2016 වසරේදී ලැම්බ්ගිනි සමාගම විසින් හදුන්වා මෙම මාදිලිය හදුන්වා දීමට හේතුව වන්නේ ලැම්බොගිනි සමාගමේ නිර්මාතෘ වන ෆෙරුසියෝ ලම්බොගිනිගේ 100 වන උපන්දිනය වෙනුවෙනි. මෙම මාදිලියෙන් රථ 40ක් නිශ්පාදනය කිරීමට ලැම්බොගිනි සමාගම කටයුතු කල අතර ඉන් රථ 20ක් කූප් (වහලය සහිත) ආකාරයේ වන අතර ඉතිරි 20 රෝඩ්ස්ටර් (වහලය රහිත) ආකාරයට අයත්වේ.
චෙන්ටනාරියෝ රෝඩ්ස්ටර් ආකාරයේදීද වෙනීනෝ රෝඩ්ස්ටර් ආකාරයේ මෙන්ම
රථයට
වහලයක් සමාගම විසින් නිර්මානය කරනු නොලැබේ. (අනෙකුත් බොහොමයක් රෝඩ්ස්ටර් ආකාරවලදී
රථයේ වහලය ඉවත් කිරීමට සහ සවිකිරීමට හැකිවන අති නමුත් මෙම මාදිලි වලදී එය දක්නට නොලැබේ.).
මෙම
රථයට අන්තර්ගත කර තිබෙන්නේද V12 එන්ජිමක් වන අතර එමගින් අශ්වබල 760ක් නිපදවනු ලැබේ. 0
සිට
100kmhක වේගයක් ලබාගැනීමට ගතවන කාලය තත්ත්පර 2.8
ලෙස
සටහන් වන අතර රථයේ උපරිම වේගය ලෙස සදහන් වන්නේ 217kmhක වේගයක් වේ.
ලැම්බොගිනි සමාගම විසින් රෝඩ්ස්ටර් ආකාරයෙන් රථ 3ක් හා කූප් ආකාරයෙන් රථ 3ක් කාබන් ෆයිබර් වලින් නිපදවනු ලැබූ අතර
ඒ සදහා ඇමරිකනු ඩොලර් 250 000 (රුපියල් කෝටි 5)
ක අමතර
මුදලක් අයකරන ලදී. එමෙන්ම රෝඩ්ස්ටර් ආකාරයේ රථයක මිල කූප් ආකරයේ රථයක මිලට වඩා ඩොලර්
250 000 (රුපියල් කෝටි 5) කින් වැඩිවිය.
මෙම රථයේ පෙනුම ඊට පෙර නිර්මාණය කල මාදිලිවලට වෙනස් ආකාරයකින් කිරීමට ලැම්බොගිනි
සාමාගම කටයුතු කර තිබෙනු දක්නට ලැබේ. මෙම රථයේ ඇලෝවීල් වල දක්නට ලැබෙන කාබන් ෆයිබර්
තල මදක් රෙවන්ටන් රථයට සමානයැයි සැලකිය හැකිවේ. මෙම රථයේ කැපී පෙනෙන අංගයක් ලෙස රථයේ පිටුපස ඩිෆියුසරය
දැක්විය හැක. ප්‍රමාණයෙන් විශාලව හා තියුණු හැඩයකින් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙන
අතර මෙමගින් වායු ගමන් ගන්නා (Air flow) ආකාරය භාවිතයෙන් රථයේ ස්ථාවරත්වය වැඩි
කොට තිබේ. රථයේ දුම් පද්ධතියට අදාල දුම් කවුලු තුන එම ඩිෆියුසරයේ
පහළින් මැදට වන්නට පිහිටා තිබේ.
මෙම රථයට ඇවන්ටඩෝ මාදිලියේ මෙන්ම සිසර් ආකාරයේ දොරවල් අන්තර්ගත කිරීමට
ලැම්බොගිනි සමාගම කටයුතු කර තිබේ. රථයේ ඇතුලත බොහොමයක් මාදිලිවලට සමානව නිර්මාණය
කර ඇතිමුත් බොහෝ මාදිලිවල දක්නට නොලැබෙන ආකාරයේ විශාල පාලක තිරයක් මෙහි දක්නට ලැබේ.
එමෙන්ම පිටුපස බලන කණ්ණාඩිය ඉදිරිපසින් සහ රියදුරු සහ මගී අසුන් දෙක අතරට වන්නට කුඩා
ප්‍රමාණයේ කැමරා දෙකක් දක්නට ලැබේ. මෙම කැමරා අන්තර්ගත කිරීමේ ප්‍රධාන අභිලාශයක් ලෙස
ධාවන පථවල ධාවනයේදී සිදුවන අඩුපාඩු සහ වැරදීම් පරීක්ෂා කර නිවැරදි කර ගැනීමට පහසුවීමක්
ලෙසටය.
මෙම රථයේ ද Strada, Sport, Corsa (සමාන්‍ය,
ක්‍රීඩා,
ධාවන
පථ) ධාවන ආකාර තුනම පවතින නමුත් අනෙකුත් බොහොමයක් මාදිලිවල මෙන් ඒවා මාරු
කිරීමත් සමග රථයේ වේගමාපකයේ වෙනස් වීමක් සිදුනොවේ. චෙන්ටනාරියෝ මාදිලියේ තවත් විශේෂාංගයක්
ලෙස රථයේ Active spoilerය දැක්විය හැක. මෙය රථය ගමන් ගන්නා වේගය අනුව ස්වයංක්‍රීයව
උස වෙනස් කර ගැනිමින් වැඩි වායු තෙරපුමක් ලබා දීමට නිර්මාණය කර තිබෙන අතර එයා ධාවකයාට
අවශ්‍ය පරිදි පාලනය කිරීමට අදාල බොත්තමක්ද රථයේ පාලක පුවරුවේ අන්තර් ගත කිරීමට ලැම්බොගිනි
සමාගම විසින් කටයුතු කර තිබේ.
මෙම රථයේ මිල ඇමරිකානු ඩොලර් මිලියන 2ත් 2.5ත් (මෙරට බදු රහිතව රු කෝටි 40ත් 50 ත්) අතර අගයක් ගත් බව සැලකෙන අතර රථ සියල්ලම
මේවන විට විකිණී අවසන්ව ඇත. නමුත් භාවිත කරන ලද රථයක් මිලදී ගැනීමේ හැකියාව පවතින අතර
මෙය සීමිත මාදිලි රථයක් බැවින් රථයේ මිල ඉහත අගයට වඩා වැඩිවීමේ හැකියාවක් පවති.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම
සදහා ප්‍රධාන පිටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment