බුගාටි වෙයිරෝන් මාදිලියට අදාල අනු මාදිලි.

1. බුගාටි වෙයිරෝන් 16.4 (Bugatti Veyron 16.4)


                                        

                                   2005 වසරේදී හදුන්වා දෙනු ලැබූ වෙයිරෝන් 16.4 මාදිලිය අතීත සහ වර්තමාන බුගාටි රථවල හැරවුම් ලක්ෂය ලෙස සැලකිය හැකි වේ. මෙම රථයට අශ්වබල 1001ක් නිපදවනු ලබන සිලින්ඩර 16 කින් සහ ටර්බෝචාජර හතරකින් සමන්විත එන්ජිමක් අන්තර්ගතවන අතර රථයට 0 සිට 100kmhක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.5ක් ලෙසට සදහන් වේ. මෙහි 16.4 යන්නෙන් එන්ජිම සමන්විතවන සිලින්ඩර සහ ටර්බෝචාජර ගනන දැක්වේ.

 

2 .බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පොර්ට් (Bugatti Veyron grand sport)

                               


                             බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පොර්ට් යනු වෙයිරෝන් 16.4 ආකාරයේ රෝඩ්ස්ටෙර් ආකාරය වේ. මෙම රථය ද සිලින්ඩර 16 සහ ටර්බෝචාජර 4ක් සහිත එන්ජිමකින් සමන්විතවන නමුත් 0 සිට 100ක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.7ල් ලෙස සදහන්වේ.

                                                     


 

3. බුගාටි වෙයිරෝන් සුපර් ස්පෝර්ට් (Bugatti Veyron super sport)

                                                     


                          වෙයිරෝන් සුපර් ස්පොර්ට් මාදිලිය යනු 16.4 මාදිලියේ වැඩිදියුණු කල මාදිය ලෙසට සැලකිය හැක. මෙම රථද සිලින්ඩර 16ක් සහ ටර්බෝචාජර හතරකින් සමන්විතවන අතර එමගින් අශ්වබල 1200ක් නිපදවන ලබනු අතර 0 සිට 100kmh ක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.5 ලෙසටද සදහන්වේ. මෙම මාදිලියේ උපරිම වේගය ලෙස 415kmhක් ලෙසට සදහන්වූ නමුත් බුගාටි සමාගම විසින් ඊට වැඩි වේගයක්(431.072kmh) ලබා ගනිමින් ගිනස් ලෝක වාර්ථාවක් පිහි‍ටුවීමටද කටයුතු කරන ලදී.

 

4 .බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පෝර්ට් විටෙස් (Bugatti Veyron grand sport vitesse)

                                                         


                            වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පොර්ට් විටෙස් යනු වෙයිරෝන් සුපර් ස්පොර්ට් මාදිලි යේ වහලය ඉවත්කල හැකි (Open top roadster) ආකාරය වේ. මෙම රථයටද වෙයිරෝන් සුපර් ස්පොර්ට්හි මෙන් අශ්වබල 1200ක් නිපදවිය හැකි 16.4 එන්ජිමකින් සමන්විතවන අතර0 සිට 100kmhක වේගයක් ලබාගැනීමට ගතවම කාලය තත්ත්පර 2.6කි. Vitesse යනු ප්‍රංශ භාෂාවෙන් වේගය යන්න වන අතර මෙම මාදිලිය ලොව එවකට පැවති බලසම්පන්නම හා වේගවත්ම රෝඩ්ස්ටර් රථය ලෙසටද සැලකිනි.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම සදහා ප්‍රධාන පි‍ටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.

facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

instagram  https://www.instagram.com/supercarwisthare/

 

 

Comments