1.සාමාන්‍ය ආකාරය. (Conventional door).
මෙය මෝටර් රථවල පමණක් නොව වෑන් රථවල සහ වෙනත් බොහෝ වාහන වල දක්නට ලැබෙන වර්ගය වේ. එනම් තිරස්ව විවෘතවන දොරවල් ආකාරයයි. මෙම ආකරය සුපර් කාර් වල පමණක් දක්නට ලැබේ යැයි සිතෙනමුත් සමහර හයිපර් කාර් සදහාද මෙම සාමාන්‍ය ආකාරයේ දොරවල් භාවිතා වේ.
මෙම ආකාරයේ දොරවල් ලැම්බොගිනි සමාගමේ මිල අවම, ආරම්භක අවස්ථාවේ පවතින මාදිලිය වන හුරකන් මාදිලියේ රථවල දක්නට ලැබේ. පෝශෙ, ෆෙරාරි වැනි සමාගම විසින් නිපදවන ලබන බොහෝ මෝටර් රථ සදහාද මෙම ආකෘතියේ දොරවල් භාවිතකර තිබේ. එමෙන්ම හයිපර් කාර් පමණක් නිපදවන සමාගමක් වන බුගාටි සමාගමද තමාගේ බොහෝමයක් මාදිලි සදහා මෙම සාමාන්‍ය ආකාරයේ දොරවල් භාවිතා කර තිබේ.
හුරකන් ,හුරකන් පර්ෆොමාන්ටේ, හුරකන් evo , පෝශෙ 918, GT2RS, GT3RS,ෆෙරාරි 458, 488, බුගාටි වෙයිරෝන් සහ චිරොන් වැනි මාදිලියේ රථ මෙම සාමාන්‍ය ආකාරයේ දොරවල් පවතින රථවලට උදාහරණ ලෙස දැක්විය හැක.
2.2. සමනල තටු ආකාරය. (Butterfly style).
මෙම ආකෘතියේ දොරවල් අන්තර්ගත රථවල දොරවල් දෙකම විවෘත කලවිට සමනලයෙකුගේ තටු දෙකක ආකාරයේ හැඩයක් ගන්න බැවින් මෙම නමින් හදුන්වනු ලැබේ. බොහෝ මැක්ලරන් රථවල දක්නට ලැබෙන්නේ මෙම ආකාරයේ දොරවල් වේ.
මෙහි තවත් අනුආකාර දෙකක්ද හදුනා ගත හැකිවේ. එක් ආකාරයක් වන්නේ රථයේ දොර පමණක් විවෘත වීමයි. මෙම ආකාරය මැක්ලරන් p1 රථයේ දක්නට ලැබේ. අනෙක් ආකාරය වන්නේ රථයේ දොරට අමතරව දොරත් සමග වහලයේ කොටසකුත් විවෘත වීමයි. මෙය මගියාගේ හිස ගැටීම වැලැක්වීමට , පහසුවෙන් රථයට ගොඩවීම සදහා නිර්මාණය කල බව සදහන්වේ.
මැක්ලරන් 720S, ෆෙරාරි ලාෆෙරාරි වැනි රථවල එම විශේෂ ආකාරය දැකගත හැකිවේ. නමුත් ලාෆෙරාරි අපර්ට මාදිලියේ වහලය ඉවත් කල හැකිනිස සාමාන්‍ය butterfly style ආකාරයේ දොරවල් දැකගත හැකිවේ.
3. ගෝවින්ග් ආකාරය. (Go wing style), (Gull wing doors).
මෙම දොරවල් කුරුල්ලෙකු තටුගසන ආකාරයට විවෘත වේ. මෙම වර්ගයේ දොරවල් රථයේ වහලයට සම්බන්ධවේ. මෙම ආකාරයේ දොරවල් මර්සිඩීස් බෙන්ස් SLS බ්ලැක්සීරීස්, පගානි හුවයිරා කූප්(coupe), හුවයිරා BC කූප් වැනි රථවල දක්නට ලැබේ.
4.සිසර් ආකාරය. (scissor doors).
සිසර් ආකාරයේ දොරවල් වැඩි වශයෙන් භාවිතා කරනු දක්නට ලැබෙන්නේ ලැම්බොගිනි සමාගමයි. සිසර් ආකාරයේ දොරවල් සිරස්ව ඉහළට අන්ශක 90ට මදක් අඩු කෝණයකට විවෘත වේ.
ලැම්බොගිනි සමාගම් විසින් නිපදවන ලද බොහොමයක් මාදිලි සදහා භාවිතා කර තිබෙන්නේ සිසර් ආකාරයේ දොරවල් වේ.ඇවෙන්ටඩෝර් මාදිලියේ සියළුම රථ, රෙවන්ටන් රථයේ, චෙන්ටනාරියෝ රථයේ මෙන්ම වෙනීනෝ රථයේද භාවිතා කර තිබෙන්නේ සිසර් ආකාරයේ දොරවල් වේ.
5.ඩිහයිඩ්‍රිල් දොරවල්. (Dihedral doors).
කොනිසෙග් දොරවල් කොනිසෙග් සමාගමට පමණක් ආවේණික වූ කොනිසෙග් සමාගම විසින් නිර්මාණය කරන ලද්දක් වේ. මෙම දොරේ ක්‍රියාකාරීත්වය කොටස් දෙකකින් සමන්විත වේ. මෙයද සිසර් දොර මෙන් සිරස්ව ඉහලට විවෘත වන අතර එය අන්ශක 90ක් දක්වාම සිරස් වේ. ඊට අමතරව දොර මදක් එළියටද පැමිණේ. මෙම දොරවල් කොනිසෙග් රථවල පමණක් දැකගත හැකිවේ.
6.පිටුපසට විවෘතවන දොර. (Suicide door).
මෙම ආකාරයේ සාමාන්‍ය දොරවල් වලට සමාන වන නමුත් ක්‍රියාකාරීත්වය වෙනස්වේ. එනම් සාමාන්‍ය දොරවල් ඉදිරිපසට විවෘත වන විට මෙම දොරවල් පිටුපසට විවෘත වේ. මේ ආකාරයේ දොරවල් බොහෝ විට දැකගත හැකි වන් රොල්ස් රොයිස් රථවල වේ.
7.පිටුපසට විවෘත වන සිසර් ආකාරය.
මෙම දොර පිටුපසට විවෘතවන දොර සහ සිසර් දොරේ සන්යෝජනයක් ලෙස දැක්විය හැක.මේ ආකාරයේ දොවල් දැකගත හැකි මෝටර් රථයක් වන්නේ W මෝටර්ස් විසින් නිපදවනු ලැබූ ලින්කන් හයිපර් ස්පොර්ට් රථය වේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment