Mclaren GT. සුවපහසුව ගැන සැලකූ මැක්ලරන් රථය. (Mclaren GT in sinhala).




 

2020 වසරේදී බ්‍රිතාන්‍යයේ මැක්ලරන් සමාගම විසින් මෙම GT මාදිලිය හදුන්වා දෙන ලදී. මැක්ලරන් සමාගම ප්‍රසිද්ධ වන්නේ සුපර්කාර් සෑදිමට බව අප සියලු දෙනා දන්නා කරුණකි. නමුත් මැක්ලරන් සමාගම් විසින් මෙම මාදිලිය හදුන්වා දෙනු ලැබුවේ සුඛෝපභෝගි රථයක් ලෙසට වන නමුත් මෙය සුපර් සහ සුඛෝපභෝගී යන ආකාර දෙකේම එකතුවක් ලෙසට සැලකිය හැකිවේ.

 

මෙම රථයට භාවිතා කර තිබෙන්නේ අශ්වබල 612ක් නිපදවන ටර්බෝ චාජර දෙකකින් සමන්විත V8 එන්ජිමක් වේ. මෙම රථයට 0 සිත 100kmhක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 3.1 ලෙසට සදහන්වන අතර  රථය උපරිම වේගය 203mph ලෙසද සදහන් වේ. මෙම රථය සුඛෝපබෝගී රථයක් ලෙසට හදුන්වා දුන් නමුත් මෙහි අසුන් දෙකක් වන අතර මෙම රථය නිර්මාණය කර තිබෙන්නේ මැක්ලරන් 720S රථය පාදක කරගෙන වේ.

 



මැක්ලරන් සමාගම තමාගේ මෝටර් රථවල ඇතුළත (Interior) නිර්මාණය කිරීම සදහා ඇල්කන්ටාරා සහ කාබන් ෆයිබර් භාවිත කරන නමුත් මෙහි සුඛෝපභෝගීත්වය පෙන්වීම සදහා ලෙදර් අමුද්‍රව්‍ය භාවිත කර තිබේ. මෙම රථය පණ ගැන්වීමේ බොත්තම රියදුරු සහ මගී අසුන් අතර ඇති පාලක පුවරුවේ ඉදිරිපසින්ම පිහිටා තිබෙන අතර ඊට පි‍ටුපසින් රථයේ ධාවන ආකාර ‍තෝරා ගැනීමට අදාළ ස්විච අන්තර්ගත කර තිබේ. අනෙකුත් මැක්ලරන් මාදිලිවල මෙන් මෙහිද ධාවන ආකාරය පවර් ට්‍රේන් සහ හැඩලින් ලෙස වෙන වෙනම ‍තෝරා ගැනීමේ හැකියාව තිබේ. ඒ ආකාර දෙකෙහිම comfort, sport, track යන ධාවන ආකාර දක්නට ලැබෙන අතර එය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම ඊට පහළින් තිබෙන  Active යන බොත්තම එබිය යුතු වේ.



පාලක පුවරුවේ පහළින්ම රථය පි‍ටුපසට ගැනීමට , නිවුටල් කිරීමට රථයේ ලොන්ච් කන්ට්‍රෝල් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට වැනි කරුණු කිහිපයකට අදාළ බොත්තම් අන්තර්ගත කර තිබේ. මෙහි ප්‍රධාන පාලක තිරය මගින් වායුසමන පද්ධතියේ ක්‍රියාකාරීත්වය, රේඩියෝවේ ක්‍රියාකාරීත්වය මෙන්ම ඇතුළත ආලෝකවල වර්ණය වෙනස් කිරීමේ හැකියාවද පවතී. රථයේ වහලයට sun roof යක් අන්තර්ගත කිරීමට මැක්ලරන් සමාගම විසින් කටයුතු කර තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ ඒ ඔස්සේ පැමිණෙන හිරු කිරණ ආකාර කිහිපයකට පාලනය කල හැකි වීමයි. රථයේ වේගමාපකයද අනෙකුත් මැක්ලරන් රථවලට වඩා වෙනස් ආකරයකට නිර්මාණය කර තිබෙන අතර එය 720 රථයේ මෙන් චලයක් නොදක්වයි.

 



මැක්ල්රන් GT රථයේද දක්නට ලැබෙන්නේ අනෙකුත් බොහොමයක් මැක්ලරන් රථවල මෙන් Butterfly style දොරවල් වේ. සාමාන්‍යයෙන් මැක්ලරන් රථවල පි‍ටුපස ට්‍රන්ක් එකක් දක්නට නොලැබෙන අතර මෙම රථයට බඩුබාහිරාදිය යෙදීමට ඇති ට්‍රන්ක් එකක් අන්තර්ගත කර තිබෙන අතර යතුරේ පවතින බොත්තමක් මගින් ස්වයංක්‍රීයව විවෘතවන අතර එය වැසීම සදහා අවශ්‍ය බොත්තම ට්‍රන්ක් දොරේ අන්තර්ගත කර තිබේ.

 



මෙම රථයේ දෙපස එන්ජිම සිසිලනයට අවශ්‍ය වාතය ලබාගැනීම සදහා මදක් විශාල ප්‍රමාණයේ වාකවුළු දෙකක් දක්නට ලැබේ. මෙහි දුම් කවුළු දෙකන් දක්නට ලැබෙන අතර ඒවා පි‍ටුපස ඩි‍ෆියුසරයේ පහළින් දෙපසට වන්නට පිහිටා තිබේ. මෙම රථයේ මිල මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 4.2 න් (ඇමරිකනු ඩොලර්  210 000 න් ) ආරම්භ වන අතර මැක්ලරන් සමාගම විසින් පාරිභෝගිකයන් හට තම අවශ්‍යතාවය පරිදි රථයට එකතු කරගත අංග ගණනාවක්මද හදුන්වා දෙන ලදී.

 

මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම සදහා ප්‍රධාන පි‍ටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

 

 

Comments