ලැම්බොගිනි සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ නවතම මාදිලිය.



ලම්බොගිනි සමාගම් විසින් 2021.08.14 දිනදී ලැම්බොගිනි සමාගමේ නවතම මාදිලිය වන ලැම්බොගිනි කන්ටාශ් LP 800-4 මාදිලිය හදුන්වා දෙන ලදී. මෙම රථය පැරණි කුන්ටාශ් රථයේ වර්තමානයට ගැලපෙන  අයුරින් වැඩිදියුණු කල මාදිලියක් ලෙසට සැලකිය හැකිය.

 

මෙම රථය නිර්මාණය කිරීමේදී කුන්ටශ් රථයට ආදේශකයක් ලෙස හදුන්වා දුන් නමුත් තවත් මාදිලි කිහිපයකම ලක්ෂණද දැකගත හැකිවේ. මෙම රථයේ පෙනුම සැලකූවිට රථයේ ඉදිරිපස පෙනුම ලැම්බොගිනි චෙන්ටනාරියෝ රථයේ පෙනුමට මදක් සමාන බව සැලකිය හැකි අතර රථයේ පි‍ටුපස පෙනුම ලැම්බොගිනි සයෑන් රථයට සමාන බවද දැකගත හැකිවේ.

 

මෙම රථය 785cv ක බලයක් නිපදවන බව සදහන් වන අතර රථය 0 සිට 100kmh ක(0 සිට 62mph) වේගයක් ලබා ගැනීමට ගතවන කාලය ලෙස සදහන් වන්නේ තත්ත්පර 2.8කි.

 

මෙම රථය 2022 වසරේදී වෙළදපොලට නිකුත් කරන බවද සදහන් වන අතර මෙය සීමා සහිත මාදිලියක් ලෙස හදුන්වා දෙන ලදී. මෙම රථය පිළිබද සම්පූර්ණ විස්තයක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම සදහා ප්‍රධාන පි‍ටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Comments