ෆෙරාරි සමාගම විසින් 2013 වසරේදී 458 ස්පෙශියාලේ මාදිලිය සීමිත මාදිලියක් ලෙස ලොවට හදුන්වා දෙන ලදී. මෙය 2009 වසරේදී හදුන්වා දෙනු ලැබූ ෆෙරාරි 458 මාදිලියේ වැඩිදියුණු කල මාදිලියක් ලෙස සැලකිය හැක. ෆෙරාරි සමාගම මෙම මාදිලියෙන්ද කූප් (Coupe)සහ අපර්ට (Aparta) (රථයේ වහලය හැකිලිය හැකි මාදිලිය) යන ආකාර දෙකම හදුන්වා දෙන ලදී.
458 ස්පෙශියාලේ අපර්ට ආකාරයෙන් රථ 499 නිපදවන ලද අතර මෙම රථය සදහා භාවිතා කර තිබෙන්නේ අශ්වබල 597 නිපදවනු ලබන ලීටර 4.5 V8 එන්ජිමක් වේ. මෙම රථය සදහා භාවිතා කර තිබෙන එන්ජිම 2011,2012 සහ 2014 යන වසර වලදී හොදම ක්‍රියාකාරී එන්ජිම ලෙසද නම්කර තිබේ.මෙම රථයට 0 සිට 100kmhක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.8 ලෙසට සදහන් වන අතර හැතැප්ම 1/4ක දුරක් යාම සදහා ගතවන කාලය තත්ත්පර 10.8 ලෙසටද සදහන් වේ.
ෆෙරාරි 458 ස්පෙශියා රථයේ අතුළතද අනෙකුත් බොහොමයක් ෆෙරාරි මාදිලිවලට සමානව නිපදවා තිබේ. සුක්කානමේ වම් පසට වන්නට රථය පණ ගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම පිහිටා තිබෙන අතර ඊට ඉහළින් සස්පෙන්ෂන්හි ක්‍රියාකාරීත්වයට අදාල බොත්තම පිහිටා තිබේ.
සුක්කානමේ දකුණු පසට වන්නට ධාවන ආකාරය තෝරා ගැනීමට කැරකැවිය
හැකි ස්විචය අන්තර්ගතවේ. මෙම රථයේද ධාවන ආකාර ලෙස wet, sport , race ධාවන ආකාර තුනද
CT off සහ ESC off ද එම කරකැවිය හැකි ස්විචයටම අන්තර්ගත කර
තිබේ.
මීට අමතරව හැරවුම් ලාම්පු , ප්‍රධාන ලාම්පු වැනි දේවල ක්‍රියාකාරීත්වයට
අදාල බොත්තම්ද සුක්කානමට වන්නට පිහිටා තිබේ. මෙම රථයේ සුක්කානමේ ඉහළින්ද ශිෆ්ට් ලයිට්
අන්තර්ගත කර ඇති අතර සුක්කානමේ දෙපසින්ම හෝන් එකෙහි ක්‍රියාකාරීත්වය සදහා වෙන්කර තිබේ.
. මෙම ෂිෆ්ට් ලයිට් රථයේ වේගය අඩු වැඩි කිරීම් අනුව
දැල්වීම සහ නිවීම සිදු වේ. මෙම රථයේද රියදුරු සහ මගී අසුන් දෙක අතර
බොත්තම් තුනකින් සමන්විත කාබන් ෆයිබර් වලින් නිපදවූ මදක් ඇලවූ හැඩලයක් දක්නට ලැබේ.
එහි R ලෙස සදහන් බොත්තමක්ද Auto
ලෙස
සදහන් බොත්තමක්ද PS ලෙස සදහන් බොත්තමක්ද දක්නට ලැබේ. මෙම
PS ලෙස
සදහන් බොත්තම පවර් ස්ටාර්ට් (power start) බොත්තම ලෙස හැදින්වේ. මෙය නිශ්ච්ලතාවයේ
සිට අඩු කාලයකදී වැඩි වේගයක් ලබා ගැනීම සදහා මෙය භාවිත වේ.
මෙම රථය සැහැල්ලු කිරීම සදහා රථයේ අතුළත බොහොමයක්
කොටස්ද කාබන් ෆ්යිබර් වලින් නිපදවා තිබේ.
මෙහි වේගමාපකය සෘජුකෝණාස්‍ර හැඩ දෙකක් සහ
වෘත්තාකාර හැඩයක් ලෙස කොටස් තුනකින් සමන්විත වේ. මෙහි වම් පසින් පිහිටි සෘජුකෝනාස්‍රාකාර
තිරය රථයේ උෂ්ණත්වය, ඉන්ධන ප්‍රමාණය වැනි කරුණු දැක් වීමට යොදාගෙන
තිබෙන අතර වෘත්තාකාර කොටසේ ගියරය, rpm අගය දක්වනු
ලැබේ. දකුණු පසින් ඇති සෘජුකෝනාස්‍රාකාර තිරය මගින් රේඩියෝවේ ක්‍රීයාකාරීත්වය,
දුරකථන
රථය සමග pair කිරීම වැනි කරුණු සදහා භාවිතවේ.
රථයේ ඉදිරිපස ට්‍රන්ක් එකෙහි බඩුබාහිර ගබඩා කිරීම සදහා ඉඩකඩ ඇතිඅතර ෆෙරාරි
සමාගම විසින් ලබාදෙන ආයුධ කට්ටලයක් ද අන්තර්ගත කර තිබේ. රථයේ බොනට්‍ටුව සාමාන්‍ය 458 රථයට අලංකාරව නිර්මාණය කිරීමට ෆෙරාරි සමාගම
විසින් කටයුතු කර තිබෙන අතර 458 රථයේ දක්නට නොලැබුනු කාබන් ෆයිබර් වලින්
නිපදවනු ලැබූ ලූවර්ස්ද ප්‍රධාන ලාම්පුවලට දෙපසින් දක්නට ලැබේ.
රථයේ
පිටුපස ඩිෆියුසරයද කාබන් ෆයිබර් වලින් නිපදවා තිබෙන අතර රථයේ දුම් කවුළු දෙකද එයටම
සම්බන්ද කර තිබේ.
මෙම රථය ෆෙරාරි සමාගමේ විශේෂ
රථයක් බැවින් රථය රු කෝටි 12ක් (ඇමරිකානු ඩොලර් 600 000ක) පමණ මිඅලක් නියමි වී තිබුන නමුත් මේවන
විට මෙම ,මාදිලියේ රථයක මිල රු කෝටි14ත් 20ත් ( ඇමරිකානු ඩිඔලර් 700
000 ත් 1 000 000) අතර යැයි සැලකිය හැක. ෆෙරරි 458
ස්පෙශියලේ
අපර්ටා රථයේ මිල ෆෙරාරි 458 ස්පෙශියලේ රථයට වඩා ඉහළ අගයක් ගනී.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම
සදහා ප්‍රධාන පිටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment