ස්වීඩනයේ හයිපර් කාර් නිෂ්පාදන සමාගමක් වන කොනිසෙග් සමාගම විසින් 2017 නොවැම්බර් මස 4 වෙනි දිනයේදී කොනිසෙග් ඇගීරා rs රථය මගින් එක් ලෝක වාර්ථාවක් පමණක් නොව ලෝක වාර්ථා දෙකක්ම පිහිටුවන ලදී. (මෙම වාර්ථා දෙකම මේ වන විට බිද දමා තිබේ.)
ඉන් එකක් වන්නේ එවකට උපරිම වේගය ලෙස බුගාටි වෙයිරෝන් සුපර් ස්පොර්ට් රථය තබා තිබූ 268mph වාර්ථාව බිද හෙලීම වේ. අනෙක් වාර්ථාව වන්නේ 0kmh සිට 400kmh දක්වා වේගයක් ගෙන නැවත 0kmh ට පත්වීමයි.
බුගාටි චිරොන් රථයට මේ සදහා ගතවූ කාලය තත්ත්පර 42 කි. කොනිසෙග් ඇගීරා RS රථය මෙයට පෙර අවස්ථාවක එම වාර්ථාව බිද දැමුවේ ගත වූ කාලය තත්ත්පර 37.28 ලෙස වාර්තා කරමිනි. නමුත් 2017.11.04 වන දින කොනිසෙග් සමාගම තමාගේම වාර්ථාව බිද දමා නව වාර්ථාවක් පිහිටුවන ලදී.
මේ සදහා නිවාඩා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක හැතැප්ම 11ක් වෙන්කර තිබුණි. ඇගීරා rs රථය උපරිම වේගය ලෙස 285.8mph ක වේගයක් වාර්ථා කරන ලදී. නමුත් මෙය ගිනස් වාර්ථාව සදහා පිළිගනු නොලැබේ.
ඒ සදහා එක් දිශාවක් සදහා ගමන් කර එයට අදාළ උපරිම වේගය ලබාගෙන නැවත එම මාර්ගයේම ආපසු පැමිණ එම අවස්ථාවට අදාළ උපරිම වේගයද ගෙන එහිදී ලැබෙන සාමාන්‍ය වේගය ලෝක වර්ථාව ලෙසට පිළිගනු ලැබේ.
Rs රථය පළමුව පහල දිශාවට ගමන් කිරීමේදී 271.2mph ක වේගයක් වාර්ථා කල අතර නැවත එම මාර්ගයේම ආපසු පැමිණෙන විට 284.6mph ක වේගයක් වාර්ථා කරන ලදී. එම නිසා ලෝක වාර්ථාව සදහා ගත් සාමාන්‍ය වේගය වන්නේ 277.9mph ක් විය. එමෙන්ම 0-400kmh-0 වේගයකට පත් වීම සදහා අගීරා රථයට ගත වූ කාලය ලෙස සටහන් වූයේ තත්ත්පර 33.87 කි.
ලොව වේගවත්ම රථය යන නාමය ලබා ගැනීම සදහා බොහෝ විට තරගයක් පවතින්නේ කොනිසෙග් සමාගම හා බුගාටි සමාගම අතර වේ.(හෙනසි සමාගමෙ රථද මේ සදහා තරගයක් ලබදේ.) නමුත් මෙම සමාගම් දෙක සසදන කල කොනිසෙග් සමාගම යනු කුඩා සමාගමක් වේ.
එම කාලවකවානුව වන විට ඔවුන් සතුව ඉන්ජිනේරුවන් සිටියේ දෙදෙනෙකු පමණි. එමෙන්ම ඔවුන් වාර්ථා තැබීම සදහා භාවිත කරනු ලබන්නේ සාමාන්‍ය මාර්ගයක් වේ. ඔවුන් භාවිතා කරනු ලැබූ රථයද පාරිභෝගිකයෙකු විසින් මිලදී ගත් රථයක් වන අතර එය ලෝක වාර්ථාව තැබීම සදහා යොදා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර් තිබේ.
නමුත් බුගාටි සමාගම අයත් වන්නේ වොක්ස්වැගන් සමූහ ව්‍යාපාරයට වේ. වොක්ස්වැගන් සමූහ ව්‍යාපාරයට අයත් තවත් සමාගම් කිහිපයක් ලෙස අවුඩි සමාගම්, ලැම්බොගිනි සමාගම, පෝශෙ සමාගම දැක් වියහැක. ඔවුන් සතුව ඉන්ජිනේරුවන්, සේවකයින් බොහෝ පිරිසක් සිටින අතර අවශ්‍ය විටදී භාවිතා කිරීම සදහා වෙනම ධාවන පථයක්ද ඔවුන් සතු වනවා.
ඉදිරියේදි කොනිසෙග් ජස්කෝ රථය මගින් ද නව ලෝක වර්ථාවක් පිහිටවනු ඇතැයි බලා පොරොත්තුවිය හැක.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Comments
Post a Comment