ලැම්බොගිනි සමාගම විසින් තමාගේ SUV රථය ලෙස උරස් මාදිලිය මුල් වරට හදුන්වා දෙනු ලැබුවේ 2017 වසරේදී වේ. 2018 වසරේදී නිශ්පාදනය ආරම්භ කරන ලද උරස් මාදිලියෙන් මේවන විට රථ 10 000කට වැඩි ප්‍රමාණයක් අලෙවිවී තිබෙන අතර මෙය ලැම්බොගිනි සමාගමේ වැඩිම අලෙවියක් සහිත මාදිලිය ලෙසද සදහන් වේ.
මෙම
රථයට බලය සපයනු ලබන්නේ ටර්බෝ චාජර දෙකක් සහිත V8 එන්ජිමකින් වන අතර එමගින් අශ්වබල 641
(650cv)ක් නිපදවනු ලබයි. මෙහි 0-62mph සදහා ගතවන කාලය තත්ත්පර 3.6
ලෙස
සටහන් වන අතර උපරිම වේගය ලෙස සටහන් වන්නේ 190mph ක වේගයක් වේ. රථයේ ඉදිරිපස බම්පරයේ ලැම්බොගිනි ලාංඡ්නයට පහළින් ඉදිරිපසට මුහුණපා තිබෙන කැමරාවක්ද දැකගත හැකිවේ.
මෙම රථයේද අනෙකුත් ලැම්බොගිනි රථවල මෙන්ම රථය පණගැන්වීමේ බොත්ත්ම පියනකින් ආවරණය කර ඇති ඇත. පණගැන්වීමේ බොත්තමට දෙපසින් කුඩා ගියර දෙකක් පිහිටා තිබෙන අතර වම් පස Anima ලෙස නම් කල ගියරයෙන්
රථයේ
ධාවන ආකාරය තෝරාගත හැක. එය
Sport , Strada , Corsa , Sabbia , Terra , Neva ලෙස ධාවන ආකාර 6කින් සමන්විත වේ.
දකුණු පස Ego ලෙස නම් කල ගියරයෙන්
Ego ආකාරයට රථය පත් කල හැකි අතර
ඊට පහලින්
චැසියක
රූපයක් , සුක්කානමක රූපයක් , සස්පෙන්ෂන්වල රූපයක් දැක්වෙන බොත්තම් 3ක් අන්තරගත කර තිබේ. එමගින් රථයේ පාලනයේ
පහසුව , සුවපහසුව වැන්න තෝරාගැනීම සදහා ධාවකයාට වැඩි අවකාශයක් ලබාදී තිබේ.
මෙහි වේගමාපකය සම්පූර්ණයෙන්ම ඩිජිටල් තිරයක් වන අතර ධාවන ආකාරය තෝරා
ගැනීමත් සමග එහි අන්තර්ගත තොරතුරු සහ තොරතුරු දක්වන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්වේ.
ඇවන්ටඩොර් SVJ රථයේ ස්පර්ශ සංවේදී තිරයක් දක්නට නොලැබුන
නමුත් මෙම රථයේ පාලක තිරය ලෙස ස්පර්ශ සංවේදී තිරයක් අන්තර්ගත කර තිබේ.
මෙම
පහළින් ඇති තිරය ප්‍රධන වශයෙන් A/C හි ක්‍රියාකාරීත්වය සදහා භාවිතා කිරීමට නිපදවා තිබේ.
ඊට ඉහළින් තවත් ස්පර්ශ සංවේදී තිරයක් ලැම්බොගිනි සමාගම විසින් අන්තර්ගත
කර තිබෙන අතර එමගින් දුරකථනයක් රථය සමග සම්බන්ද කර විට එහි තොරතුරු ලබා ගැනීමට රථය
ගමන්කරන දිශාව , රථයේ මුහුදු මට්ටමේ සිට උස , රථය පොළොව සමග ඇති ආනතිය වැනි කරුනු තවත්
කරුණු බොහොමයක් දැක්වීම සිදුකරනු ලබයි.
මෙය අසුන් හතරකින් සම්න්විත රථයක් වන අතර ඉදිරිපස අසුන් දෙකේ පිටුපසින් ටැබ්ලට් පරිගණක දෙකක්ද සවිකර තිබේ (මෙය පාරිභෝගිකයාගේ කැමැත්ත මත වෙනම මුදලක් ගෙවා සිදු කලයුතු බවද සදහන් වේ.). එමගින් රථය ගමන් කරන වේගය , රථය ගමන් කල දුර , උපරිම වේගය වැනි කරුණු බොහොමයක් බලාගත හැකි අතරම අන්තර්ජාලයටද සම්බන්ද වීමේ පහසුකම තිබේ. ඒ අතරම උරස් මාදිලිය ලොව වේගවත්ම SUV මාදිලිය ලෙසද හැදින්වේ.
මෙම රථය සදහාද රථවල පෙනුම වැඩි දියුණු ( modified ) කරන සමාගමක් වන mansory සමාගම විසින් bodykitද හදුන්වා දෙන ලදී. ඊට අමතරව මෙම මාදිලියේද 6x6 රථද නිර්මාණය කිරීමට වෙනත් සමාගම් විසින් කටයුතු සිදු කරනු ලබන බව සැලකිය හැක.මෙම රථයේ මිල ඇමරිකනු ඩොලර් 200 000ත් 250 000 (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 4ත් 5ත්) පමණ අතර යැයි සැලකිය හැක.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment