2015 වසරේදී ඉතාලියේ ලැම්බොගිනි සමාගම විසින් හදුන්වා දුන් ඇවන්ටඩෝ SV මාදිලිය සාමාන්‍ය ඇවන්ටඩෝ මාදිලියේ වැඩිදියුණු කල මාදිලියක් ලෙස සැලකිය හැක. සීමිත මාදිලියක් ලෙසට නිපදවූ මෙම රථ කූප් ( coupe ) සහ රෝඩ්ස්ටර් ( roadster ) යන ආකාර දෙකෙන්ම හදුන්වා දෙන ලදී. කූප් ආකාරයෙන් රථ 600ක්ද රෝඩ්ස්ටර් ආකාරයෙන් රථ 500ද හදුන්වා දෙනු ලැබූ අතර පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත රථයට අන්තර්ගත කරගත හැකි අංග ගණනාවක්ද ඉදිරිපත් කරන ලදී. මෙම රථය අශ්වබල 740ක් නිපදවන V12 එන්ජිමකින් සමන්විත වන අතර 0kmh සිට 100kmhක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.8 ලෙස සදහන් වේ. රථයේ උපරිම වේගය ලෙස සදහන් වන්නේ 350kmhක වේගයක් වේ.
මෙම රථය පණගැන්වීමට අවශ්‍ය බොත්තම රථයේ මැදට වන්නට පිහිටි පාලක පුවරුවේ
ඉහළට පහළට එසවිය හැකි පියනකින් ආවරනය කර තිබෙන අතර ඊට ඉහළින් රථයේ ධාවන ආකාර වන
strada, sport, corsa තෝරා ගැනීම සදහා අවශ්‍ය බොත්තම් දක්නට ලැබේ.
මෙහි
strada ආකාරය සාමාන්‍ය ආකාරයේ ධාවනයටත් ,
sport ආකාරය ක්‍රීඩා ආකාරයේ ධාවනයටත්, corsa ආකාරය ධාවනපථ ආකාරයේ ධාවනයටත් යොදා ගත හැකියාව
පවතී.
ඊට ඉහළින් ඇති බොත්තම් සහිත කොටස රථයේ සිසිලන පද්ධතියේ ක්‍රියාකාරීත්වය
සදහා වන අතර පාලක තිරයට පහළින් පිහිටි බොත්තම් පෙල දොරවල්හි වීදුරුවල ක්‍රියාකාරීත්වය, රථයේ lifting පද්ධතියේ ක්‍රියාකාරීත්වයට,
ESC off කිරීම වැනි තවත් කරුණු සදහා යොදා ගත හැක. මෙහි වේගමාපක තිරය ලෙස දක්නට ලැබෙන්නේ ඩිජිටල් තිරයක් වන අතර ධාවන ආකාරය
අනුව ඇවන්ටඩෝ SVJ රථයේ මෙන්ම වේගමපකය වෙනස් වීමක් දක්නට නොලැබේ.
මෙහි
සුක්කානමේ අන්තර්ගත කර තිබෙන්නේ හැරවුම් ලාම්පු, ප්‍රධාන ලාම්පු,
වයිපරයේ
වැනි දේවල් හි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බොත්තම් වේ.
මෙම මාදිලියේ ඉදිරිපස සමාන්‍ය ඇවන්ටඩෝ මාදිලියට වඩා තියුණු පෙනුමකින්
යුතු අතර වායුගතිකය ගැන වැඩි අවධානයක් යොමු කර මෙම මාදිලිය නිර්මාණය කර ඇතිබව සැලකිය
හැක. මෙම රථයේ පිටුපසද සාමාන්‍ය ඇවන්ටඩෝ රථයට
වඩා අලංකාරව නිර්මාණය කිරීමට ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කර තිබේ. පිටුපස ඩිෆියුසරයේ මැදට වන්නට කවුළු 4කින් සමන්විත
දුම් කවුළු පද්ධතිය පිහිටා තිබේ. මෙහි දක්නට ලැබෙන්න ස්පොයිලරය ක්‍රියාකාරී
( චලනය වන ) ස්පොයිලරයක් නොවන අතර එය සැහැල්ලු වීම සදහා කාබන් ෆයිබර් වලින් නිපදවන
ලද්දක් වේ.
මෙම මාදිලියේ පිටුපස රෝද දෙකට ඉහළින් SV ලෙස දැක්වීම අමතර අංගය වන අතර ඒ සදහා වෙනම මුදලක් ගෙවීමට සිදුවේ. මෙහි SV යන්නෙහි අර්ථය වන්නේ " Super Veloce" යන්න වේ. මෙම ඉතාලි වචනයේ තේරුම වන්නේ "සුපිරි වේගය" යන්න වේ. මෙම මාදිලියේ තවත් අමතර අංග ලෙස රථයේ එන්ජිම දෙපස වාකවුළු ආවරණ කාබන් ෆයිබර් වලින් නිපදවීම, මගී අසුන අසලින් හදිසි ගිනි නිවීමේ සිලිංඩරයක් අන්තර්ගත කිරීම, පිටුපස කැමරාවක් අන්තර්ගත කිරීම ( මෙලෙස කැමරාවක් අන්තර්ගත කිරීම සදහා ආසන්න වශයෙන් රු ලක්ෂ 4ක {ඇමරිකානු ඩොලර් 2000ක} මුදලක් අයකල බව සදහන් වේ) වැනි කරුණු දැක්විය හැක.
මෙම රථයේ ආරම්භක අවස්ථාවේ මිල මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 9ක් (ඇමරිකානු ඩොලර්
450 000ක්) පමණ වේ. මෙම මාදිලියට අයත් රථයක් ලංකාවේද දැකගත
හැකි අතර එහි හිමිකරුවා පිළිබද අදහස් නොමැත.
මෙම
රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/


Comments
Post a Comment