ෆෙරාරි සමාගම විසින් 2016 වසරේදී සීමිත මාදිලියක් ලෙස F12 TDF ( මෙම මාදිලියද බොහෝ අවස්ථාවල සැලකෙන්නේ හයිපර් කාරයක් ලෙසට වේ. )මාදිලිය හදුන්වා දෙන ලදී. මෙම රථය 780ct ක බලයක් නිපදවන ලීටර 6.3 V12 එන්ජිමකින් සමන්විත අතර ඉන් නිපදවන බලය පිටුපස රෝද මත පමණක් යෙදේ (Rear wheel drive). ෆෙරාරි සමාගම විසින් F12 TDF රථ 799ක් පමණක් නිපදවීමට කටයුතු කරන ලදී. බොහෝ සුපර් කාර් සහ හයිපර් කාර් වල එන්ජිම රථයේ මැදට වන්නට පිහිටා ඇති නමුත් මෙම රථයේ එන්ජිම රථයේ ඉදිරිපස අන්තර්ගත කිරීමට ෆෙරාරි සමාගම කටයුතු කර තිබේ.
මෙම රථය ඇතුළත (
interior ) අනෙකුත් ෆෙරාරි මාදිලි හැඩරුවට සමානව නිපදවා ඇත.
රථය
පාලනය කිරීමේ පහසුව සදහා රථය පණගැන්වීමට , වයිපරයේ ක්‍රියාත්මක කිරීමේ,
හැරවුම්
ආලෝක දැල්වීමේ , ධාවන ආකාරය තෝරා ගැනීමට ඇති ස්විචය මෙන්ම සස්පෙන්ෂනයේ ක්‍රියාකාරීත්වයට
අදාළ බොත්තමද සුක්කානමට අන්තර්ගත කිරීමට ෆෙරාරි සමාගම විසින් කටයුතු කර තිබේ.
මෙහි wet , sport ,
race ලෙස ධාවන ආකාර 3කින් සමන්විත වන අතර මෙය නිර්මාණය කිරීමේදී
ධාවන පථවල ධාවනය සදහා වැඩි අවධානයක් යොමු කර ඇති බව පැහැදිලිවේ. මෙම රථයේද සුක්කානමේ ඉහළින්ද අන්තර්ගතකර තිබෙන අතර
වේගමාපකය ඩිජිටල් තිර දෙකක් සහ එක් කටුවක් සහිතමාපකයක් ලෙස කොටස් තුනකින් සමන්විතවේ.
රථයේ එන්ජිම සිසිල් කිරීමට අවශ්‍ය වාතය ලබා ගැනීමට රථයේ ඉදිරිපස ඇති ග්‍රිල් එක මගින් මෙන්ම බොනට්‍ටුව මතද වා කවුළු දැක අන්තර්ගත කර තිබෙනු දැකගත හැක. වාතය මගින් පොළොව දෙසට වැඩි බලයක් ඇතිකිරීම සදහා බොනට්‍ටුවේ ඒ සදහා විශේෂ හැඩයක් නිර්මාණය කර ඇති අතර රථයේ දොරවල් වලට මදක් පිටුපසින් 250 gto රථයේ දක්නට ලැබුණු හැඩයට සමාන කාබන් ෆ්යිබර් වලින් නිපදවූ වා කවුළුවක්ද මෙම රථයට අන්තර්ගතකර තිබේ.
මෙම රථයේ පිටුපස කොටස සැලකූ විට පිටුපස ඩිෆියුසරය කාබන් ෆයිබර් වලින් නිපදවා තිබෙන අතර එක් පසක දුම් කවුළු දෙක බැගින් දුම් කවුළු හතරකින් සමන්විතවේ. ඩිෆියුසරයේ මැදට වන්නට ෆෝමියුලා රථවල දක්නට ලැබෙන ආකාරයේ රතු පැහැති බල්බ 12කින් සමන්විත සෘජුකෝණාස්‍රාකාර කොටසක් දැකගත හැකිවේ. රථයේ තිරිංග ආලෝක දෙක අතර කාබන් ෆයිබර් වලින් නිපදවූ තීරුවක් දැකගත හැකි අතර ෆෙරාරි ලාංඡ්නයද ඒ මත අන්තර් ගත කර තිබේ.
මෙම රථයේ මිල ආසන්න වශයෙන් අමරිකානු ඩොලර් 600
000කට
(මෙරට
බදු රහිතව රු කෝටි 12කට) පමණ ආසන්නවේ. මෙම මාදිලියද සීමිත රථ
ගණනක් ඇති බැවින් මිල ගණන් කාලයත් සමග වෙනස් වේ.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment