2012 වසර හා 2014 වසර අතර කාලවකවාකානුව තුල හදුන්වා දුන් මෙම හයිබ්‍රිඩ් හයිපර් කාර් ත්‍රිත්වය පිළිබද විශාල කතාබහක් ඇතිවිය. මින් වඩාත්ම වේගවත් රථය කුමක්ද , වඩාම වටිනා රථය කුමක්ද යන්න පිළිබදව බොහෝ දෙනා උනන්දුවක් දැක්විය.
එමෙන්ම මෝටර් රථ එකතු කරන්නන් විසින් මෙම රථ තුනම තමාගේ එකතුවට එක් කර ගැනීම සදහාද උනන්දු විය. මේ වන විටද මෝටර් රථ එකතුකරන්නන් ඒ පිළිබදව කටයුතු කරන ලදී.
මෙම රථ අතුරින් මිල අධිකම රථය ලෙස ෆෙරාරි ලාෆෙරාරි රථය සැලකිය හැක අතර 0-60mph ක වේගයක් ලබා ගැනීමේදී රෝද හතරෙන්ම බලය ලබදෙන 918 ස්පයිඩර් රථය ඉදිරියෙන් සිටී.
උපරිම වෙගයන් අතින් සැලකූවිට ලාෆෙරාරි රථයේ 220mph මැක්ලරන් p1 රථයේ 217mph 918 ස්පයිඩර් රථයේ 214mphක උපරිම වේගයක් ලෙසද සදහන් වේ.
මෙම රථ තුන පිළිබදව විස්තර වෙනවෙනම අප සදහන් කරන ලදී. මේ රථ තුනෙන් ඔබගේ ප්‍රියතම රථය කුමක්ද?
Comments
Post a Comment