ලොවටම රථ 40ක් පමණක් නිපදවනු ලැබූ බුගාටි ඩිවෝ රථයේ විස්තරය.

 


2019 වසරේදී බුගාටි සමාගම විසින් ලොවට හදුන්වා දෙනු ලැබූ බුගාටි ඩීවෝ රථය ඉතා සීමිත හයිපර්කාරයක් ලෙස සැලකිය හැක. බුගාටි චිරෝන් මාදිලිය අනුරූප කරගෙන නිර්මාණය කර තිබෙන මෙම රථයේ අංග ගණනාවක් සමාන්‍ය චිරෝන් මාදිලියට වඩා වෙනස්ව අන්තර්ගත කර තිබේ. බුගාටි චිරොන් මාදිලියේ මෙන්ම අශ්වබල 1500 නිපදවන ටර්බෝ චාජර 4ක් සහිත W16 එන්ජිමකින් සමන්විත මෙම මාදිලියෙන් මුළු ලොවටම නිර්මාණය කරනු ලැබුවේ රථ 40ක් පමණි.

 

මෙම රථය නිර්මාණය කිරීමේදී වැඩි වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ රථයේ උපරිම වේගයට වඩා රථය භාවිතයේ පහසුව සහ වැඩි වායුතෙරපුමක් ඇති කිරීමට වේ. මෙබැවින් රථයේ උපරිම වේගය 380kmh ලෙසට බුගාටි සමාගම විසින් සදහන් කර තිබෙන අතර රථය 0 සිට 100kmh ක වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්ත්පර 2.4 ලෙසටද සදහන්වේ.

                                                             


මෙම මාදිලියේද බොහොමයක් සාම්ප්‍රදායික ලෙස අශ්වලාඩම් හැඩති ඉදිරිපස ඩ්‍රිල් එක දක්නට ලැබේ. රථයේ ප්‍රධාන ලාම්පුවට අමතරව සුදු පහැති Running light ද ප්‍රධාන ලාම්පුවේ පහළ සිට ඉහළට විශේෂ හැඩයකින් අන්තර්ගත කර තිබේ. 

                                                                   


රථයේ ඉදිරිපස රෝදවලට ඉහළින් (Front fenders) වා කවුළු (Louvers) අන්තර්ගත කර තිබේ. 


                                                                 


         

ඊට අමතරව රථයේ දොරවල් වල පහල කොටස වාතය ගමන් කිරීම පහසුවන ආකාරයට නිර්මාණය කර තිබේ. මෙවැනි අංග ගණනාවක් මගින් රථය මත වාතෙරපුම වැඩිකර රථයේ ස්ථාවරත්වය පවත්වාගැනීම පහසු කොට තිබේ.  

                                                                   


බුගාටි වෙයිරෝන් සහ චිරොන් මාදිලිවල විශේෂ අංගයක් ලෙස උපරිම වේග යතුරක් ඩිවෝ මාදිලිය සදහා එය අන්තර ගත කිරීමට බුගාටි සමාගම විසින් කටයුතු කර නැත.  රථයේ ඇතුළතද  චිරොන් මාදිලියටම සමාන වන්නට නිර්මාණය කිරීමට බුගාටි සමාගම විසින් කටයුතු කර තිබෙන අතර එහි බොහොමයක් කොටස් නිපදවීම සදහා භාවිත කර තිබෙන්නේ සැහැල්ලු අමුද්‍රව්‍ය වන ඇල්කන්ටාරා සහ කාබන් ෆයිබර් වේ. මෙම මාදිලියෙන් ඉතා සීමිත රථ ගණනක් නිර්මාණය කල බැවින් පාරිභෝගිකයන් හට තමාගේ රථයේ කොටස්වලට අදාළ වර්ණ ‍තෝරා ගැනීමේ අවස්ථාව බුගාටි සමාගම විසින්  ලබා දෙන ලදී.

                                                                    


මෙම රථයේ පි‍ටුපස කොටස සැලකූ විට එහි ස්ථාවර ස්පොයිලර්යක් (Fixed in spoiler) දක්නට ලැබෙන අතර රථයේ පි‍ටුපස බල්බ (Tail lights) ඉතා සිත් ඇදගන්නා ආකාරයට නිර්මාණය කර තිබේ. එය කුඩා ප්ලාස්ටි කැබලි වලින් සමන්විත නිර්මාණයක් ලෙසට පෙනෙන අතර එම ආලෝක බල්බ දැල්වෙන්නේද එම ආකාරයටම වේ. මෙම රථයේ පි‍ටුපස ඩි‍ෆියුසරය නිර්මාණය කිරීමේදීද වායු ගතිකය ගැන වැඩි අවධානයක් යොමු කිරීමට බුගාටි සමාගම විසින් කටයුතු කර තීබේ.

 

මෙම රථය හදුන්වා දෙනු ලැබූ අවස්ථාවේ රථයේ මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5.8ක (මෙරට බදු රහිතව ආසන්න වශයෙන්  රුපියල් කෝටි 116ක) පමණ මිලක් නියම වූ බව සදහන් වන අතර නිර්මාණය කරනු ලැබූ රත ගණන සීමිත බැවින් මෙම මාදිලියේ රථයක මිල වඩාත් ඉහල ගොස් ඇත.


මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම සදහා ප්‍රධාන පි‍ටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

Comments