NEED FOR SPEED 2014 චිත්‍රපටයේ අවසන් තරගයේ ඇති මෝටර් රථ මාදිලි.


  බුගටි වෙයිරෝන් සුපර් ස්පොර්ට් ( Bugatti Veyron  super sport )

 




චිත්‍රපටයේ ඉංග්ලිශ් පවුල් (English paul) නැමැත්තා ධාවනය කරන මෝටර් රථය මෙය වන අතර මෙම මාදිලිය විශේෂ මාදිලියක්ද වේ. බුගාටි සමාගම විසින් මෙම මාදිලියට අදාල රථයක් මගින් ලොව වේගවත්ම රථය ලෙසට ගිනස් ලෝක වාර්තාවක්ද පිහි‍ටුවන ලදී (එම වාර්තාව මේවන විට බිදදමා තිබේ.). අශ්ව බල 1200ක් නිපදවන ටර්බෝචාජර 4ක් සහිත W16 එන්ජිමකින් සමන්විත වන අතර මෙම මාදිලියෙන් රථ 30ක් පමණක් නිපදවන බව සදහන්වේ.

  

 ලැම්බොගිනි සෙස්ටෝ එලිමෙන්ටෝ (Lamborghini )




ඩීනෝ බෲස්ටර් (Dino Brewster) විසින් තරගයට සම්බන්ධ වන්නේ මෙම ලැම්බොගිනි රථයෙන් වන අතර මෙය ලැම්බොගිනි සමාගම විසින් නිශ්පාදනය කරන ලද විශේෂ මෝටර් රථයක් ලෙසට සැලකිය හැකි අතර මෙම මාදිලියෙන් රථ 20ක් පමණක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී.. මෙම රථය අශ්වබල 570 නිපදවන එන්ජිමකින් සමන්විතවන අතර 0 සිට 100kmhක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.5 ලෙස සදහන් වන අතර රථයේ උපරිම වේගය 221mph ලෙසට සදහන්වේ.

 

3  සෙලීන් S7 ( Selean S7 )




ගූච් ( Gooch ) නැමැත්තා විසින් ධාවනය කරනු ලබන රිදී පැහැති රථය මෙය වන අතර සෙලීන් රථ ඇමරිකානු මෝටර් රථ සමාගමක් වේ. මෙම රථය අශ්වබල 750ක් නිපදවන ටර්බෝ චාජර දෙකකින් සමන්විත ලීටර් 7 එන්ජිමකින් සමන්විතවන අතර රථයේ උපරිම වේගය 248mph ලෙසද සදහන් වේ.

 

4  මැක්ලරන් P1 ( Mclaren P1 )



 

ටෙක්සාස් මයික් ( Texas Mike ) නැමති පුද්ගලයා විසින් චිත්‍රපටයේ එන මැක්ලරන් රථය ධාවනය කරනු ලැබේ. මෙම රථය අශ්වබල 903කින් සමන්විත හයිබ්‍රිඩ් හයිපකාරයක් වේ. මැක්ලරන් සමාගම විසින් මුළු ලොවටම රථ 375ක් පමණක් නිශ්පාදනය කරනු ලැබූ අතර මෙම රථයේ උපරිම වේගය ලෙස සදහන් වන්නේ 217mphක වේගයකි.


ස්පානියා  ජීටීඒ (spania GTA)




ජොනී V නැමැත්තා ධාවනය කරන කහ පැහැති මෝටර් රථය GTA spano මාදිලියට අයත් රථයක් වේ. (මෙම රථය පිළිබද ඇත්ත වශයෙන්ම මමද එතරම් කරුණු නොදැන සිටි අතර මදක් අන්තර්ජාලයේ සොයාබැලීමකින් පසුව මෙම සටහන ලියන ලදී.) මෙම මෝටර් රථය ස්පාඤ්ඤ  මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන spania GTA සමාගම විසිනි. මෙම රථය ලීටර 8.3 ටර්බෝ චාජර දෙකකින් සමන්විත V10 වයිපර් එන්ජිමකින් සමන්විත බව සදහන් වේ.

 

කොයිනිග්සෙග් ඇගීරා ආර් ( Koenigsegg Agera R )




චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ටෝබි මාශල් ( Tobey Marshel ) තරගය සදහා භාවිතා කරනු ලබන්නේ මෙම රථය වේ. ස්වීඩනයේ කොයිනිග්සෙග් සමාගම විසින් නිශ්පාදනය කරන ලද මෙම මාදිලියෙන් රථ 2010 සිට 2018 දක්වා කාලසීමව තුල රථ නිශ්පාඅදනය කල බව සදහන් වේ. මෙම රථය සදහා භාවිත කර තිබෙන්නේ අශ්වබල 947ක් නිපදවන ටර්බෝ චාජර දෙකකින් සමන්විත V8 එන්ජිමක් වේ.

 

අවසාන තරගයේ මම දු‍ටු ගැටළු.

1.     බුගාටි රථයේ


අප දන්නා පරිදි බුගාටි සමාගම ලොව වේගවත්ම මෝටර් රථ නිශ්පාදනය කිරීමට කටයුතු කරනු ලබන සමාගමක් වේ. බුගාටි මමාගම නිශ්පාදනය කරන රථ බොහොමටක උපරිම වේගය ලබාගැනීම සදහා උපරිම වේග යතුර අනිවර්ය වේ. මෙම යතුර යෙදූ පසු රථ සහ පොළොව අතර පරතරය අවම කරගෙන ස්පොයිලරම මදක් පමණක් ඉහලට එසවී ඉතා හොද සහ පහසු වායුගතිකයක් ලබාදී සිදු කරණු ලැබේ. නමුත් චිත්‍රපටයේදී රථය ධාවනය කරනු ලබන්නේ සාමාන්‍ය ආකාරයෙන් වේ.

 

2.     මැක්ලරන් රථයේ

මෙම රථය ලොවට හදුන්වාදී වසරක් පමණගතවී තිබිණි. මෙම රථයේද ධාවන ආකාර කිහිපයක් දක්නට ලැබෙන අතර ක්‍රීඩා ආකාරය ( Sport mode ) ඉන් විශේෂ වේ. මෙය තරග සදහා ධාවනය ඇති ආකාරය වන අතර මෙමගින් රථය සහ පොළොව අතර පරතරය අවම කරගෙන රථයේ ස්පොයිලරය සම්පූර්ණයෙන්ම ඉහලට නමුත් මෙම රථයද ධාවනය කරනු ලබන්නේ සාමාන්‍ය ආකාරයේ වේ.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම සදහා ප්‍රධාන පි‍ටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.

ඒවගේම අපගේ facebook පි‍ටුව සමගද එකතුවන්න අමතකරන්න එපා. 

https://www.facebook.com/profile.php?id=100069833567253

 

Comments

Post a Comment