රු: කෝටි 360කට අධික, ලොවට එකක් ලෙස නිපදවූ බුගාටි ලා වචුවර් නෝආර් රථය. (bugatti la voiture noire in sinhala.)

                                                                                                                        



ප්‍රංශ මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන බුගාටි සමාගම විසින් 2019 වසරේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සදහා හදුන්වා දුන් මෙම රථය අශ්වබල1500ක් නිපදවන ටර්බෝ චාජර 4ක් සහිත W16 එන්ජිමකින් සමන්විත වේ.මෙම රථය 0 සිට 60mph ක වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්ත්පර 2.5 ලෙස සටහන් වන අතර රථයේ උපරිම වේගය 251mphක් ලෙස සදහන් වේ.

                                                                     


          මෙම රථය නිර්මාණය කිරීමට හේතුව වන්නේ, බුගාටි සමාගමේ නිර්මාතෘ වන එටෝරේ බුගාටිගේ වැඩිමහල් පුත්‍රයා වන ජේන් බුගාටි විසින් නිර්මාණය කරනු ලැබූ ආකෘතියට අනුව නිපදවනු ලැබූ ඔහුගේ ප්‍රියතම මෝටර් රථය වන ටයිප් 57SC ඇට්ලෑන්ටික් (Type 57SC atlantic ) රථය සිහිවීම පිනිස වේ. මෙම මාදිලියෙන් රථ 4ක් නිපදවා තිබෙන අතර ඉන් මෙම කළු පැහැති රථ දෙවන ලෝක යුධ සමයේදී අතුරුදහන්වී තිබේ. එමෙන්ම ප්‍රංශ බසින් යනු කළු කාරය යන්න වේ. මෙම වන විට එම අතුරුදන් වූ රථයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 100කට (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි2000කට) වඩා වැඩි මුදලක් ලෙස ගණන් බලා තිබේ.

                                                      

මෙම රථය නිර්මාණය කරමින් පවතින අතරතුරදීම පාරිභෝගිකයෙකු විසින් පැමිණ රථය මිලදීගෙන තිබේ. සමහර පුද්ගලයින් විසින් ලෝකප්‍රකට පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් මිලදීගත් බව සදහන් කරනමුත් ඒ පිළිබද පැහැදිලි සදහනක් නොමැති අතර බුගාටි සමාගම විසින්ද පාරිභෝගිකය පිළිබද කරුණු ඉදිරිපත් කර නොමැත.

                                                               


මෙම රථය පෙනුමින් අනෙකුත් බුගාටි මාදිලිවලට වඩා වෙනස් වන ආකාරයට නිර්මාණය කර තිබෙන නමුත් ඉදිරිපස අශ්වලාඩම් හැඩති ග්‍රිල් එක අන්තර්ගත කිරීමට බුගාටි සමාගම් විසින් කටයුතු කර තිබේ. රථයේ පි‍ටුපස කොටස සැලකූ විට දෙපසින් වක්‍රව තනි තීරුවක් ලෙසට ඇති නැවතුම් ලාම්පු කැපී පෙනන අංගයක් ලෙසට සැලකිය හැකි අතර මෙම රථයට දුම් කවුළු 6ක් අන්තර්ගත කිරීමද කැපීපෙනෙන්නකි.

 

කෙසේ නමුත්මෙම රථය ලොවට ඉදිරිපත් කරන අවස්ථාවේදීද මෙම රථයේ interior නිර්මාණ කටයුතු අවසන් කර නොතිබුණු අතර රථයේ හිමිකරුට ඒය ධාවනය සදහා තවත් කල් ගතවනු ඇති බවටද බුගාටි සමාගම් විසින් සදහන් කරන ලදී.


මෙම රථයේ වටිනාකම ආසන්න වශයේන් ඇමරිකානු ඩොලර් මිලියන 18.9 ලෙස (ඹෙරට බදු රහිතව ආසන්න වශයෙන් රි කෝටි  380ක්) ලෙස ගණන් බලා තිබේ.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Comments