පුද්ගලයෙකුට ගරු කිරීමක් ලෙස නම් කල රථ.



විවිධ පුද්ගලයින්හට ඔවුන් විසින් සිදු කරනු ලැබු විශිෂ්ට සේවාවන් ගරු කිරීම් සහ විවිධ ආකාරයේ ගරු කිරීම් සහ පිළිගැනීම් හිමිවේ. ඒ අතරින් පුද්ගලයින් විසින් සිදුකරනු ලැබූ සේවාව උදෙසා හයිපකාරයක් (බොහෝ අවස්ථා වලදි) නම් කරනු ලැබූ රථ කිහිපයක තොරතුරු පහතින් දැක්වේ. 

1.     1 බෙනී කයොලා (Benny caiola).

 


 


බෙනී චියෝල් යනු ඉතාලියේ සිටි වියාපාරිකයෙකු වන අතර පගානි සමාගමේ නිර්මාතෘවරයා වන හරේෂියෝ පගානිගේ හොද මිතුරෙකුද වේ. හරේෂියෝ පගානි විසින් ලැම්බොගිනි සමාගමෙන් ඉවත්ව පාගානි සමාගම ආර්ම්භකල විට එහි පළමු පාරිභෝගිකයා වූයේද බෙනීකයොලාය. 2010 වසරේදී මියගිය ඔහුට ගරු කිරීමක් වශයෙන් පගානි හුවයිරා BC රථ 20ක් නිපදවන ලදී. එමෙන්ම මේ වන විට පගානි හුවයිරා රෝඩ්ස්ටර් BC රථ 40ක්ද නිපදවන බව සදහන්වේ.

 

2 එන්සො ෆෙරාරි (Enzo Ferrari)

 



ෆෙරාරි සමාගමේ නිර්මාතෘ වන එන්සො ෆෙරාරිට ගරු කිරීමක් ලෙස ෆෙරාරි සමාගම විසින් තමාගේ 4 වන මොඩර්න් මොටර් රථය ලෙස 2003 වසරේදී ෆෙරාරි එන්සෝ රථය හදුන්වා දෙන ලදී.  ෆෙරාරි එන්සෝ මාදිලියෙන් රථ 400ක් පමණක් නිපදවූ බව ෆෙරාරි සමාගම සදහන් කරයි. (සමහර අවස්ථාවල මීට වඩා වැඩි රථ ගණනක් නිපදවූ බවද සදහන් වේ.)

 

3 ජස්කෝ වොන් කොනිසෙග්.(Jesko Von Koenigsegg).

 




ස්වීඩනයේ හයිපර් කාර් නිෂ්පාදන සමාගමක් වන කොනිසෙග් සමාගමේ නිර්මාතෘ වන ක්‍රිස්චින් වොන් කොනිසෙග්ගේ පියා ජස්කෝ වොන් කොනිසෙග් වේ. ඔහුට ගරු කිරීමක් වශයෙන් කොනිසෙග් සමාගම 2019 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කල රථය කොනිසෙග් ජස්කෝ ලෙස හදුන්වා දෙන ලදී. ජස්කෝ මාදිලියෙන් රථ 125ක් පමණක් නිපදවන බවද සදහන් වේ. (මේ වන විට රථ සියල්ලක්ම විකිණී තිබිය හැක.)


4 අයර්ටන් සෙනා.(ayrton Senna).




 

අයර්ටන් සෙනා යනු අතීතයේ සිටි මෝටර් රථ ධාවන ශූරයෙකි. මොහු කලක් මැක්ලරන් සමාගම වෙනුවෙන්ද ධාවන පථවල තරග කර තිබේ. එම නිසා ඔහුට ගරු කිරීමක් වශයෙන් 2019 වසරේදී මැක්ලරන් සමාගම විසින් හදුන්වා දුන් හයිපර් කාරය මැක්ලරන් සෙනා ලෙස නම් කරන ලදී. එමෙන්ම පාරිභෝගිකයට අවශ්‍ය නම් අමතර මුදලක් ගෙවා රථයේ spoilerයේ යටි පැත්තේ අයර්ටන් සෙනාගේ අත්සනද තීන්තෙන් සටහන් කර ගැනීමට මැක්ලරන් සමාගම අවස්ථාව ලබා දුනි.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments