බ්‍රිතාන්‍ය මෝටර් රථ නිශ්පාදන සමාගමක් වන මැක්ලරන් සමාගම විසින් 2013 වසරේදී ඉදිරිපත් කල හයිබ්‍රිඩ් හයිපකාරය වන
P1 මාදිලිය
පිළිබද විස්තරයක් මීට පෙර අප ඉදිරිපත් කරන ලදී. මැක්ලරන්
P1 GTR යනු සාමාන්‍ය P1 මාදිලියේ වැඩිදියුණු කරනු ලැබූ සහ ධාවනපථ
සදහා භාවිතයට පමණක් නිර්මාණය කරනු ලැබූ විශේෂ මාදිලියක් වේ.
එමෙන්ම
මෙම මාදිලිය සාමාන්‍ය මාදිලියට වඩා දුර්ලභ වන අතර මුළු ලොවටම නිර්මාණය කරනු ලැබුවේ
රථ 58ක් පමණි.
P1 රථය හා සැලකූ විට P1 GTR රථය අශ්වබල 83කින් වැඩිපුර බලසම්පන්න වන අතර වැඩි වාතෙරපුමකින් ද යුක්ත වේ.
මෙම
රථයද ටර්බෝ චාජර දෙකකින් සමන්විත V8 එන්ජිමක් සහ විද්‍යුත් මෝටරයකින් සමන්විත
අතර එමගින් අශ්වබල 986ක් නිශ්පාදනය කරනු ලැබේ.
මෙම රථයද පෙනුමෙන් P1 රථයට බොහෝදුරට සමාන වන නමුත්
P1 රථයේ
දක්නට නොලැබෙන අංග ගණනාවක් මෙම රථයට අන්තර්ගත කර තිබේ. මෙහි ඉදිරිපස ස්පිටරය (Spliter) ඉන් කැපී පෙනෙන ලක්ෂණයකි.
කාබන් ෆයිබර් භාවිතා කර නිර්මාණය කර තිබෙන මෙය ප්‍රමාණයෙන් මදක් විශාල වේ. එමෙන්ම මෙහි
ඇති ස්පොයිලරය P1 රථයේ මෙන් ක්‍රියාකාරී ස්පොයිලරයක්
(Active spoiler) නොවන අතර එය නිර්මාණය කිරීමටද කාබන් ෆයිබර් භාවිතා
කිරීමට මැක්ලරන් සමාගම විසින් කටයුතු කර තිබේ.
ඉහතදී සදහන් කල පරිදි මෙය ධාවනපථ වල භාවිතයට පමණක් නිර්මාණය කරනු ලැබූ රථයක් වුවද ලන්සාන්ටේ සමාගම විසින් මෙම රථ සාමාන්‍ය මාර්ගවල ධාවන කල හැකිවන පරිදි සැකසීමට කටයුතු කරන ලදී. මෙබැවින් සමහර P1 GTR රථ හිමිකරුවන් ලන්සාන්ටේ සමාගම ඔස්සේ තමාගේ රථ මාර්ගයේ ධාවනයට අනුකූල තත්වයට පත් කර ගන්න ලදී. රථයේ ඇතුළත (Interior) නිර්මාණය කර තිබෙන ආකාරය සැලකූ විට ධාවන තරගවලදී ධාවකයාගේ අවධානය ඉතා වැදගත් බැවින් භාවිතයේ පහසුව උදෙසා සාමාන්‍ය රථයේ විවිධ ස්ථාන වල දක්නට ලැබුණු බොත්තම් ගණනාවක්ම රථයේ සුක්කානමට අන්තර්ගත කිරීමට මැක්ලරන් සමාගම කටයුතු කර තිබේ. මෙහි අන්තර්ගත කර තිබෙන්නේද ධාවන තරග සුක්කානමක් වන අතර මාර්ගයේ ධාවනය සදහා අනුකූල කල රථවල් වල සාමාන්‍ය ආකාරයේ සුක්කානමක් සම්බන්ධ කිරීමේ හැකියාවද පවතී.
