2020 වසරේදී ලැම්බොගිනි සමාගම විසින් මෙම හුරකන් EVO මාදිලිය හදුන්වා දුන් අතර මෙය හුරකන් මාදිලියේ වැඩිදියුණු කල මාදිලියක් වේ. මෙම රථය අශ්වබල 630 බලයක් නිපදවන ලීටර 5.2 V10 එන්ජිමකින් සමන්විත වන අතර 0 සිට 100kmh ක වේගයක් ලබා ගැනීම සදහා ගතවන කාලය තත්ත්පර 2.9ක් ලෙස සදහන් වේ. රථයේ උපරිම වේගය 325kmh ට වඩා වැඩි අගයක් ලෙස සදහන් වේ. මෙම මාදිලියද coupe සහ spider යන ආකාර දෙකෙන්ම නිපදවීමට ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කරන ලදී.
මෙම රථ පණගැන්වීමේ බොත්තම රියදුරු සහ මගී අසුන අතර වන කොටසේ පිහිටා ඇති අතර එය අනෙකුත් බොහොමයක් ලැම්බොගිනි මාදිලිවල මෙන්ම පියනකින් ආවරණය කර තිබේ. මෙම රථයේ STRADA ,SPORT ,CORSA ලෙස ධාවන ආකාර 3ක් ඇති අතර ධාවන ආකාරය තෝරා ගැනීමට ඉහළට පහලට චලනය කලහැකි ස්විචයක් සුක්කානමේ පහළ කොටසේ අන්තර් ගත කර තිබේ.
මෙහි ස්ට්‍රාඩා (STRADA) යනු සාමාන්‍ය මාර්ගවල ධාවනයටත් ස්පොර්ට් (SPORT) ක්‍රිඩා ආකරයේ ධාවනයටත් කෝර්සා (CORSA) ධාවන පථවල ධාවනයටත් යොදා ගත හැක. එමෙන්ම ධාවන ආකාරය වෙනස් කිරීම සමග මෙහි ඩිජිටල් වේගමාපකයේ ස්වරූපයද වෙනස් වීම සිදුවේ. ඊට අමතරව හැරවුම් ආලෝක, ප්‍රධාන ලාම්පු , වීදුරු පිරිසිදු කරනය වැනි දේවල් වල ක්‍රියාකාරීතවයට අදාළ ස්විචද සුක්කානමට අන්තර්ගත කිරීමට ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කර තිබේ..
මෙම රථයට සාමාන්‍ය හුරකන් රථයේ හුරකන් පරොෆොමාන්ටේ රථයේ දක්නට නොලැබුනු විශාල ස්පර්ශ සංවේදී තිරයක් අන්තර්ගත කර තිබේ. ඊට මදක් ඉහළින් පිහිටා තිබෙන ස්විච පේළිය රථයේ ජනේල විවෘත කිරීමට ,රථය සහ පොලොව අතර පරතරය අඩු කර ගැනීමට, ESC හි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම යන කරුණු සදහා භාවිතා කෙරේ.
මෙම රථයේ ඉදිරිපස වායුගතිකය පහසු කිරීම සදහා ඉතාමත් තියුණු ආකාරයකට නිපදවා තිබේ. මෙම මාදිලියේ පිටුපස කොටස මදක් හුරකන් පර්ෆොමාන්ටේ රථයේ හැඩයට සමාන වන අතර හුරකන් පර්ෆොමාන්ටේ රථයේ මෙන්ම දුම් කවුළු දෙකක් රථයේ පිටුපස මදක් ඉහළින් පිහිටා තිබේ. මේ මාදිලියේ spider ආකාරයේ වහලය නිපදවා ටෙන්ට් රෙද්දක් වැන්නකින් වන අතර වහලය හැකිලීම සදහා ගතවන කාලය අඩු කරලීමට ලැම්බොගිනි සමාගම කටයුතු කර තිබේ.
ලැම්බොර්ගිනි හුරකන් Evo coupe රථයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 260 000කට (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 5.2කට)පමණ ආසන්න යැයි සැලකිය හැක. මෙම රථයද පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් අනුව නිර්මාණය කරගැනීමට ලැම්බොගිනි සමාගම විසින් අවස්ථාව ලබාදී ඇති අතර ඒ සිදුකරන වෙනස්කම් මත රථයේ මිලද වෙනස් වේ.
ඔබට අවශ්‍ය පරිදි ඔබගේ රථය නිර්මාණය කර ගැනීම සදහා ලැම්බොගිනි සමාගම විසින් හදුන්වා දුන් වෙබ් අඩවියට ගොස් ඔබ කැමති ආකාරයට නිර්මාණය කර බලන්න.
https://configurator.lamborghini.com/configurator/carline/32002-20111?lang=eng&country=it
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment