලු
වීම සදහා කාබන් ෆ්යිබර් යොදාගෙන තිබේ. මෙම රථයටද අසුන් දෙකට පිටුපස සහ එන්ජිර්
ආවරණය ඉවත්කල පසු රථ්යේ දෙපසින් පගානි සමාගම විසින් නිර්මාණය කල බැග් 4ක් දැකගත හැකිවේ.
මෙම රථයට අන්තර්ගත කර තිබෙන්නේ සාමාන්‍ය ආකාරයේ දොරවල් දෙකක් වන අතර ට්‍රාන්ස්ෆෝමර්
ආකාරය මෙම රථයේද දැකගත හැකිවේ.
මෙම රථයේ ඇති wing 4 ගමන්ගන්නා වේගය,
වංගුවක්
හැරවීම වැනි අවස්ථා වලදී එකිනෙකට වෙනස් පිහිටුමක් ලබාගනිමින් රථයේ ස්ථාවරත්වය පවත්වා
ගැනීමට
සහය වීමක් සිදු කරනු ලැබේ.
මෙම මාදිලියේ අවසාන රථය හොංකොංහි සිටින ගැණුම්කරුවෙකු විසින් මිලදී ගත
අතර එය ඔහුගේ කැමැත්ත මත නිර්මාණය කල ආකාරය ඉහත වීඩියෝ වෙහි දැක්වේ. මෙම රථයේ මිල මෙරට
බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 60ක් (ඇමරිකානු ඩොලර් මිලියන 3) පමණ වන බව සදහන් වේ.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/

Pagani zonda roadster කාර් එකට එන්නෙත් ගලවන්න පුළුවන් වහලයක්ද?
ReplyDelete