සුක්කානමේ මැදට වන්නට පිහිටා තිබෙන කරකැවිය හැකි ස්විච දෙක පළමුවන ඇස
ගැටෙන අංගයක් වේ. P1 රථයේ මෙම ස්විච දෙක
P සහ
H ලෙස නම් කර තිබුනද මෙහි ඒවා
E සහ
H ලෙස නම් කර තිබේ.මෙහි E
ලෙස
නම් කර ඇති ස්විචය ට්‍රැක්ශන් කන්ට්‍රෝල්හි ක්‍රියාකාරීත්වයටද H
යන්න
සාමාන්‍ය පරිදි හැඩලින් යන්නටද නම්කර තිබේ. සාමාන්‍ය, ක්‍රීඩා, රේස් (Normal, Sport,
Race) යන තෝරාගත හැකි ධාවන ආකාර වෙනුවට මෙහි තෙත්, ධාවනපථ සහ රේස් (Wet,
Track, Race) යන ආකාරවන අතර මෙම රථයේදීද ධාවන ආකාරය තෝරාගැනීමට ප්‍රථම ඊට ඉහළින් පිහිටි
බොත්තම ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යවේ.
එම ස්විච දෙකට පලට වන්නට ලොන්ච් (Launch) සහ බූස්ට්
(Boost) සදහා වන බොත්තම් දෙක අන්තර්ගත වන අතර සුක්කානමේ ඉහලටම වන්නට
DRS සහ IPAS බොත්තම් දෙක අන්තර්ගත කර තිබේ. මෙම IPAS බොත්තම මගින් රථය එකවර වැඩි වේගයක් ලබා
ගැනීමට උත්සහ කිරීමේදී විද්‍යුත් මෝටරය මගින් අමතර ජවයක් ලබාදීම සිදු කරන අතර
DRS රථය වංගුසහිත මාර්ග වල ධාවනය කිරීමේ පහසුව ලබා දීම සිදු කරනු ලැබේ.
රථයේ සුක්කානමේ වම්පස පහලටම වන්නට E-mode සහ Charge බොත්තම් දෙක පිහිටා තිබේ.
ඊට අමතරව
රථය පණගැන්වීමට , නළාව (Horn) කිරීම සදහා අවශ්‍ය බොත්ත්ම්ද සුක්කනමටම අන්තර්ගත කර තිබේ.
E-mode ලෙස සටහන් බොත්තම මගින් රථයේ දහන එන්ජිමේ
ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නතරකර විද්‍යුත් මෝටර් මගින් ජනනය කරනු ලබන විද්යුත්
බලයෙන් පමණක් රථය ක්‍රියාත්මක කිරීම සිදුවන අතර Charge යන බොත්තම මගින් රථය දහන එන්ජිම මගින්
ක්‍රියත්මක වන විට විද්‍යුත් මෝටර් ක්‍රියත්මක කිරීමට අවශ්‍ය විදුලිය ජනනය කර රථයේ
බැටරියේ ගබඩා කිරීම සිදු කරනු ලබයි. මෙම රථයද හයිබ්‍රිඩ් රථයක් බැවින් රථය විද්‍යුත්
ආරෝපණය කලයුතු වන අතර එයට මෙන්ම ඉන්ධන සැපයීමට රථයේ මෙන්ම රථයේ වහලයෙන් ඉඩකඩ ලබා ගෙන තිබේ.
(මෙම වීඩියෝවෙහි දැක්වෙන්නේ සාමාන්‍ය P1 රථයක් බව සලකන්න.)
රථයේ කාබන් ෆයිබර් ස්පොයිලරය ඇත්ත වශයෙන්ම කැපීපෙනෙන අංගයකි. බොහොමයක්
රථවල දක්නට ලැබෙන ස්පොයිලර් වලට වඩා ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කර තිබෙන මෙය ඉතා
හොද වාතෙරපුමක් ලබා දෙන බව සැලකිය හැකි වේ. එමෙන්ම මෙම රථයෙහි පිටුපස කොටස ඉතාමත්
විවෘත ආකාරයක් ලෙසට නිර්මාණය කර ඇති අතර මෙලෙස නිර්මාණය කිරීමට හේතුව රථයේ ස්කන්ධය
අඩු කිරීමට යැයි සිතිය හැක. මෙම මාදිලියේ මාර්ගයේ ධාවනය සදහා නීත්‍යානූකූල ලෙස නිර්මාණ්ය කරනු ලැබූ රථයක් ආසන්න වශයෙන් ඇමරිකානු ඩෝලර් මිලියන 3.5ත් 4ත් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රුපියක් කෝටි 70ත් 80ත්) අතර වන බවද සදහන් වේ.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම
සදහා ප්‍රධාන පිටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment