1.පගානි සමාගම
පගානි සමාගම විසින් හුවයිරා මාදිලිය වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ බොහොමයක් මෝටර් රථවල දක්නට නොලැබෙන ආකාරයක් වේ. හුවයිරා මාදිලි සදහා නිර්මාණය කරනු ලැබූ යතුරු ප්‍රමාණයෙන් විශාල වන අතර හැඩයෙන් රථයට සමානවන ලෙස නිර්මාණය කිරීමට පගානි සමාගම විසින් කටයුතු කර තිබේ. මෙම යතුරේ ඉදිරිපස කොටස කොපුවක් වැන්නක් වන අතර එය ගලවා ඉවත්කල හැකි අතර පිටුපස කොටසට යතුර සම්බන්ධ කර තිබේ.
පාගනි සමාගම විසින් හුවයිරා මාදිලිය සදහා මෙම ආකාරයේ විශේෂ යතුරක් නිර්මාණය කර තිබුනද සොන්ඩා මාදිලියේ රථ සදහා නිර්මාණය කර තිබෙන්නේ ඉතා සරල සාමාන්‍ය යතුරු වේ.
2. කොනිග්සෙග් සමාගම
කොනිග්සෙග් සමාගම සමාගම විසින් තමා නිශ්පාදනය කරනු ලැබූ රථ වල යතුරු සදහා
භාවිත කර තිබෙන්නේ සාමාගමේ ලාංඡ්නයේ හැඩයට සමාන යතුරක් වේ.
කොනිග්සෙග්
CCX, Agera R, One වැනි බොහොමයක් රථ සදහා සමාගමේ ලාංඡනයේ හැඩයම වන
අතර එහි පිටුපස රථය Lock කිරීමට සහ Unlock කිරීමට අවශ්‍ය බොත්තම් දෙක අන්තර්ගත කර
තීබේ.
නමුත් කොනිග්සෙග් Regera, Jesko වැනි රථවල යතුරේ පිටුපස කොටස වෙනස් වේ. එහි රථය Lock සහ Unlock කිරීමට අමතරව රථයේ ඉදිරිපස ට්‍රන්ක් එක, පිටුපස එන්ජින් ආවරණය, වම්පස දොරටුව, දකුණුපස දොරටුව, රථයේ ඉදිරිපස ලාංඡනයට ආවරණය වී ඇති කැමරාව ක්‍රියාත්මක කිරීමට සහ ගෝස්ට් ආකාරයට (මෙම ආකාරයේදී රථයේ සියළුම කොටස් විවෘතවේ.) පත් කිරීමට අවශ්‍ය බොත්තම්ද අන්තර්ගත කර තිබේ.
මෙහිදී හයිඩ්‍රොලික් තාක්ෂණය භාවිතවන බැවින් මේවාවා ස්වයංක්‍රියව විවෘත වීම සිදුවේ.
3. බුගාටි සමාගම
බුගාටි සමාග විසින් තම මෝටර් රථ සදහා යතුරු ඉතා සරල නිමාණය කිරීමට කටයුතු
කර තිබෙන අතර සෘජුකෝනාස්‍රාකාර හැඩති එහි Lock සහ Unlock බොත්තම් වලට අමතරව තවත් එක් බොත්තමක් දක්නට
ලැබේ. එමගින් යතුර එළියට පැමිණෙන අතර එය වෙයිරෝන් වැනි පරණි මාදිලිවලදී භාවිත කෙරේ.
එම යතුරට අමතරව වෙයිරෝන් සහ චිරෝන් මාදිලිවලට ලැබෙන උපරිම වේග යතුර
(Top speed key) ගැනද සදහන් කල යුතුවේ. වෙයිරෝන් සහ චිරෝන් මාදිලිවල සම්පූර්ණ අශ්වබල
1001 හෝ 1200 හෝ 1500 සාමාන්‍ය යතුර භාවිතයෙන් පමණක් ලබා ගත
නොහැකි වන අතර ඒ සදහා මෙම උපරිම වේගයතුර අවශ්‍ය වේ.
4. ලැම්බොගිනි සමාගම
බුගාටි සමාගම මෙන්ම ලැම්බොගිනි සමාගමද අයත් වන්නේ වොක්ස්වැගන් සමූහයට
බැවින් නිසාදෝ ලැම්බොගිනි ගලාඩෝ වැනි රථවල දක්නට ලැබෙන්නේ හැඩයෙන් පමණක් මදක් වෙනස්
ක්‍රියාකාරීත්වය සමාන යතුරක්ම වේ.
නමුත් ඇවන්ටඩෝ මාදිලියේ නිශ්පාදන සමාගය එය වෙනස් වූ අතර එහි රථය
Lock Unlock සහ රථයේ ඉදිරිපස ට්‍රන්කය
Unlock කිරීමේ බොත්තමද දැක ගත හැකිවේ.
මෙම රථවල දොරවල් ඉලෙක්ට්‍රොනි තාක්ෂණය භාවිත කරන බැවින් යතුරේ බැටරිය
නොමති විට රථයේ දොර විවෘත කර ගැනීම සදහා යතුරක් එය තුළට වන්නට සවිකර තිබෙන අතර එම යතුර
යෙදිය යුතු ස්ථානය මාදිලියෙන් මාදිලියට වෙනස් වේ.
5. ෆෙරාරි සමාගම
ෆෙරාරි 458 මෙන්ම ෆෙරාරි ලාෆෙරාරි රථ සදහාද භාවිත
කරනු ලැබුවේ. මෙම ඉතා සරල යතුර වන අතර එහිද රථසහ ඉදිරිපස ට්‍රන්කය විවෘත ක්‍රිරීමට
අදාළ බොත්තම් රථයේ පිටුපස කොටසේ දක්නට ලැබේ.
නමුත් බොහොමයක් නව මාදිලි සදහා එමයතුර දක්නට නොලැබෙන අතර යතුරු කවුළුවට
නොයොදා යතුර රථය තුළ තිබීමෙන් පමණක් රථය පණ ගැන්වීමේ හැකියාව ඇති යතුර භාවිතා කරනු
ලැබේ.
6. මැක්ලරන් සමාගම
මැක්ලරන් සමාගම සමාගම් විසින් තම රථ සදහා භාවිත කරන යතුරු තමාටම ආවේණික
හැඩයකින් නිර්මාණය කරනු ලබන අතර එහි ඉදිරිපස Lock බොත්තම සහ මැක්ලරන් ලාංඡ්නය සහිත බොත්තමක්
සහ මෝටර් රථයක හැඩය ඇදි බොත්තමක් දක්නට ලැබේ. මෙහි මැක්ලරන් ලාංඡ්නය සහිත බොත්තම රථය
Unlock කිරීමට භාවිත කරනු ලබන අතර මෝටර් රථය යෙදූ බොත්තම රථයේ ඉදිරිපස ට්‍රන්කය
විවෘත කිරීමට භාවිත කරනු ලැබේ. නමුත් මැක්ලරන් GT රථයේ එමගින් රථයේ ඉදිරිපස මෙන්ම පිටුපස
ට්‍රන්කයද විවෘත කිරීමේ හැකියාව පවතී.
සැලකිය යුතුය.
මෙහි කරුණු අන්තර්ගත කර තිබෙන්නේ පොදුවේ සලකා බැවින් සමහර මාදිලියෙන්
මාදිලියට සුළු වශයෙන් අංග වෙනස් වීම සිදුවේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment